එසැණ පුවත්

වෙනස්කොට සැලකීමට විරුද්ධ වීම වරදක් ද? ඩිස්නි සමාගම ප්‍රතිචාර දක්වයි!

වෝල්ට් ඩිස්නි බාල මහළු කා අතරත් එක සේ ආදරය දිනා ගත් කාර්ටූන, චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා, කලාගාර ඇතුළු වාණිජමය වශයෙන් අති දැවැන්ත සාර්ථකත්වයක් ගෙනදුන් කලා නිශ්පාදන ලොවට දායාද කිරීම අතින් පෙරමුණේ ම සිටින සමාගමකි. අතීතයට සාපේක්ෂව ඩිස්නි චිත්‍රපටවල විවිධ ජන කාණ්ඩ අතර පවතින විවිධත්වයට මුල් තැන දී කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවයක් වර්තමානය වන විට දක්නට ලැබේ.

කලා ලොවේ ඒකාධිකාරිය සුදු වරප්‍රසාදය (white privilege) ට සීමා වී පැවති යුගයක ආරම්භ වන වෝල්ට් ඩිස්නි සමාගම ජනවාර්ගික විවිධත්වය ඇතුළු විවිධ ජන කාණ්ඩ තම නිර්මාණවලට ඇතුළත් කිරීම ආරම්භ කිරීම වැඩි වශයෙන් ආරම්භ වූයේ 80 දශකයේ මුල් භාගයේදී ය. වර්තමානය වන විට කලාව තුළ ඩිස්නි යනු සැබවින්ම විවිධත්වයේ තෝතැන්නකි.

මීට ආසන්නතම උදාහරණයක් වන්නේ පුංචි දියකිඳුරියගේ කතාව වන ලිට්ල් මර්මෙයිඩ් (Little Mermaid) කාර්ටූනය ප්‍රතිනිර්මාණය කරමින් බිහිවූ නවතම ලිට්ල් මර්මෙයිඩ් චිත්‍රපටයේ ඒරියල් නම් පුංචි දියකිඳුරියට කළුජාතික සම්භවයක් ඇති තරුණියක් රංගනයෙන් දායක වීමයි. තව ද මාර්වල් (Marvel) චිත්‍රකතා මත පදනම් වන ඩිස්නි සමාගමේ හිමිකාරීත්වය ලද මාර්වල් ස්ටුඩියෝ (Marvel Studio) හරහා නිර්මාණය වන මාර්වල් සිනමැටික් යුනිවර්ස් (Marvel Cinematic Universe) චිත්‍රපටවල වාර්ගික විවිධත්වය පමණක් නොව, ජාතීන් අතර විවිධත්වය (උදා: Black Panther, Miss Marvel), කාන්තා විමුක්තිය (උදා: Black Widow, She-Hulk, WandaVision, Shang-Chi) සහ ලිංගික විවිධත්වය (උදා: Thor, The Eternals, Dr. Strange) පෙන්වීම ද මීට කදිම උදාහරණයකි.

එහෙත් ඇතැමුන්ට මෙම විවිධත්වය නොදිරවන බවක් පෙන්නුම් කරමින් තිබේ. මේ වන විට ඩිස්නි සමාගමට චෝදනාවක් ගොඩනැඟෙමින් පවතී. එම චෝදනාව නම් ඩිස්නි සමාගම විවිධත්වයට පමණට වඩා ඉඩ ලබා දී ඇති බවයි.

මෙම චෝදනාව එල්ල කිරීමට එකී චෝදනාව එල්ලකරන පාර්ශවයන් භාවිතා කළ විශේෂ වචනයක් තිබේ. එනම් වෝක් (woke) ය. ඩිස්නි සමාගම පමණට වඩා විවිධත්වය භාවිතා කිරීම ට (too woke) කටයුතු කරන බව ඔවුන්ගේ චෝදනාවයි.

මීට ප්‍රතිචාර දක්වමින් ඩිස්නි සමාගමේ වත්මන් සම ප්‍රධාන විධායක නිලධාරී බොබ් චැපෙක් පවසන්නේ, ඩිස්නි සමාගමේ වැඩසටහන් ඉලක්ක කරන ප්‍රේක්ෂකාගාරය විවිධත්වයෙන් අනූන (rich, diverse) ප්‍රේක්ෂකාගාරයක් බව ය.

ලෝකය විවිධත්වයෙන් අනූන ප්‍රේක්ෂකාගාරයක් බවත්, තම සමාගමට අවශ්‍ය එම විවිධත්වය පරාවර්තනය කිරීම බවත් චැපෙක් මහතා ඉකුත් බදාදා (26) දින පැවති සමුළුවකදී පවසා තිබේ.

ඉංග්‍රීසි බසින් වේක් (wake) යනු අවදි වීම යන්නයි. වේක් යන වචනයෙන් සම්භවය වී එහි අතීතකාල පදය වන වෝක් (woke) විශේෂණ පදයක් ලෙස ජාතිවාදී (nationalism) සහ වර්ගවාදී (racism) චින්තනයට එරෙහි පදයක් ලෙස භාවිතා වීම ආරම්භ වන්නේ අප්‍රිකානු-ඇමරිකානු ස්වදේශික ඉංග්‍රීසි බසින් වන අතර ඒ 1930 දශකයේ ය. එවකට ඇමරිකානු ජන සමාජයේ පැවති වර්ගවාදී ක්‍රියාකලාපයන්ට එරෙහිව ගොඩනැඟුනු ව්‍යාපාරවල වෝක් යන පදය නිතර දෙවේලේ භාවිතා කරන ලදී.

පසුකලක මෙම පදය, ජාතිවාදය, වර්ගවාදය පමණක් නොව ලිංගිකත්වවාදය (sexism), ස්ත්‍රී-විරෝධය (misogyny), සමලිංගිකභීතිකාව (homophobia), සුදු අන්තවාදය (white supremacy) ඇතුළු බොහෝ වෛරය මත පදනම්ව ගොඩනැඟෙන චින්තනයන්ට එරෙහිව භාවිතා වීම ඇරඹෙන ලදී.

ඩිස්නි සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරී බොබ් චැපෙක්; ඡායාරූප: REUTERS/Mario AnzuoniReuters

චැපෙක් ගෙන් පාපොච්ඡාරණයක්..

විවිධත්වයට මුල් තැන දීම එක් පසෙකින් එසේ විවේචනයට ලක්වන විට තවත් පසෙකින් විවිධත්වයට අකුල් හෙලන රිපබ්ලිකානු පිටුබලය ලද දේශපාලන ගැටුමකට ද ඩිස්නි සමාගමට මැදිහත් වීමට සිදුවූ අයුරු සමහරකුට දැන් මතක නැත.

මීට මාස කිහිපයකට ඉහත දී රිපබ්ලිකානු පිටුබලය ලද ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකානු ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් විසින් එම ප්‍රාන්තයේ පාසල් පද්ධතිය තුළ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා දරන දරුවන්ගේ කළඑළි බැසීම සීමාකරන සහ තම ලිංගිකත්වය තම දෙමාපියන්ට බලෙන් පිටතට දැමීමට (forced outing) හේතුවන අධ්‍යාපනයේ දෙමාපිය අයිතීන් යනුවෙන් හඳුන්වා දුන්, එහෙත් විවේචකයන් විසින් “don’t say gay” (සමරිසි යැයි නොකියන්න) යනුවෙන් හඳුන්වා දුන් නීතිය නිසා ඇතිවූ මතභේදාත්මක වාතාවරණයට ඩිස්නි සමාගමේ නම ද ඈඳින.

ඒ අන් කවරක් නිසා නොව, මෙම සමරිසි විරෝධී නීතියට සහාය පළකරන රිපබ්ලිකානු සභිකයන්ට ආධාර ලබාදීමට ඩිස්නි සමාගම කටයුතු කර ඇති බවට අනාවරණය වීම නිසාය. මෙම හෙළිදරව්ව හමුවේ ඩිස්නි සමාගමේ කාර්ය මණ්ඩලයම ඩිස්නි සමාගම විවේචනය කිරීමට පටන් ගත් අතර, මේ හේතුවෙන් අදාළ මූල්‍ය ආධාර සැපයීම අත්හිටුවීමට ඩිස්නි සමාගමට සිදුවිය.

මේ පිළිබඳව ඩිස්නි සමාගමේ සම ප්‍රධාන විධායක චැපෙක් මහතා පාපොච්ඡාරණයක් ද ඉදිරිපත් කර තිබේ. ඔහු පැවසුවේ, මෙම සිදුවීම හමුවේ ඩිස්නි හි චරිත සියල්ල තම සමාගමේ හදවත නියෝජනය කරන බවට තවදුරටත් පසක් වූ බවයි.

මෙම සිදුවීම හමුවේ තම සමාගමේ සාමාජිකයන්ගේ බැඳියාව මනාව පසක් වූ බවත්, ඔවුන්ගේ හැඟීම් කොපමණ ශක්තිමත්ව මෙම සමාගම හා බැඳී පවතින බව පසක් වූ බවත් හෙතෙම අවධාරණය කර තිබේ.

මේ පිළිබඳව තම පෞද්ගලික මතය කුමක් ද යන්න විමසූ විට චැපෙක් ඊට පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, තම පෞද්ගලික මතය කුමක් වූවත්, ජනතාව තම සමාගම පිළිබඳ සිතන්නේ කුමක් ද යන්න වඩා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඡායාරූප: disneyparks

Share

Recent Posts

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

15 mins ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

14 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

18 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago