පුවත්

මස්ක්ගේ ලොකුකම් නිසා පොප් රජු එල්ටන් ජෝනුත් ට්විටර් වේදිකාවෙන් නික්ම යයි!

1947 මාර්තු 25 වන දින උපත ලද එල්ටන් හර්කියුලස් ජෝන් යනු ගායනය, වාදනය අතින් දස්කම් පෑ අග්‍රගන්‍ය කලා ශිල්පියෙකි. කුඩා කල සිටම පියානෝ වාදනයට හපන්කම් පෑ මොහු 1962 දී Blues සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේය. පසුව ජෝන් ඉන් ඉවත්ව 1969 වසරේ දී ඔහුගේ පළමු ඇල්බමය Empty Sky නිකුත් කළ අතර වසරකට පසුව “එල්ටන් ජෝන් (Elton John)” සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ ය. ඔහුගේ “Your Song” යන ගීතය එවකට යුගයේ ජනප්‍රියතම ගීත අතර විය. 80/90 දශක කලඹවමින් තම ඇල්බමයන් තුළින් රසික හඳවත් සොරා ගත් පොප් රජු ඔහුයි’ කීවොත් මා නිවැරදි ය.

FILE – Elton John performs during his Elton John Farewell Yellow Brick Road tour in Rosemont, Ill. on Feb 15, 2019. Elton John has announced the final dates for his farewell tour, which includes stops at big stadiums in the U.S. (Photo by Rob Grabowski/Invision/AP, File)
ඡායාරූප; Secret Auckland

මොන කයි කතන්දර කීවත් මොන පොප් රජු වුනත් මස්ක් ට නම් එය අදාල නැත. තවත් තරුවක් ට්විටර් වේදිකාවෙන් නික්ම යෑමක් මෙසේ සිදු විය. එයට හේතු ගෙනහැර දැක්වීමේ දී ඔහු පළ කර තැබුවේ මෙවන් අදහසක්;

“මගේ ජීවිත කාලය පුරාම මම මිනිසුන්ව එකතු කිරීමට සංගීතය භාවිතා කිරීමට උත්සාහ කළෙමි; නමුත් අපේ ලෝකය බෙදීමට වැරදි තොරතුරු දැන් භාවිතා කරන ආකාරය දැකීම මට කණගාටුදායකය.” යන්නෙන් ඊලෝන් මස්ක් විසින් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු, ඔහුගේ මෑතකාලීන ප්‍රතිපත්ති වෙනස් කිරීම් ද හේතු සාධක කොට ගෙන, ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කිරීම නැවැත්වීමට ගත් තීරණය ගෙනහැර දක්වමින් ඔහු මෙසේ සටහනක් ලියා තිබුනේ ය.

ඡායාරූප; The Jakarta post

ජෝන්ගේ ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර වශයෙන් මස්ක්, ඔහු එල්ටන් ජෝන්ගේ සංගීතයට ප්‍රිය කරන බවත්, ඔහුගේ ආගමනය නැවත තමා බලාපොරොත්තු වන බවත්, ඔහු කනස්සල්ලට පත්ව සිටින්නේ කුමන ආකාරයේ වැරදි තොරතුරු පිළිබඳව ද යන්නත් සටහන් කර තිබුණි.

ඡායාරූප; WIRED

යුදෙව් විරෝධී ප්‍රකාශන, වර්ගවාදය, COVID-19 පිළිබඳ වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශන, ප්‍රචණ්ඩත්වය අවුස්සන වාචාල ප්‍රකාශන ඉදිරිපත් කිරීමට විරුද්ධව මස්ක් ට්විටර් ප්‍රතිපත්ති හැදුව ද ඔහු ඔහුගේ සමාජ ජාලාවෙහි දොරවල් විවෘත කර වැරදිකරුවන්ට ආපසු ඇතුළු වීමට ඉඩ දීම සම්බන්ධයෙන් මෙහි දී පැනයන් ගොඩ නැගී තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් හි මෑත වාර්තාවකින් පෙනී ගියේ මස්ක් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු සමරිසි (LGBTQ+) ප්‍රජාව කෙරෙහි වෛරී ප්‍රකාශ ට්විටර් හි ඉහළ ගොස් ඇති බවකි.

මෙලෙස සමරිසි විරෝධී ප්‍රකාශ අවම වශයෙන් දිනකට 1,458 පමණ පල වීමත් සමඟ එහි ශීඝ්‍ර වර්ධනයක් වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. නමුත් මස්ක් නම් ප්‍රකාශ කරන්නේ එවැනි අදහස් පල කිරීම් පහත වැටී ඇති බවක් ය. වෛරී ප්‍රකාශන තහනම්! අරව තහනම්! මේවා තහනම්! කියලා කටින් කීවට වී ඇති දෙයක් නැති බව ඉන් පැහැදිලිය.

ඡායාරූප; OutSmart Magazine

ඔක්තෝබර් 27 වෙනිදා මස්ක් ට්විටර් අත්පත් කර ගැනීමෙන් පසු Jim Carrey, Whoopi Goldberg සහ Jameela Jamil ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙක්ම ට්විටර් වේදිකාවෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි.

ඇතැමුන් පැවසුවේ ජෝන් දැවෙන ගොඩනැගිල්ලකින් පිටව යන බවකි. එකත් ලෙසටම දැන් ට්විටර් බොහෝ දෙනාට ගිනිගෙන දැවෙමින් පවතින ගොඩනැඟිල්ලක් ලෙස පෙනෙන බවනම් නිසැකය.

නිපුනි ලියනගේ

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

4 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

18 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

22 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago