තාක්ෂණ

ලෝකයේ වේගවත්ම බුලට් දුම්රිය චීනයෙන්

ඒ වර්ගයේ ලොව වේගවත්ම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීනයයි.

පැයට කිලෝමීටර 600 ක වේගයෙන්, එනම්, පැයට සැතපුම් 373 ක වේගයෙන් යාමට එයට හැකි ය. චීනයේ ක්වින්දාඕ වෙතින් එය පසුගියදා සිය මංගල චාරිකාවේ යෙදුණේය.

වානේ ඊ හිසක් මෙන් ඈතට දිස්වන මෙම බුලට් දුම්රිය නිපදවා තිබෙන්නේ චීන දුම්රිය සංස්ථාව විසිනි. මෙය, ලෝකයේ දැනට ඇති වේගවත්ම දුම්රිය ලෙස සලකයි.

මැග්ලෙව් තාක්ෂණය යොදාගෙන ඇති නිසා, මේ දුම්රිය ගමනේ යෙදෙන විට පෙනෙන්නේ එය රේල් පීලි මත පාවෙනවාක් මෙනි. සුපිරි වේගයට අමතරව, එහි ශබ්ද දූෂණය අවම බවත්, පාරිසරික හානි සහිත විෂ දුම් විමෝචනය අවම බවත්, වෙනත් අධිවේගී දුම්රියවලට වඩා නඩත්තු වියදම ඉතා අඩු බවත් චීනය පවසයි.

අධිවේගී සිහිනය

මෙම දුම්රියේ ආකෘතියක් මුලින්ම චීනය එළිදැක්වූයේ 2019 වසරේදී ය. ඒ වසරේදිම චීනය පැවසුවේ සිය රටේ ප්‍රධාන මෙට්‍රොපොලිටන් කලාව සියල්ල, පැය 3 කින් ආවරණය වන පරිදි දුම්රියක් නිපදවන බවයි. ඒ අනුව මේ පණ ලබා තිබෙන්නේ ඒ අධිවේගී සිහිනයයි.

‘අධි වේගය‘ චීනයේ පරම ප්‍රමුඛතාවයකි. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටේ විශාල නගර අධිවේගී රේල්ලු මගින් සම්බන්ධ කිරීම ඔවුන්ගේ න්‍යායපත්‍රවල ඉහළින්ම තිබේ.

මේ වන විට චීනයේ අධිවේගී දුම්රියක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 350 කි. සාමාන්‍යයෙන් ගුවන් යානාවක වේගය පැයට කිලෝමීටර 800-900 අතර වේ. ඒ අනුව ලොව වේගවත්ම බුලට් දුම්රිය මේ දෙක අතර මධ්‍යස්ථ වේගයක් රඳවාගෙන පාවෙමින් – පිඹගෙන යයි.

චීනයේ දැනටමත් එක් මැග්ලෙව් රේල්ලුවක් තිබේ. එමගින් ෂැංහයි හි පුදොං ගුවන් තොටුපොළ සහ ලොග්යැන්ග් සම්බන්ධ කෙරේ. සැතපුම් 19 ක මේ ගමනට ගත වන්නේ විනාඩි හතහමාරක් පමණි. පැයට කිලෝමීටර 430 ක වේගයක් මේ දුම්රියට තිබිණි.

ෂැංහයි, හැන්ග්සු, චෙන්දු සහ චොන්ග්ක්වින් වැනි පළාත් සම්බන්ධ කරමින් මැග්ලෙව් වර්ගයේ බුලට් දුම්රිය මාර්ග කිහිපයක්ම මේ වන විට ඉදිවෙමින් ද පවතියි.

 

Share

Recent Posts

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

26 mins ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

14 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

18 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago