එසැණ පුවත්

ගෘහ සේවිකාවන් රට පැටවීම ගැන ඩුටර්ටේගෙන් ඉගෙන ගනිමු!

කෙසේ නමුත් මෙම තීරණය ගෙන තිබෙන්නේ ඇමරිකානු-ඉරානය අර්බුදය හේතුවෙන් නොව, Jeanelyn Villavende නමැති පිලිපීන ජාතික ගෘහ සේවිකාව කුවේට් ජාතික ගෙහිමියා විසින් පහර දී මරාදැමීමත් සමග ය.

ඇය රෝහල්ගත වීමෙන් පසු මිය ගොස් ඇති අතර, ඇයට ක්ලාන්තය හැදෙන තෙක්ම පහර දුන් බව ගෙහිමියා පිළිගෙන ඇත.

ඇයට සිදුවූ දෙයට යුක්තිය ඉටු නොවන්නේ නම්, ඉදිරියේදී කුවේට් රාජ්‍යයට ගෘහ සේවිකාවන් පමණක් නොව සෙසු වෘත්තින්වල නියැළීමට ද පිලිපීන ජාතිකයන් නොඑවන බව පිලිපීනය කියා සිටියි.

The Straits Times | පිලිපීන ජනපති ඩුටර්ටි

මේ වන විට කුවේට් හි පිලිපීන සේවක සේවිකාවෝ ලක්ෂ 2ක් (200,000) ජීවත් වෙති. එයින් අති බහුතරය ගෘහ සේවිකාවන් ලෙස වැඩ කරන කාන්තාවන් ය.

2018 පෙබරවාරි මාසයේදී පිලිපීන ජාතික ගෘහ සේවිකාවක් මරා දමා ඇගේ මළ සිරුර ශීතකරණයක තිබී හමුවීමේ සිද්ධියක් නිසා, ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි මේ ආකාරයේම ගමන් තහනමක් පැනවීය.

එහි ප්‍රතිඵලයක් ලෙසට කුවේටයට පිලිපීනය සමග ගෘහස්ථ සේවකයන් නියාමනය සම්බන්ධයෙන් 2018 මැයි මාසයේ නව එකඟතාවයකට පැමිණි අතර, එයින් පසුව පමණක් එම ගමන් තහනම ඉවත් කර තිබිණි.

ලංකාව ද කුවේට් රාජ්‍යය පමණක් නොව මැදපෙරදිග රටවල් ගණනාවකට ගෘහ සේවිකාවන් යවන රටකි. ලංකාවේ දේශපාලන වේදිකාවල පවා මහත් උජාරුවෙන් කතා බස් කරන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ගෘහ සේවිකාවන් බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 5 ක කාන්තාවෝ මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවයේ නියුක්තව සිටිති. එයින් ලක්ෂයක්ම සිටින්නේ කුවේට් රාජ්‍යයේ ය.

ඔවුන්ට පරාල ඇණ ගැසීමේ සිට බැල්කනිවලින් තල්ලු කර මරා දැමීම දක්වා විවිධ හිංසනයන්ට ඔවුන් ගොදුරු වන අතර, මේ දක්වා කිසිදු රජයක් මෙවැනි සිදුවීම්වලදී එම රජයන් සමග ඩුටර්ටි මෙන් ‘ගණන් ඉස්සීමට‘ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට සමත් වූයේ නැත. කුවේට් රාජ්‍යය සම්බන්ධයෙන්ම කතා කළහොත්, මේ වන විටත් කාන්තාවෝ මහත් පිරිසක් කුවේට් රාජ්‍යයේ අසරණ භාවයට පත්ව නැවත ලංකාවට පැමිණිය නොහැකිව තානාපති කාර්යාලය සහ රැකවරණ නිවෙස්වල තනි වී සුසුම් හෙළති.

එනිසා, මත්යුද්ධයක් මවා පා තමන්ගේම රටේ මිනිසුන් ඝාතනය කිරීම වැනි අවකල් ක්‍රියා කොතෙක් කළත්, මේ සිදුවීමේදී නම් පිලිපීනයේ ඩුටර්ටිගෙන් ලංකාවට ද රාජ්‍ය තාන්ත්‍රික භාවයේ කශේරුව ගැන හොඳ පාඩමක් ඉගෙන ගත හැකිය.

Source: Gulf News

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

10 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

12 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

12 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

13 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

1 day ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago