විශේෂාංග

අවසන් ගිමන්හල

1924 ජුනි 6 දා ජෝජ් ලෙයි මෙලොරි (වම්පස)ඇන්ඩෘෘ ඉර්වින්, පර්යේෂණ අවස්ථාවේ තිබූ ඔක්සිජන් බෝතල් ද පිට එල්ලාගෙන එවරස්ට් හි iv වන කඳවුරෙන් ගමන් ඇරඹූහ. මිහිදුම් කුටියක් තුළට වැදුණු ඔවුහු දෙදිනකට පසු අතුරුදන් වූහ. එවරස්ට් කඳු මුදුනට පය තැබූ පළමු මිනිසුන් ඔවුන් වීද?

වසර 75 ක් එවරස්ට් ශිඛරය මත ගිමන් හැරි මැලොරිගේ සිරුර එවැනි ඇතැම් ප්‍රශ්නයකට පිළිතුරු සපයයි. එහෙත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු තවමත් අභිරහසකි.

එවරස්ට් ගිරි ශිඛරයට තවත් දීප්තිමත් ශීතල උදෑසනක්. අඩි 27,000 ක් උස ඊශාන දිග කඳු මුදුන සිසාරමින් විරල ගණයේ උණුසුම් වායු ධාරාවක් හමා එයි. පියවි උෂ්ණත්වය වූ ෆ්‍රැරන්හයිට් අංශක 0 එලෙසින් නොදැනෙන්නට එය පිටිවහලකි. ටිබෙටයට අඩි 7000 ක් පහතින් පිහිටි රොන්ග්ෂු ග්ලැසියරයේ ඇති හිම පොකට්ටු දියවී සෙල්සියස් ඍණ ගණනක ජලයෙන් පිරුණු කුඩා දිය කඩිති තනයි. නිම්නය පුරා ඒවා ළඟින් ළඟින් විසිරී ඇත්තේ සුදු කළාලයක් එළා ඇති කලෙක මෙනි.

පැයකට ආසන්න කාලයක් එවරස්ට් ශිඛරය තරණය කිරීමෙන් පසු පහතින් වූ හිම කළාලය මත වැටී තිබූ මළ සිරුරු දෙකක් ඔහුගේ නෙත ගැටුණේය. ඒවා ද තිබුණේ ඊශාන දිග කඳු මුදනට යන ගමන් මග ඔස්සේය. මළ සිරුරු දෙකම ඇඹරී විකෘති වී තිබුණේ ඔවුන් ඉතා ඉහළ උසක සිය භයානක ලෙස වැටී ඇති බව පසක් කරමිනි. හිරු එළියට පිළිස්සී, දුර්වර්ණ වී ඇති ඇඳුම් පවසන ආකාරයට ඔවුන් දශක කිහිපයක්ම මෙහි මෙලෙසින්ම වැතිර සිටියා විය යුතුය. එහෙත් කොර්නාඩ් ඇන්කර් සොයමින් සිටියේ මෙම මෘතකලේබර නොවේ.

කොර්නාඩ් ඇන්කර්, ඇන්ටාක්ටිකාවේ හිමෙන් පිරි ශිඛර තනිව තරණය කරමින් මිනිසුන්ට ජයගත නොහැකි පරිසරවල මනුෂ්‍ය මුද්‍රාව පිහිටුවා ලූ ප්‍රකට ගවේෂකයෙකි. ඔහු හිමාලය සහ පැටගෝනියාවේ ද කැනඩාවේ බැනින් දූපත්වල ද ගිරිශිඛර සාර්ථක ලෙස තරණය කළ අයෙකි. මැලෝරි හා ඉර්වින් අතුරුදන් වී වසර 75 කට පසු ඔහු එවරස්ට් කඳු මුදුන තරණය කළේ ඔවුන්ට කුමක් වූවා දැයි අනාවරණය කරගැනීමටය.

1924 ජුනි 8 දා සුප්‍රකට බ්‍රිතාන්‍ය කඳු නගින්නන් දෙදෙනෙකු වූ ජෝජ් මැලොරි සහ ඇන්ඩෘෘ ඉර්වින් එවරස්ට් කන්ද තරණය කිරීමට ගොස් අබිරහස් ලෙස අතුරුදන් වූහ. අද, 1999 මැයි 1 දාය. කොර්නාඩ් ඇන්කර් යමක් සොයයි. 1933 දී එක් බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් සොයාගත්තේ ඉර්වින්ට් අයත්ව තිබූ අයිස් කඩන පොරොවයි. එම පොරොව තිබූ ස්ථානයට මදක් පහළින් ‘ඉංග්‍රීසි ජාතිකයෙකුගේ යැයි සිතිය හැකි ලොම් ඇඳුමකින් ආවරණය වූ සිරුරක් තිබුණේ’ යැයි 1975 දී චීන කඳු නගින්නෙකු වූ වැන්ග් හොන්ගාබෝ වාර්තා කළේය.

හිම පලසේ පහළ කොටස සෝදිසි කළ කොර්නාඩ් තම ආම්පන්න ද රැගෙන එහි ඉහළට නැගීම ඇරඹුවේය. එය බුරුල්ය. විශාල ප්‍රමාණයේ ගල් කුළු, ලිස්සන අධි බෑවුමෙන් යුත් පොළොව මත රැඳී සිටින්නේ අසීරුවෙනි. ශීත ඍතුව නිමා වී ඇත්තේ කුඩා හිම පදාසයක් ද ඒවා මත ආලේප කරමිනි. එක් වරම ඔහු අමුත්තක් දුටුවේය. සුදු පැල්ලමක් – හිමවල පැහැයට වඩා වෙනස් කිරිගරුඬ මෙන් දීප්තිමත් යමක් ඔහුගේ නෙත පැහැර ගත්තේය. එය මළ සිරුරක් බව වටහා ගැනීම අපහසු නොවීය. ලොකු හිස් ඇති ඇණ කාවද්දා තැනූ සපත්තුවක්, හිරු එළියට පිළිස්සුණු සුදු හම, කඳු නගින්නන් භාවිත කරන ගොතන ලද ලණු, නයිලෝන් දශමයක් හෝ ඒවායේ අඩංගු නොවේ.

ජෝජ් ලෙයි මෙලොරි ගේ සිරුර

ඒ කවුදැයි ඔහුට මුලින් නොවැටහිණි. සිරුර පසෙකින් බිම වාඩි වූ කොර්නාඩ් මළ සිරුරේ වූල් ස්වීටරය ද සුළඟට ඔරොත්තු දෙන කපු ජැකට්ටුවද අධ්‍යයනය කිරීමට පටන් ගති. ඔහු මුනින් අතට වැටී මුහුණ බිම හොවා දෙඅත් දෙපසට විහිදුවා ගෙනසැතපෙයි. වළලුකරට ඉහළින් කැඩී තිබූ දකුණු පාදයට ඉහළින් වම් පාදය කතිරාකාරව පතිත වී ඇත. අවසානයේ තමන් සොයමින් සිටි දෙදෙනාගෙන් එක් අයෙක් සොයා ගත්තේ යැයි ඔහු වටහා ගත්තේය.

පස් දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ කඳු නගින්නන් කණ්ඩායම අතර කේත ක්‍රමයට පණිවුඩ හුවමාරු කරගැනීමේ සිරිතක් විය. ඉතිරි තිදෙන ඒ වන විට රැඳී සිටියේ කඳු බෑවුමේ ඔහු රැඳී සිටි ස්ථානයට ඉහළිනි. “අවසන් වතාවට ගල් කුළු අතරෙ තිබුණු ඇණ සපත්තු දෙකක් මට ලැබුණා’’ ඔහු ජේක් නොරින්ටන්ට ද ඩේව් හාන්ටද, ඇන්ඩි පොලිට්ස්ට ද, ගැප් රිචඩ්ස්ට ද රේඩියෝ පණිවුඩ ලබා දුනි. ඔහු කියූ ‘ඇණ සපත්තු’ කතාව ජේක්ට ඇසී තිබිණි. පහත බැලූ ජේක් දැක තිබුණේ කොර්නාඩ් සෙමෙන් සෙමෙන් බඩගාමින් ඉදිරියට ඇදෙන ආකාරයයි. ඉක්මනින්ම සිව්දෙන පහළට රූටා විත් කොර්නාඩ්ගේ මාහැඟි සොයා ගැනුම වටා ඒකරාශි වූහ.

හිම අතර සිර වී තිබූ මඏ සිරුරු

“ඔහු සම්පූර්ණයෙන්ම මිදිලා’’ ජේක් කීවේ ඉතා ප්‍රවේශමෙන්ගැප් සමග එක්ව සිරුරේ තිබූ හිම කැටිති, අයිස් කඩන පොරොවෙන් ඉවත් කරන අතරතුරය. බැඳී තිබූ හිම එලෙස ඉවත් කරනවා හැරෙන්නට මැලොරි මදකින් හෝ සෙලවිය හැකි තවත් ක්‍රමයක් නොවීය. ජේක් ඉතා සීරුවෙන් ඔහුගේ කමිස කොලරය කපා ඉවත් කළේය. අන්‍යයන්ට එහි ඉතා පිළිවෙළට මසා තිබූ “G Mallory” නාමය පැහැදිලිව දැකගත හැකි විය. මළ සිරුරේ කමිසයේ වූ සාක්කුවක ඔහු පැළඳ සිටි ගූගල් අව් කන්නාඩි යුගලය තිබී හමු විය. තවත් සාක්කුවක තිබුණේ G.L.M. යැයි කොටන ලද පෑන් පිහියකි. ඔහුගේ දකුණු අත යට තිබී ජේක් සොයා ගත්තේ කැඩී ගිය උස මනින මාපකයක්, කතුරු හා කුඩා පිහියකි. කමිසය ඇතුලත මැලොරිගේ හදවත ළඟම තැන්පත් කර තිබුණේ ඔහුගේ පවුලේ අයගෙන් ලද ලියුම්ය.

මළ සිරුර සෝදිසි කිරීමෙන් පසු, ඔවුහු ගල් කැබලිවලින්ම එය ආවරණය කළහ. ඇන්ඩි එක් ඇන්ග්ලිකානු අවමංගල්‍ය ගීතිකාවක් කියවීය. ඔවුහු මැලොරි හට සාමදානයේ සැතපීමට ඉඩහැර ආපසු ගමන් ඇරඹූහ.

පුදුමයකට මෙන් මැලොරි අත්වැසුම් පැළැඳ සිටියේ නැත. 1924 වර්ෂයට අයත් කොඩැක් සාක්කු කැමරාව හෝ වෙනත් සාක්ෂියක් මෙයට හේතු පැහැදිලි කරනු ඇත්ද? ලොව උසම ස්ථානයේ දෙපයින් සිටගත් ප්‍රථමයා මැලොරි වීද? එය වටහා ගැනීමේදී පහත කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් යැයි කොර්නාඩ් තරයේ කල්පනා කරයි.

· මැලොරි තෝරාගෙන තිබුණේ ඉතා අසීරු, රළු බවින් අධිකතම මාර්ගයකි. අවසන් වතාවට මැලොරි සහ ඉර්වින්ව දැක තිබුණේ අඩි 28,300 ක් උස පාදමේ සිට තවත් අඩි 90 ක් ඉහළින් පිහිටා තිබූ දෙවැනි අදියරේදීය. මැලොරිගේ සිරුර සොයාගෙන දෙසතියකට පසු එම මාර්ගය ඔස්සේ නූතන තාක්ෂණික උපාංග භාවිතයෙන් එය තරණය කිරීම කොර්නාඩ් හට ද ඉතා අසීරු දෙයක් විය. කඳු මුදුනට සවි නොකරන ලද කඹ දෙපොටක ආධාරයෙන් දෙවන පියවර සම්පූර්ණ කිරීමට ඔවුන්ට කෙතරම් අසීරු දෙයක් වන්නට ඇත්ද?

· ඔවුන් සතුව තිබූ උපකරණ සාර්ථක ලෙස ක්‍රියා නොකළා වීමට පුළුවන. ඔවුන්ට ඉහළ මට්ටමේ උපකාරක ලනු හෝ නොලිස්සන සුළු පාවහන් නොතිබිණ. ඔක්සිජන් සිලින්ඩරද හොඳින් ක්‍රියා නොකරන්නට ඇත. ඔවුන් සතුව තිබූ අවම මට්ටමේ ආහාර ප්‍රමාණය ශරීර ශක්තිය අඩුකර, අතපසුවීම් සිදුවීමට ඇති ඉඩ වැඩි කරන්නට ඇත.

· අවසන් දිනයේ සැඳෑව වන තෙක්ම ඔවුන් දිගින් දිගටම කඳු තරණයේ යෙදී සිටින්නට ඇත. ඔවුන් එවරස්ට් කඳු මුදුනටම නැංගා නම් එදින රාත්‍රිය ගත කිරීමට ඔවුන්ට සිදුවනු ඇත්තේ විවෘත එළිමහනේය. එහෙත් මැලොරිගේ නාසයේ සහ ඇඟිලිවල අධික ශීතල නිසා සිදුවන තුවාල දකින්නට නැත. ඒවා අධික ශීතල නිසා ඉදිමීමට හෝ පිපිරීමට ලක්වීද නැත. ඒ නිසා කෝර්නාඩ් ඇන්කර් විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනා මිය යාමට පෙර එක් රාත්‍රියක් හෝ එවරස්ට් මුදුනේ ගත කරන්නට නැති බවයි. මැලොරිගේ එක් අත්වැසුමක් නැති වී තිබීමෙන් එය තවදුරටත් තහවුරු වෙයි. පළමු අදියර පසුකර ආපසු පහළට බැසීම ආරම්භ කර තිබියදී ලිස්සා නොයා, හිම කන්ද තරයේ දෑඟිලිවලින් බදා අල්ලා ගැනීම සඳහා මැලොරි තම අත්වැසුම් ගලවා තබන්නට ඇත. මැලොරි ඉහළ සිට ලිස්සා ඇවිත් ඉර්වින්ගේ ඇඟෙහි වැදී ඔහුව ද පසෙකට තල්ලු කරගෙන මරණීය ලෙස බිම පතිත වන්නට ඇත. ගල් පතුරකින් කපා දැමුමා විය යුතු ලණුවේ ඉතිරි අඩ තවමත් මැලොරිගේ ඉණ වටා දකින්නට ලැබේ.

මැලොරි හා ඉර්වින් එවරස්ට් කඳු මුදුනට නැගීමට යොදා ගත් මාර්ගය, අද ඒ සඳහා අඩුවෙන්ම යොදා ගන්නා වැඩියෙන්ම දුෂ්කර මාර්ගයයි.

එවරස්ට් මුදුනට පය තැබුවද, නොතැබුවද ඔවුන් එවරස්ට් කඳු මුදුනේ සදාකාලික විරුවන්ය.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

10 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

12 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

12 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

12 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

14 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

18 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago