පියාගේ ඝාතනයෙන් පසු ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලයට ගිය- නැවත ආපසු නොආ ඛෂෝගි ඝාතනය කළ බව පිළිගැනීමට තුර්කි රජය සති ගණනාවක් කල් ගත්තේය.
මේ වන විටත් ඔහුව ඝාතනය කළේ කෙසේදැයි නිශ්චිත ලෙස ඔවුන් හෙළි කරනැත.
මළ සිරුර කඩ කඩ කර කපා දමා ඇති බවටත්, දරුණු වධහිංසා පමුණුවා ඇති බවටත් මීට පෙර වාර්තා පළ විය.
කෙසේ නමුත් මෙයට දින දෙකකට පෙර පළවූ අලුත්ම මතයකින් කියැවුණේ ඛෂෝගිගේ මළ සිරුර ඇසිඩ් භාජනයක ගිල්වා දියකර දමා ඇති බවයි.
‘‘අපේ තාත්තා ධෛර්යවන්ත, නිහතමානී සහ ඉතාම නිර්භීත කෙනෙක්“ යැයි ඛෂෝගිගේ පුතුන් දෙදෙනා වන සාලා ඛෂෝගි සහ අබ්දුල්ලා ඛෂෝගි සීඑන්එන් පුවත්සේවය සමග පැවසූහ.
‘‘අපේ එකම ප්‍රාර්ථනය ඔහුට වේදනාකාරී මරණයක් අත්වෙන්න නැතිව ඇති කියන එකයි. එය ඉක්මන් මරණයක් වුණා නම් එය ඔහුට පහසුවක්..‘‘ යැයි හැඟීම්බර ලෙස ඔවුහු පවසා සිටියහ.
සිය පියා දේශපාලනික හේතු මත වැරදි ලෙස අර්ථකථනය කළ බව ද ඔවුහු කියා සිටියහ.
‘‘ජමාල් (තාත්තා) මධ්‍යස්ථ මිනිසෙක්. ඔහු ට හැමෝම ප්‍රිය කළා.“ සිය පියා අපූර්ව සහ ප්‍රීතිමත් මිනිසෙකුව සිටි බව සිහිපත් කරමින් ඛෂෝගිගේ පුතා සාලා පැවසුවේය. ‘‘මට මේ වන විට පේනවා ඔහු වෙනුවෙන් බොහෝ අය ඉදිරිපත් වෙනවා. මේ සිදුවීමෙන් දේශපාලන වාසි ලබාගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා“ යැයි ද සාලා පැවසුවේය.
ඛෂෝගිගේ පුතුන් දෙදෙනා වයස 33 සහ 35 වයස්වල පසුවන අයයි.
මේ වන විට හෙළි වී තිබෙන කරුණු අනුව ඛෂෝගි තුර්කියේදී සෞදි කොන්සල් කාර්යාලයට ඇතුල් වන්නේ සිය විවාහයට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා ය. ඒ වන විට ඔහු 3 වැනි වතාවට විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු කොන්සල් කාර්යාලය තුළට ගියේ විවාහ ගිවිස ගැනීමට යෝජිත සහකාරිය කොන්සල් කාර්යාලයෙන් පිටත රඳවා ය. එසේ නොවුණා නම් ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළට ගිය බව පවා ලෝකය දැන ගන්නේ නැත.
මේ වන විට විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි ලෝකය සිතා සිටි ‘සෞදියේ රැවුල් කුමාරයා‘ යැයි විරුදාවලි ලත් ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බින් සල්මන් (Mohammed bin Salman)ගේ ඇතුළු කවය විසින් මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවයි.
සෞදි කුමාරයා ඛෂෝගි සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් සමග දුරකථන සංවාදවල යෙදී ඇති බව ද මේ වන විට හෙළි වී තිබේ. ඒවාට අනුව ඛෂෝගි ව ලේබල් ගසා තිබෙන්නේ ‘මුස්ලිම් සහෝදරත්වයේ‘ සගයෙක් සහ භයානක ඉස්ලාම්වාදියෙක් ලසෙ ය. මේ බව හෙළකර සිටින්නේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතයි. බොහෝ අරාබි රටවල් විසින් මුස්ලිම් සහෝදරත්වය සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ය. නමුත් ඇමරිකාව සහ යුරෝපය එසේ නොසලකයි.
මුස්ලිම් සහෝදරත්වය සමග ඛෂොගිගේ පැවති සම්බන්ධය පිළිබඳ විමසූ අවස්ථාවේදී මේ පුතුන් දෙදෙනා ලබාදුන්නේ අපූරු උත්තරයකි. ‘‘ඒවා ලේබල් විතරයි. ඕව කියන මිනිස්සු හරියට ‘හෝම්වර්ක් කරන්නෙ නෑ..ලේබල් ගහන්න ලේසියි!“
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…