කාලීන

කොලරාඩෝ ප්‍රාන්තයද පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරයි!

ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෙරාඩ් පොලිස් සම්මත කරන ලද පනතක් අනුව එම ප්‍රාන්තයේ පුද්ගලයකුගේ ලිංගිකත්වය වෙනස්කළ හැක්කේ යැයි සාවද්‍ය චිකිත්සා පුහුණු වන පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරන ලදී.

මෙමඟින් ඇමරිකා එක්සත් ජනපදයේ පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කෙරෙන 18 වන ප්‍රාන්තය බවට කොලරාඩෝ පත් වෙයි.

මීට දින කිහිපයකට පෙර මේන් ප්‍රාන්තයේ ද පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරන පනතක් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජැනට් මිල්ස් විසින් සම්මත කරන ලදී.

ආණ්ඩුකාර පොලිස් සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළිගන්නා අතර, තමා සම්මත කළ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ LGBT ප්‍රජා අභිමානය සමරන ජූනි මාසය තුළදීම මෙවන් පනතක් සම්මත වීම පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවත්, මෙවන් සාවද්‍ය හා අමානුෂික චික්ත්සා මෙලොවින් තුරන් කළ යුතු බවත් ය.

පසුගිය වසර කිහිපය පුරාම කොලරාඩෝ ප්‍රාන්තයේ මහජන සමුළුවේ බහුතර බලය හිමි ඩොනල්ඩ් ට්‍රම්ප් මූලික රිපබ්ලිකන් පක්ෂය මෙවන් පනතක් සම්මත කර ගැනීම නොසලකා හැර තිබූ අතර, අවස්ථා ගණනාවකදීම මෙවන් පනතක් සම්මත කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය දැරූ උත්සහය මේ වන විට සාර්ථක වී ඇත.

මෙම පනතට අනුව, මනෝසෞඛ්‍ය සැපයුම් පුද්ගලයන් හා ආයතන වලට වසර 18 ට අඩු කිසිදු පුද්ගලයකුට මෙම සාවද්‍ය චිකිත්සාව සිදු කිරීම තහනම් කොට ඇත. මේ අනුව, පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙනත් මඟකට යොමු කළ හැක්කේ, හෝ සමාන ලිංගයේ පුද්ගලයකු කෙරේ ඇතිවන ප්‍රේමණීය හෝ ලිංගික හැඟීම් අවම කළ හැක්කේ යැයි පවසා ගත් බලපත්‍රලාභී වෛද්‍යවරයකු හෝ මනෝවෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කළ ඕනෑම විශේෂඥයකු හට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇත.

බලපත්‍රලාභී මනෝවිශේෂඥයන් මෙම සාවද්‍ය චිකිත්සා ක්‍රමය පුහුණු වන්නේ යැයි හෙලිදරව් වන ඕනෑම මොහොතක බලපත්‍ර මණ්ඩලය විසින් ඔවුන් විනය පරීක්ෂණයකට යටත් වනු ඇත. එමෙන්ම පනතේ සඳහන් කරුණු වලට අනුව, මෙම සාවද්‍ය මනෝචිකිත්සාව කළ හැක්කේ යැයි ප්‍රසිද්ධ දැනවීම් පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම එරට පාරිභෝගික ආරක්ෂණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

පරිවර්තන ප්‍රතිකර්ම, නැතහොත් “කන්වර්ෂන් තෙරපි”, යනු පුද්ගලයකුගේ ලිංගිකත්වය වෙනස්කළ හැක්කේ යැයි පවසා ගත්, ආගමික, දේශපාලනික හා සංස්කෘතික පෙළඹවීම මත පුහුණු වන, ප්‍රතිඵල රහිත මනෝචිකිත්සක ක්‍රමවේදයකි. මෙය මිනිසුන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද දැඩි හානි පමුණුවන, වේදනා ගෙන දෙන, අමානුශික චිකිත්සා ක්‍රමයක් බව නූතන වෛද්‍ය පිළිගැනීමයි.

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

2 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

18 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

19 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

20 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

20 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

21 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago