අරුම පුදුම

නූතන ලෝකයේ අබිහරස් කතා මාලාව

ස්කින්වෝකර් ගොවිපළ (Skinwalker Ranch) එහෙමත් නැතනම් ෂර්මන් ගොවිපළ (Sherman Ranch) යනාදී නම්වලින් හැඳින්වෙන ගොවිපළ තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ උටාහ් (Utah) ප්‍රන්තයේය. මේ ගොවිපළ අක්කර 512කින් – නැත්නම් වර්ග කිලෝමීටර 2.07කින් යුක්ත දැවැන්ත එකක් ලෙස සැලකේ. ගොවිපළක්යැයි කියා හැඳින්වුවත් මෙතුළ අමුතු අමුතු දේවල් සිදුවන බව සියවසකට වැඩි කාලයක සිට වාර්තා විණ. එනිසා එය ලෝක ප්‍රකට වුණේ ගොවිපළක් ලෙස නොව අද්භූත දේවල් සිදුවන භූමි භාගයක් වශයෙනි.

කොහොම වුණත් ස්කින්වෝකර් බිම පළමුව පැවැතියේ ගොවිපළක් හැටියටය. එහි අද්භූත සිද්ධි සිදුවන බව පළමුවෙන්ම අනාවරණය වුණේ මෙයට වසර සිය ගණනකට පෙරදී බව වාර්තාවල දැක්වේ. විද්‍යාවෙන් විස්තර කරන්නට බැරි බොහෝ දේ දීර්ඝ කාලයක් තිස්සේ ගොවිපළ තුළ සිදුවුණු බව ගොවිපළ අවට ජීවත් වන පිරිස් ද තහවුරු කර සිටිති. ගොවිපළ අවට වැඩි වශයෙන් ජීවත් වන්නේ “උටේ ඉන්දියානුවන්” නැමැති ස්වදේශික අමෙරිකා ජාතිකයන්ය. එකී ගෝත්‍රික ජනයා පවසන අන්දමට ගොවිපළට යටත් බිම කිසියම් ආකාරයේ ශාපයකට ලක්ව තිබේ. එනිසා “ස්කින්වෝකර්” නමින් හැඳින්වෙන සතෙකු එහි ජීවත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. “ස්කින්වෝකර්” සැණෙකින් තම ස්වරූපය වෙනස් කරගන්නට සමත් සතෙකි. මේ අමුතු සතා නිසා භූමියට ඇතුළුවීම පවා නොකළ යුත්තක් සේ සලකන්නට උටේ ඉන්දියානු ගෝත්‍රික ජනයා වසර සිය ගණනක් තිස්සේ පුරුදු පුහුණුව සිටිති. තවද ගොවිපළට අයත්යැයි කියන ප්‍රදේශයේ සැරිසරන අමුතු ස්වරූපයේ සතුන්, ප්‍රදේශයට ඉහළ අහසේ ගමන් ගන්නා කළු පැහැතිවූත් ත්‍රිකෝණාකාරවූත් පියාඹන වස්තූන් ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ උටේ ඉන්දියානුවන් දැක ඇත. ඒ අත්දැකීමත් ඔවුන්ව යටකී විශ්වාසයෙහි ඇද බැඳ තබන්නට හේතුවක් වී තිබේ. ඒ හැරුණුවිට අමුතු ආකාරයේ සතුන් එහි මියගොස් ඇති බව මේ ගෝත්‍රිකයන්ට දැනගන්නට ලැබුණු අවස්ථාත් එමටය. තමන් කිසිදාක දැක නැති ආකාරයේ සතුන් මියගොස් ඇති වග උටේ ඉන්දියානු ගෝත්‍රිකයන් දැනගන්නේ ගොවිපළ ආසන්නයේ බිම තැනින් තැන විසිරී ඇති සත්ත්ව දේහවලට අයත් කොටස් දැකීමෙනි. ඒ සත්ත්ව දේහ කොටස් “ස්කින්වෝකර්” නැමැති සතාට අයත් දේහ කොටස්මදැයි කියා හරියටම කියන්නට මේ ගෝත්‍රිකයන් දන්නේ නැත.

ස්කින්වෝකර් ගොවිපළේ සිදුවන සිද්ධි ගැන වඩාත් පැහැදිලි සටහනක් තැබෙන්නේ 1951 වසරේදීය. මේ සටහන තබන්නේ ගොවිපළ අවට ගම්මානයක පිහිටි පාසලක විද්‍යා ගුරුවරයකු හැටියට සේවය කළ ජුනියර් හික්ස් නැමැති තැනැත්තෙකි. ගොවිපළ ආශ්‍රිත පෙදෙසේ ඉහළ ආකාශයේ පියාසර කරන විශාල වස්තුවක් ඔහු දැක තිබේ. ඔහු දුටු මේ පාවන වස්තුව ඉතා අසාමාන්‍ය එකක් විණියැයි කියා හෙතෙම සටහන් කර තිබේ. එතැන් පටන් ස්කින්වෝකර් ගොවිපළට යටත් පෙදෙසේදී ඔහු මුහුණ දී ඇති අසාමාන්‍ය සිද්ධි ප්‍රමාණය 400කට අධිකය. තමන්ට අත්විඳින්නට ලැබුණු එකී අසාමාන්‍ය සිද්ධි ගැන විවිධ අවස්ථාවලදී මේ විද්‍යා ගුරුවරයා සටහන් තබා ඇත. එවැනි එක් සටහනක මෙසේ දැක්වේ.

“… මේ ප්‍රදේශයේ සැරිසරන හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන දැනගන්නට ලැබෙන්නේ එක දහස් නවසිය පනස් ගණන්වල සිටයි. නගරයට ඉහළ අහසේ එවැනි යානා ගැවසෙන හැටි පාසලේ සිසුන් සහ ගුරුවරුන් දුටු අවස්ථා එමටය. හඳුනා නොගත් පියාඹන යානාවන්, හැට සහ හැත්තෑව දශකවලදී අපි හුඟක් දැක්කා. ඇත්තටම කිව්වොත් ලෝකයේ අන් කිසි තැනකදී දකින්න බැරි තරමේ එවැනි යානා ප්‍රමාණයක් අපි එකල එහි දැක තිබුණා. …”

කොහොම වුණත් මේ ගොවිපළ තුළ සිදුවන අද්භූත සිද්ධි දෙසට සෙසු ලෝකයාගේ අවධානය තදින්ම යොමුවන්නේ 1994 වසරේ සිටයි. එය සිදුවුණේ ටෙරී සහ ග්වෙන් ෂර්මන් යුවළ ගොවිපළ 1994 වසරේදී මිලදී ගැනීමත් සමඟයි. ඔවුන් මේ ගොවිපළ මිලදී ගත්තේ එහි සිදුවන අද්භූත සිද්ධි ගැන කිසිදු දැනුමක් නැතිව බව පෙනේ. එය තීරණය කරන්නට එකම එක සාක්ෂියක් ඇත. එනම්, තමන්ට පළමුව ගොවිපළේ හිමිකාරත්වය දැරූ අය මේ සා මහා විශාල ගොවිපළක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමන ලද්දේ මන්දැයි කියා මේ යුවළ කල්පනා කරන්නට පවා පටන් ගන්නේ ගොවිපළ මිලදී ගත් පසුව වීමයි.

මේ සිතුවිල්ලෙහි නිමග්නව සිටි ඔවුහු ගොවිපළ මිලදී ගත් දාම ගොවිපළ තුළ තණ බුදින අතිවිශාල වෘකයකු දුටහ. විශාල සතාගෙන් කිසියම් ආකාරයක දුර්ගන්ධයක් හමා එනුත් ෂර්මන් යුවළට දැනිණ. අමුතු සත්ත්වයා වඩාත් විස්තර ඇතිව බලාගන්නට මේ දෙදෙනාට වුවමනා විණ. එනිසා දෙදෙනාම සතාට තරමක් සමීප වූහ. සතා ශර්මන්ට තරමක් හීලෑවුණු බවක් පෙන්වූවත් එකනෙහිම වාගේ ඌ ශර්මන්ගේ ගව ගාලට කඩා පැන්නේය. ඌ, ගව ගාලෙහි සිටි කුඩා වසු පැටවකු උගේ හොම්බෙන් අදින්නට පටන් ගත්තේ දැඩි වීර්යයක් යොදමිනි. ෂර්මන් යුවළට මෙය තවත් බලා සිටින්නට බැරි විය. ඔවුහු සතාට පොරොවකින් පහර දුන්හ. ඒ වුණත් මේ අරුම පුදුම සතාව මෙල්ල කරගන්නට ෂර්මන්ලා අපොහොසත් වූවෝය. වෙනත් කළ හැකි දෙයක් නොවූ තැන ටෙරී සිය පිස්තෝලය ගෙන සතාට වෙඩි තැබුවේය. පුදුමයකි!; පිස්තෝලයෙන් පිටවුණු කිසිදු මූනිස්සමක් සතාගේ ඇඟේ වැදුණේ නැත. තමන්ගේ සිරුර ආසන්නයෙන් ගමන් ගන්නා මූනිස්සම් නිසා බියට පත්වූ බවක් වත් ඌ කෙරෙන් පළ නොවිණ. ෂර්මන්ලා සිතුවේ මේ අරුම පුදුම සතා අඩු තරමින් කෑගසණු ඇතැයි කියාය. තමන් දෙසට ගලා එන මූනිස්සම් හමුවේ ඌ කිසිදු හඬ නැඟුවේද නැත. කිසිදු මූනිස්සමක් උගේ ඇඟේ වැදුණු බවක් දකින්නටවත් නොලැබිණ. ඒ වෙනුවට ශාර්මන් යුවළ දුටුවේ වසු පැටවා තමන් දෙසට ඇද ගන්නට නොනවත්වා වෙරදරන සතාය. ටෙරී තමන්ගේ තුවක්කුවෙන් වෙඩි තබන්නට පෙළඹෙන්නේ ඉන් පසුවයි. එහි ප්‍රතිඵලයත් පුස්සක් විණ. අවසානයේදී සතා දුවන්නට පටන්ගත්තේය. අමුතු සතා පසුපස ලුහුබැඳ ඌව අල්ලා ගන්නට ෂර්මන් යුවළ උත්සාහ කළහ. ඒත් සතා හිටි අඩියේම අතුරුදහන් විණ. අඩු තරමින් මේ සතාගේ අඩි සලකුණක්වත් පොළොව මතුපිට සටහන් වුණේ නැති බව ෂර්මන්ලා සනාත කරති.

වෘකයන් වැනි සතුන් ෂර්මන්ලා දුටු පළමු සහ අවසන් අවස්ථාව එය නොවිණ. අවස්ථා රැසකදී ඔවුහු ඒ අරුම පුදුම සත්ත්ව විශේෂය දුටහ. ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් දැක තිබුණේ සාමාන්‍යයෙන් වෘක්කයකුට වඩා බෙහෙවින් විශාලවූත්, වෘකයකු හා සමානවූත් විශේෂයකට අයත් සතෙකි.

ගොවිපළ තුළ සිදුවන අත්භූත සිද්ධි මෙතැනින් කෙළවර වුණේ නැත. හඳුනා නොගත් ආකාශ වස්තූන් පෙනීම, ගොවිපළෙහි සතුන් හදිසියේම අතුරුදහන්වීම සහ ඒ සතුන්ගේ ශරීර කොටස් ගොවිපළෙහි තැනින් තැන දකින්නට ලැබීම, රතු ඇස් ඇති විෂාල සතුන් හදිසියේම ගොවිපළට පැමිණීම, ඒ සතුන්ට වෙඩි තැබීමට උත්සාහ කළත් මූනිස්සම් ඔවුන්ගේ ශරීරවල නොවැදීම, නුහුරු නුපුරුදු ශබ්ද ඇසීම වැනි අරුම පුදුම සිද්ධි ඒ අතර විණ. ඒ වගේම බෝග වගා මත වෘත්තාකාර සලකුණුත් ගොවිපළේ තණකොළ සහ වැලි මත අසාමාන්‍යය ආකාරයේ සලකුණුත් ඇති වී තිබෙනු දකින්නට ලැබීම තවත් විශේෂත්වයක් විණ. මේ තත්ත්වයන් විද්‍යානුකුලව අනාවරණය කරගන්නට විවිධ වෘත්තිකයෝ උත්සාහ දැරූහ. ඒත් අපේක්ෂා කළ තරමින් ඒ කිසිවකින් කරුණු විවරණය කරගැනීමට කිසිවකුට හැකියාවක් ලැබුණේ නැත.

ගොවිපළ මිලදීගෙන දෙවසරක් ගෙවෙන විට ෂර්මන්ලා නොසෑහෙන සේ හෙම්බත්ව සිටියහ. ඔවුන්ට නිදාගන්නට පවා අසීරු තත්ත්වයක් උදා වී තිබිණ. නිදාගත්විට නපුරු සිහින පෙනෙන්නට වූ බව දැක්වේ. ඔවුන් දුටු භයානක සිහිනවලට සමාන සිහින ප්‍රදේශයේ කිහිපදෙනෙකුම දැක ඇති බවක්ද වාර්තා විණ. ෂර්මන් යුවළගේ දරුවන් දෙදෙනා ඉගෙනීමෙහි දක්ෂයන් වුවත් ගොවිපළ මිලදී ගැනීමෙන් ඇතිවුණු අවසනාවන්ත තත්ත්වය හමුවේ ඔවූහු ඉගෙනීමෙහි දුර්වලයෝ වී සිටියහ. ෂර්මන් මහත්මියට රැකියාව අහිමි විණ. ෂර්මන් මහතාට ගොවිපළේ සතුන් අඩුවී යාම නවතා ගන්නට බැරි විය. මේ නිසා තත්ත්වය තුළ ෂර්මන්ලාට ගොවිපළ වහ කදුරු වැනි තත්ත්වයකට පත්ව තිබිණ.

1996 වසරේදී රොබර්ට් බිගෙලෝ නැමැති පුද්ගලයෙක් ගොවිපළ ෂමන්ලාගෙන් මිලදී ගත්තේය. ගොවිපළ, බිගෙලෝ ගොවිපළ වශයෙන් හැඳින්වෙන්නට පටන් ගත්තේ එතැන් සිටයි. ගොවිපළ බිගෙලෝගේ අයිතියට පත්වුණු පසුව විද්‍යා පර්යේෂණ සඳහා වූ ආයතනයක් එහි ස්ථාපනය කෙරිණ. විද්‍යානුකූල අනාවරණයන් පිළිබඳ ජාතික ආයතනය යනු එකී ආයතනයයි. මේ ආයතනය වගේම තවත් පර්යේෂණ ආයතන රැසක් ගොවිපළ සම්බන්ධයෙන් විවිධ මට්ටමේ පර්යේෂණ පැවැත්වීම ඇරඹුවේය. අදටත් යටකී ආයතනය තුළ වගේම ඉන් පරිබාහිර පර්යේෂණාගාර තුළත් මේ ගොවිපළ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරේ. ඒ වුණත් එහි සිදුවන අත්භූත දේවල් ගැන හරිහැටි අනාවරණයක් කරගන්නට ඒ කිසිදු පර්යේෂණයක් හෝ අධ්‍යනයක් හෝ රුකුලක් වී නැත.

සම්මත විද්‍යාත්මක පර්යේෂණවලට පරිබාහිර දේ බිගෙලෝ ගොවිපළ ආශ්‍රයෙන් සිදුවන බව දැනට එළඹ තිබෙන එකම මතයයි. ඒ හැරුණ විට හඳුනා නොගත් යානා නිසා ඇතිවන බලපෑම් ද එහි ඇති බව තහවුරු වී තිබේ.

ttps://www.thedailybeast.com/why-do-ufos-love-this-utah-ranch-so-much

Share

Recent Posts

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 hour ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

4 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

5 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

20 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

21 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 day ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago