කලා

හැරී පොටර් කතුවරියගේ නවතම චිත්‍රපටයේ නාග කන්‍යාවක්

හැරී පොටර් නිර්මාතෘ ජේ.කේ. රෝලින්ග් මේ වන විට ඇගේ මායාවී ලෝකය චිත්‍රපට ගණනාවකටම ගෙනැවිත් තිබෙනවා. ලෝකයේ එදා මෙදාතුර වැඩිම ආදායම් ඉපැයූ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් පසු හොලිවුඩය, ඈ රචනා කළ Fantastic Beasts කතාමාලාව චිත්‍රපට බවට පත් කරන්නට පටන් ගත්තා.

2016 වසරේදී මුල් වරට තිරගත වූ Fantastic Beasts and Where to Find Them චිත්‍රපටය හොඳම ඇඳුම් නිර්මාණය ඇතුළු ඔස්කාර් සම්මාන 2 ක් දිනාගත්තා. ඒ අනුව මායාකරුවන්ගේ ලෝකය ගැන තැනුණු චිත්‍රපටයක් ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව විදිහට ඒක ඉතිහාසගත වුණා.

එම Fantastic Beasts කතා මාලාවේ දෙවැනි චිත්‍රපටය FANTASTIC BEASTS 2 – The Crimes Of Grindelwald මේ වසරේ අග තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටයේ Gellert Grindelwald ගේ ප්‍රබල චරිතය රඟපාන්නේ සුපිරි නළු ජොනී ඩෙප් විසින්. මේ වන විට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන නඩුවකට මුහුණ දී ජීවිතයේ අසීරු කාලයක් ගත කරන ජොනී ඩෙප් හට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලබාදීම ගැනත් සමහර අය ජේ.කේ. රෝලින්ග් හට දොස් නගන්නට පටන් අරන්.

ජොනී ඩෙප්

තරුණ ඩම්බල්ඩෝ ගේ චරිතයත් මේ චිත්‍රපටයේදී හමුවෙනවා. මේ චරිතය සමරිසි චරිතයක් බව ජොආන් කේ රෝලින්ග් පසුගිය දවසක කියා සිටීමත් සමග, විශාල ආන්දෝලනයක් ඇති වුණා. කොහොම වුණත් ජූඩ් ලෝ විසින් රඟපාන මේ චරිතය, චිත්‍රපටයේ කතාව තුළ දැඩි සමරිසි බවක් පෙන්වන්නේ නැහැ.

Fantastic Beasts and Where to Find Them යනුවෙන් ජොආන් කේ. රෝලින්ග් 2001 වසරේදී ලියූ පොත ඇසුරෙන් මේ චිත්‍රපට මාලාව බිහිවෙනවා. එය හැරී පොටර් කතාමාලාවේම දිගුවක්.

නාග කන්‍යාවගේ ආන්දෝලනය

මේ වන විටත් හොලිවුඩ් රසිකයන් මහත් බලාපොරොත්තු තබාගෙන සිටින මෙහි නාග කන්‍යාවක් එහෙමත් නැතිනම් ‘නාගිනී‘යක් සිටිනවා. නාගිනී කිව්ව ගමන් අපට මතක් වන්නේ නාගිනී හින්දි චිත්‍රපටයයි. කොහොම වුණත් මේ  FANTASTIC BEASTS 2 – The Crimes Of Grindelwald චිත්‍රපටයේ නාගිනීගේ චරිතයට පණ පොවන්නේ ක්ලෝඩියා කිම් නමැති කොරියානු නිළියක්.

කොරියානු නිළිය නාග කන්‍යාව ලෙස

වොල්ඩමෝට්ගේ නාගිනිය විදිහට මේ කොරියානු නිළිය තෝරාගැනීම හැම අතින්ම සාධාරණ බව ජේ.කේ. රෝලින් කියනවා. හැරී පොටර් කතා මාලාව තුළ නාගයා හැමවිටම නිරූපණය වන්නේ දුෂ්ට වොල්ඩමොට්ගේ ආවතේවකාර චරිතයක් විදිහට. වොල්ඩමොට් තමන්ගේ ශක්තිය නැවත ලබාගන්නේ හැපින්න හෙවත් නාගිනීගේ ‘කිරි‘ බීම මගින්.

නාගිනීගේ චරිතයට කොරියානු ගැහැනියක් තෝරාගැනීම ගැන මේ වන විට ජේ.කේ. රෝලින්ට විවේචනවලට මුහුණ දෙන්නටත් සිදුවෙලා. ඒත් ඇය බොහොම සාර්ථකව ඒවාට මුහුණ දෙමින් සිටිනවා. මේ ගැන ලියැවුණු ට්විටර් සටහනකට පිළිතුරු ලියමින් ජේ.කේ. රෝලින්ග් මෙහෙම කියනවා. ‘‘නාග කියන්නෙ ඉන්දුනීසියානු දේවකතාවල එන මිත්‍යා චරියක්. ඉන්දුනීසියාව තුළ ජාවා, චීන සහ බෙතාවි කණ්ඩායම් ඇතුළත්ව වාර්ගික කණ්ඩායම් සිය ගණනක් ජීවත් වෙනවා.‘‘

ජේ.කේ. රෝලින් මවන නාගිනී චරිතය, අවුරුදු 20 ක් තිස්සේ ‘රුධිර ශාපයක්‘ නිසා සර්පයෙක් බවට පත්වුණු මිනිසෙක් ගැන කියනවා.

නමුත් විවේචනවල නම් නිමක් නැහැ. එක් ට්විටර් පරිශීලකයෙක් මෙහෙමත් කියනවා. ‘‘ඔබට අවශ්‍ය ආසියානු කාන්තාවක් සර්කස්වල පෙන්වන, අන්තිමට බෙල්ල කපල මරල දාන නාගයෙක් බටව පත් කරන්නද? බිලියන 4.4 ක් ජීවත් වන ආසියාවේ එකම එක මායා පාසලක්වත් නැහැ“ මේ වෙද්දි කොරියානු චිත්‍රපට රසිකයනුත් මේ ගැන තමන්ගේ නොසතුට පළ කරමින් සිටිනවා.

ආසියානු ගැහැණියක් මිනිසුන් මරා දමන මායාකාරයෙක් විසින් අල්ලාගෙන සර්පයෙක් බවට පත්කිරීම ගැනත් ඔවුන් විවිධ මත පළ කරනවා.

හැම දෙයකදීම වර්ගය හෝ ජාතිය අල්ලාගැනීම මේ වන විට මේ ලෝකයේ විලාසිතාවක් බවට පත්වී ඇති බවටත් හැරී පොටර් නිර්මාතෘවරියට එල්ල වන මේ විවේචන හොඳ සාක්ෂියක්.

හැරි පොටර් ලියූ ජොආන් කේ. රෝලින්ග් | Wikipedia

ඒ වගේම ලන්ඩනයේ Harry Potter and the Cursed Child රංගය වේදිකාගත කිරීමේදී ජොආන් කේ. රෝලින්ග් විසින් හර්මයින් ග්‍රැන්ජර්ගේ චරිතය රඟපාන්න Noma Dumezweni කියන කළු ජාතික දැරියට අවස්ථාව ලබාදුන්නා. ඒ අවස්ථාව ලබාදීම වෙනුවෙන් බොහෝ අය ඇයට ප්‍රශංසා කළා. ඒත් එහෙම කෙරුව රෝලින්ග්ට මේ වෙද්දි නාගිනී චරිතයක් කොරියානු කාන්තාවකට ලබාදීම ගැන දොස් අහන්න සිද්ධ වෙලා.

[embedyt] https://www.youtube.com/watch?v=vPBIr79rx4A[/embedyt]

කොහොම වුණත්, හැරී පොටර් පොත් මාලාව ලියා, මහා බ්‍රිතාන්‍යෙය් එලිසබෙත් රැජිනටත් වඩා ධනවත් කාන්තාවක් බවට පත්වුණු ජේ.කේ. රෝලින්ග්, ඒ කතාමාලාව අවසන් වීමෙන් පසුවත් තමන්ගේ සාර්ථකත්වය දිගින් දිගටම රඳවා ගන්නා බව පැහැදිලියි. Fantastic Beasts කතා මාලාව ඇසුරෙන් චිත්‍රපට 5 ක් නිපදවීමට සැලසුම් කරන බව ඇය දැනටමත් හෙළි කර තිබෙනවා.

මේ චිත්‍රපට මාලාව ජොආන් කේ රෝලින්ග් ගේ ජීවිතයේ තවත් දිනුම් කණුවක් සලකුණු කරනවා. එයට හේතුව, මේ කතා මාලාවේ ලේඛිකාව විතරක් නෙවෙයි, තිර රචිකාව සහ නිෂ්පාදිකාව වන්නේත් ඇයම වන නිසයි.

 

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

13 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

16 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

16 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

17 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

18 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

18 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

18 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

21 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

23 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago