ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට කිසිදු කෝවිඩ් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘත් අකර්මණ්‍ය තත්වයන් ඇති විය හැකි බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යේෂ්ඨ හෘද රෝග විශේෂඥ ගෝටාභය රණසිංහ මහතා අනාවරණය කරනවා.
ඒ අනුව කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි කිසිදු නිදන්ගත රෝග තත්වයක් නොතිබූ අයට ජීවිත අවදානමකට මුහුණ දෙන බවයි, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විශේෂඥ වෛද්‍ය ගෝටාභය රණසිංහ මහතා විසින්, මේ අන්දමින් හෘදයාබාධවලට ලක් වූ 20 දෙනෙකුගේ පමණ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂාවන් පසුගිය දිනවල තමන් විසින් සිදුකර ඇති බව ද සඳහන් කළා.
හෘදයාබාධ හෝ හෘත් අකර්මණ්‍ය තත්වයන්ට ඔවුන් ලක් ව තිබුණේ කිසිදු රෝග ලක්ෂණයක් හෝ නිදන්ගත රෝගී තත්වයක් නොමැතිවයි.
මේ ප්‍රවණතාවය කෝවිඩ්-19 වසංගතයේ පළමු හා දෙවැනි රැල්ල පැවති කාල පරිච්ඡේදයේදී දැකගත නොහැකි වූ බව ද ඔහු තවදුරටත් පවසනවා.
ඒ අනුව මෙය තුන්වැනි රැල්ල හෙවත් ඩෙල්ටා ප්‍රභේදය සමග උද්ගත වූ තත්වයක් ලෙස හඳුනාගත හැකියි.
මෙම තත්වයට ලක් වීමට වැඩි අවදානමක් තිබෙන්නේ තරුණ සහ මැදිවියේ පසුවන පුද්ගලයන් බව ද විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කරයි.
ඒ අනුව සැලකිල්ලෙන් පසුවන ලෙසටත්, මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම්, එනම් අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි ඉතිහාසයක් නොමැතිව හෘද රෝග තත්වයකට ලක් වන්නේ නම් වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන ලෙසට ද විශේෂඥ වෛද්‍ය ගෝටාභය රණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි අයට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…