කොංගෝ රාජ්‍යයේ සෞඛ්‍ය ඇමති ඔලි ඉලුන්ගා පසුගිය සඳු දින (22) තම ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා වේ.
මෙයට හේතුව වශයෙන් සැලකෙන්නේ මේ දිනවල එරට පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ තමා තුළ ඇති නොසතුට බව වාර්තා වේ.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපති ෆීලික්ස් ත්ෂිසෙකෙදි එරට පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීම පිළිබඳ කලමනාකරණ පද්ධතිය තමා අතට ගැනීමට විරෝධය පෑමක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉලුන්ගා තීරණය කර ඇති බව පැවසේ.
“ඉබෝලා වසංගතය කලමනාකරණය කිරීම පිළිබඳ තම සෘජු මැදිහත්වීම ජනාධිපති ලබා ගත් හෙයින්, මම මාගේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මෙසේ සනිටුහන් කරමි,” ඉලුන්ගා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.
වසර දෙකකට ආසන්න කාලයක් පුරා නැගෙනහිර නැගෙනහිර කොංගෝවේ බවතින ඉබෝලා වසංගතය සෘජුවම අධීක්ෂණය කරන බව එරට ජනපති ත්ෂිසෙකෙදි සෙනසුරාදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් වසර දෙකක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යධුරයේ සිටි ඉලුන්ගා ඉල්ලා අස්වීම සිදුකරන ලදී.
මේ වන විට කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතයෙන් මියගිය ප්‍රමාණය 1600 ඉක්මවා ඇත.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…