පරිසර

සත්ව ලෝකයේ හොඳම කොමඩි ඡායාරූප – විල්පත්තුවේ ටැංගෝ නටන උරගයෝ සහ තවත් කතා

 Wild Comedy life Photography Awards 2018

මෙම ඡායාරූප තරගය සඳහා ලෝකයේ නන්දෙසින් ඡායාරූප දහසකට වඩා ඉදිරිපත් වූ අතර, මුල් ස්ථාන දිනාගත් ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ විල්පත්තුවේදී විදේශිකයෙකුගේ කැමරා ඇසට හසුවූ උරගයන් දෙදෙනෙකුගේ ද ඡායාරූපයක් ඇත. එයට නම යොදා තිබෙන්නේ ‘විල්පත්තුවේදී ටැංගෝ නැටුම් නටන උරගයෝ‘ යනුවෙනි.

පහත දැක්වෙන්නේ මෙම ඡායාරූප තරගයේ ජයග්‍රාහී ඡායාරූපයන් ය.

විලම්බීත වූ ලේනා

මෙහි මුල් තැන දිනාගත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මේරි මැක්ගොවාන් විසින් කාච ඇසට හසුකරගත් Caught in the Act නමැති පහත ඡායාරූපයයි.

එහි දැක්වෙන්නේ විලම්බීත වූ  ලේනෙකි. මෙය හොඳම ඡායාරූපයට අමතරව People’s Choice සහ Creatures of the Land සම්මානය ද දිනාගත්තේය. 

Image copyright – MARY MCGOWAN/CWPA/BARCROFT IMAGES

ඇස් ලොකු කළ බකමූණා

ෂේන් කීනා විසින් ලබාගත් මේ ඡායාරූපය Creatures of the Air – ගුවනේ පියාඹන සත්තු කාණ්ඩය යටතේ ජයග්‍රහණය කළේය.

Image copyright- SHANE KEENA/CWPA/BARCROFT IMAGES

කැමරාවට සිනාසෙන මෝරා

ටාන්යා හූපමන් විසින් ‘මුහුද යට‘ Under the Sea කාණ්ඩය යටතේ කැමරාවට සිනාසෙන නිල් මෝරෙකු නිසා ජයග්‍රහණය කළාය. 

Image copyright – TANYA HOUPPERMANS/CWPA/BARCROFT IMAGES

තමන් ගැනම මවිත වූ බකමූණා

ඉන්දියාවේ කපුර්තාලාහිදී තමන් ගැනම පුදුම වුණු බකමූණෙකු කැමරා ඇසට හසුකරගෙන තිබුණේ අෂ්දීප් සිං නමැති ඡායාරූප ශිල්පියා විසිනි. කණිෂ්ඨ කාණ්ඩයේ Junior Award ජය ඔහුට හිමිවිය.
Image copyright – ARSHDEEP SINGH/CWPA/BARCROFT IMAGES

ගස් නගින වලස් පවුල

පින්ලන්තයේදී ගස් නගින වලස් පවුලක් ඡායාරූප මාලාවක් ඔස්සේ කාච ඇසට හසුකරගත් වැල්ටෙරි මුක්ලහයින්, Amazing Internet Porfolio යටතේ ජයග්‍රහණය හිමි කර ගත්තේය.
Image copyright – VALTTERI MULKAHAIN/CWPA/BARCROFT IMAGES

පහත දැක්වෙන ඡායාරූප ද විනිසුරු මණ්ඩලයේ නොමද ප්‍රශංසාවට ලක්විය.

පිල් විදහා ගත් රයිනෝ

මේ රයිනෝසිරස් සත්වයා කැලොල් මුඛර්ජිගේ කැමරා ඇසට හසුවන්නේ ඉන්දියාවේ ගෝරුමාරා ජාතික උද්‍යානයේදී ය. රයිනෝට පිටුපසින් පිල් විහිදාගත් මොණරෙකු සිටියි. නමුත් බැලූ බැල්මට දිස්වන්නේ රයිනෝ පිල් විදිහාගෙන සිටින බවකි.

Image copyright – KALLOL MUKHERJEE/CWPA/BARCROFT IMAGES

නොසන්සුන් වලසා

නොසන්සුන් වී සිටින මේ වලසා ජීවත් වන්නේ ඇලස්කාවේ ය. ඩැනියෙල් ඩියරේමෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.

Image copyright – DANIELLE D’ERMO/CWPA/BARCROFT IMAGES

නැගී එන ඡායාරූප ශිල්පියෙක්!

හිම මත අටවා ඇති කැමරාවක් තුළින් එබී බලන හිම වලසෙකි. රෝයි ගැලිට්ස් විසින් මේ ‘නැගී එන ඡායාරූප ශිල්පියා‘ව කැමරා ඇසට හසුකරගත්තේ ස්වැල්බාද් හිදී ය.

Image copyright – ROIE GALITZ/CWPA/BARCROFT IMAGES

ලේන් ජිම්නාස්ටික්

ස්වීඩනයේදී ග්‍රීට් වෙගන් විසින් කැමරාවට හසුකරගත් ජිම්නාස්ටික් පුරුදු වෙන ලේනෙක්!
Image copyright – GEERT WEGGEN/CWPA/BARCROFT IMAGES

රාස්බෙරි රස බැලූ උතුරු ඇමරිකානු ගෝන්නු

ගෝන වර්ගයට අයත් moose සත්වයන් දෙදෙනෙකුට දම්පාට රාස්බෙරි පොකුරක රස බැලීමෙන් පසු අත්වූ ඉරණමට කැමරාවකින් වගකිව්වේ බානි කොස්ල්කා විසිනි. ඇමරිකාවේ වයොමින්ග් හිදී ගනු ලැබූ ඡායාරූපයකි.
Image copyright – BARNEY KOSZALKA/CWPA/BARCROFT IMAGES

විල්පත්තුවේ ටැංගෝ නටන කබරයෝ

ටැංගෝ නර්තනයක් සිහිගන්වන මේ කබර යුවළ ශ්‍රී ලංකාවේ විල්පත්තු අභය භූමියේදී නෙත ගැටී තිබුණේ සෙර්ගෙයි සැවී නමැති රුසියානු ජාතික ඡායාරූප ශිල්පියාගේ ය.

Image copyright – SERGEY SAVVI/CWPA/BARCROFT IMAGES

අළුපාට කොළ වඳුරු රණ්ඩුව

සෙර්ගයෙි සාවිගේම තවත් ඡායාරූපයක් වූ මෙහි, තායිලන්ත ජාතික වනෝද්‍යානයේදී දබර කර ගන්නා අළු පාට කොළ වඳුරන් දෙදෙනෙකු දැක්වේ.
Image copyright – SERGEY SAVVI/CWPA/BARCROFT IMAGES

Born Free Foundation පුණ්‍ය පදනමට අනුග්‍රාහයක් වශයෙන් මෙම ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් ද ප්‍රකාශනයට පත්කිරීමට නියමිත ය.

Article Credit – BBC

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

10 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

13 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

14 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

14 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

15 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

15 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

15 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

18 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

20 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago