කොරෝනා වෛරසයට එරෙහි සටන දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ප්‍රකාශ කරයි. ඇය රූපවාහානිය හා ජනතාව ඉදිරියට එන්නේ ඉතා කලාතුරකිනි.
ඇය සිය ජනතාවගෙන් ආයාචනය කර සිටින්නේ ලොව පුරා පැතිර ඇති වෛරසය මන්දගාමී කිරීමට දායක වන ලෙසයි. ”තත්ත්වය බරපතලයි.. එය බැරෑරුම් ලෙස සළකන්න.. දෙවන ලෝක යුද්ධයෙන් පසු අපගේ රට සාමූහිකව මුහුණ දිය යුතු වන දැවැන්ත අභියෝගය මෙයයි… ලෙස ඇය පවසා සිටියි. ඇය පවසා සිටින්නේ මිනිස් සතුරෙකු නොමැති අපේ කාලයේ දැවැන්තම යුද්ධය වන්නේ මෙම වසංගතය බවයි.
වස 15ක සිය ධූර කාලය තුළ මූල්‍ය අර්බුද, 2015 වසරේ සරණාගත අර්බුදය, සහ බ්‍රෙක්සිට් අර්බුදය වැනි තත්ත්වයන් හීදී ඇය ජනතාව ඇමතීමට කටයුතු කළද ඉන් ඔබ්බට ජනතාව ඇමතීමට ඇය කටයුතු කරන ලද්දේ මෙම අවස්ථාවේදීය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ ජර්මන් චාන්සලර්වරිය ජනතාව ඇමතීම සිදු කිරීම ඉතා කලා තුරකින් සිදු කරන බවත් ඇය මෙසේ රූපවාහිනිය ඉදිරියේ ජනතාව ඇමතීම තුළම තත්ත්වයේ බරපතල බව වටහා ගත හැකි බවයි.
“සියලු පුරවැසියන් තමන්ගේම කාර්යයන් සැබවින්ම වටහා ගන්නේ නම් අපට මෙම කර්තව්‍යය සාර්ථක කර ගත හැකි බව මම විශ්වාස කරමි,” මර්කෙල් පැවසීය.
වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වඩ වඩාත් උත්සාහයන් දරමින් ෆෙඩරල් සහ පළාත් පාලන ආයතන පාසල්, බොහෝ ව්‍යාපාර සහ පොදු ස්ථාන වසා දමා ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…