විශේෂාංග

ඉන්දියාව චීනය සමග ව්‍යාප්තවාදයේ කරට කර සටනක

ඉන්දීය රජය අප්‍රිකාව සමඟ රාජතාන්ත්‍රික සබඳතා ශක්‌තිමත් කිරීමට සැලසුම් කරයි. ඒ අනුව අප්‍රිකා රාජ්‍යය 18ක් තුළ නව තානාපති කාර්යාල විවෘත කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත. අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදී මේ බැව් පසුගිය දා අනාවරණය කළේ උගන්ඩාවේ සංචාරයක යෙදෙන අතරතුර එරට පාර්ලිමේන්තුව අමතමිනි. අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ඉන්දියාවත් උගන්ඩාවත් අතර සහයෝගිතාව තම සංචාරය හේතුවෙන් තවත් ගැඹුරට ගමන් කළ බවකි.

නරේන්ද්‍ර මෝදී අග්‍රාමාත්‍යවරයා අප්‍රිකා රාජ්‍ය තුනක පස් දින නිල සංචාරයක පසුගිය දා යෙදුණේය. සංචාරය අරඹමින් හෙතෙම පළමුවෙන්ම ළඟා වූයේ රුවන්ඩාවටයි. ඉන්දීය අගමැතිවරයකු රුවන්ඩාවට සම්ප්‍රාප්ත වූ පළමු අවස්ථාව එය ලෙස ඉතිහාසයට එක් විණ. එසේ වුවත් රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ පසුගිය වසර එකහමාරක් වැනි කාලයක් තුළ දෙවරක් ඉන්දියාවේ සංචාරය කළේය. මේ නිසා මෝදී සහ කගාමේ අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනැඟී තිබිණ. රුවන්ඩාවට ළඟා වූ මෝදී අගමැතිවරයා එරට සමූල ඝාතනය අනුස්මරණය කිරීමේ උත්සවයකටත් සහභාගී වූයේය. “ගිරින්කා” යනුවෙන් නම් කර තිබූ ප්‍රජා සංවර්ධන වැඩසටහන ශක්තිමත් කරමින් අගමැතිවරයා කිරි ගවයන් 200ක් රුවන්ඩාවට ප්‍රදානය කිරීමත් විශේෂ සිදුවීමක් විණ. රුවන්ඩා සංචාරය නිමකරමින් නරේන්ද්‍ර මෝදී පැමිණියේ උගන්ඩාවටයි.

අග්‍රාමාත්‍යයවරයා උගන්ඩාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක පමණ ණය පහසුකම් ලබා දෙන්නට එකඟ වූයේය. මේ ණය පහසුකම් සැපයුණේ උගන්ඩාවේ බලශක්ති, කෘෂිකාර්මික සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර නැංවීම සඳහායි. උගන්ඩාව සහ ඉන්දියාව අතර විෂය ක්ෂේත්‍ර කිහිපයක් යටතේ එකඟතාවන් රැසක් පසුගිය කාලයේදී ගොඩ නැඟිණ. ඒ අතර වඩාත් කැපී පෙනෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් පුහුණු කිරීම සම්බන්ධයෙන් 2010 සිට ගොඩනැඟී ඇති සහයෝගීතාවයි. ඉන්දීය ජාතිකයෝ 30,000කට අධික සංඛ්‍යාවක් උගන්ඩාවේ විවිධ රැකියාවල නියැලෙති. ඉන්දීය – උගන්ඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1965 වසරේදී ය. එදා මෙදා තුර ගෙවුණු කාලයේදී ඉන්දියාවත් – උගන්ඩාවත් අතර රාජ්‍යය තාන්ත්‍රික සබඳතා යම් ප්‍රමාණයකින් බිඳ වැටුණේ ඉඩි අමීන් උගන්ඩාවේ ජනාධිපතිවරයාව සිටි සමයේදී බැව් වාර්තාවන්හි දැක් වේ. උගන්ඩාවේ සේවය කළ ඉන්දීය ජාතිකයන් 5,000ක් සහ ඉන්දීය සම්භවයක් ඇති තවත් 55,000ක් නෙරපා හරින්නට ඉඩි අමීන් පියවර ගත්තේය. එසේ පලුදු වූ දෙරට අතර හොඳ හිත නැවත වරක් ගොඩනැඟුණේ 1986 වසරේදී බලයට පැමිණි යොවේරි මුසවෙනි අතිනි. කෙසේ වුවත් පසුගිය වසර 21ක කාලය මුළුල්ලේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු රාජ්‍යය තාන්ත්‍රික සබඳතා ගොඩනැඟීමේ අරමුණෙන් උගන්ඩාවේ සංචාරයක නියැලුණේ නැත. වසර 21කට පළමුව උගන්ඩාවේ සංචාරයක යෙදුණු කිසිදු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකුට උගන්ඩා පාර්ලිමේන්තුව අමතන්නට අවස්ථාවක් ලැබුණේ ද නැත. මේ නිසා මෝදී අගමැතිවරයාගේ උගන්ඩා සංචාරය දෙරටටම ඉතා වැදගත් එකක් වූයේය.

උගන්ඩා සංචාරය නිම කරමින් මෝදී අග්‍රාමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වුණු බ්‍රික් සමුළුවට සහභාගී වූයේය.

මෝදී අගමැතිවරයා අප්‍රිකා සංචාරයත්, අප්‍රිකා රාජ්‍යය 18ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට යෑමත් පසුපස උභතෝකෝටික ගැටළුවක් ඇත. ඒ ගැටලුව පැන නැඟෙන්නේ චීනයත් මේ අන්දමේම වැඩපිළිවෙලක් අප්‍රිකා රාජ්‍ය අරභයා දියත් කර ඇති බැවිනි. චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් අප්‍රිකා රාජ්‍ය රාශියක විටින් විට සංචාරය කරමින් අප්‍රිකා සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමටත් අප්‍රිකා රාජ්‍ය කිහිපයක ආයෝජනය කිරීමටත් එකඟතාව පළ කර ඇත. අනෙකක් තබා චීන ජනාධිපතිවරයාත් රුවන්ඩාවේ සංචාරයක යෙදෙන්නට පසුගිය දා අමතක කර තිබුණේ නැත. මධ්‍යම සහ නැඟෙනහිර අප්‍රිකා රාජ්‍යයන්හි ආයෝජනය කිරීමට චීන සමාගම් විශාල සංඛ්‍යාවකට ආරාධනය කිරීමටත් චීන ජනාධිපතිවරයා සිය අප්‍රිකා සංචාරවලදී අමතක කර නැත. අප්‍රිකා මහා ද්වීපයේ සම්පත් බහුල දුප්පත් රාජ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගැනීම සඳහා ආසියාවේ ආර්ථික බලවතුන් දෙදෙනා තරගයකට මෙන් දිව යන බවක් මෙයින් පළ වේ. කෙසේ වුවත් අනාගතයේ දිනෙක අප්‍රිකාව චීන කොළනියක් බවට හෝ ඉන්දීය කොළනියක් බවට හෝ ඒ දෙකේම කොළනියක් බවට හෝ පත්වීම මේ තුළ ස්ථිරවම ක්‍රියාත්මක වේදැයි කියා කියන්නට තවමත් කල් වැඩිය.

ඡායාරූප සබැඳුම

https://edition.cnn.com/2018/07/23/africa/xi-jinping-paul-kagame-rwanda-intl/index.html

https://edition.cnn.com/2018/07/23/africa/xi-jinping-paul-kagame-rwanda-intl/index.html

https://www.thehindu.com/news/national/modi-gifts-200-cows-to-villagers-in-rwanda/article24505065.ece

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

8 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

10 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

14 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

14 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

14 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

15 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago