අරුම පුදුම

නෝ ලීක් – ක්ලබ් තර්ටි ත්‍රී

මිනිස්සු එක එක තලයේ “සමාජවලට” හෙවත් “ක්ලබ්වලට” බැඳී සිටිති. සමහර “ක්ලබ්වලට” බැඳී සිටීම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ඒ පුද්ගලයන්ගේ දැනුම, හැකියාව දියුණු තියුණු කරගන්නට රුකුලකි. අතේ මිටේ කාසි පනම් ඇති, කාමභෝගී ජීවිත ගත කරන තවත් සමහර අය කා බී විනෝද වී ඇඟපත ටිකක් සතපවා ගන්නටත් ක්ලබ්වලට නිතර යති; එති. එහෙම “සැපයක්” විඳිනු රිසි ඉක්මන්කාරයන් “තිස් තුනේ සමාජ ශාලාව” වගේ තැනකට යන්න පෙරුම් පුරාවිදැයි කියා අපි නොදනිමු. කොහොම වුණත්, මහා සුඛ විහරණයන් තුළ පවා ඇත්තේ දුකම මිස අනෙකක් නොවේයැයි කියන්නට මේ කතාව හොඳ හේතු පාඨයක් බව මතක් කරනු කැමැත්තෙමු.

අපේ මේ කතාවට නිමිත්ත වන්නේ “ක්ලබ් තර්ටි ත්‍රී” නමින් හැඳින්වෙන සමාජ ශාලා සමූහයයි. එය, අතිශයින්ම සුවිශේෂී සාමාජිකයන් සහ ආගන්තුකයන් සඳහා වෙන් කර ඇති සමාජ ශාලා සමූහයකි. “ක්ලබ් තර්ටි ත්‍රී” යනු මේ මිහිමත ඇති පුදුමාකාර ගුප්ත තැනක් හැටියට තවත් විධියකින් හඳුන්වන්නට පුළුවන.

“ක්ලබ් තර්ටි ත්‍රී”හි ගුප්ත බව ආරම්භ වන්නේ එක් එක් වසර සඳහා සමාජ ශාලාවට ඇතුළත් කරගන්නා සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව සකස් කෙරෙන තැන සිටය. මේ අරුම පුදුම සමාජ ශාලාවට ඇතුළුවන්නට කෙනෙකුට අවසරය හිමි වන්නේ අයැදුම් පතක් ඉදිරිපත් කර දාහතර වසරක් ඉක්ම ගිය පසුවයි. සමාජ ශාලාවට ගොස් තුටුපහටු වන්නට කෙනෙකු එතෙක් කල් ජීවත් වුවහොත් පුදුමයකි. එක් එක් වසර සඳහා සමාජ ශාලා සමූහයේ සාමාජිකත්ව ප්‍රදානය තීරණය කෙරෙන්නේ ඒ ඒ වසරවලදී ඉදිරිපත් වී ඇති අයැදුම්පත්වල ප්‍රමුඛතාව අනුවය. තමන්ට අවශ්‍ය වසරේ ලැයිස්තුවට නම ඇතුළු කරවා ගැනීම කෙනෙකුට කොහෙත්ම පහසු නැත. එම අසීරු අවස්ථාව දිනාගත් කෙනෙකු මූලික ගෙවීමක් ද කළයුතුය. එම මූලික ගෙවීම ඇමෙරිකා ඩොලර් 25,000ත් 100,000ත් අතර මුදලක් බැව් පැවසේ. ඒ විධියට පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කර ගත් කෙනෙකු එළඹෙන වසර 14 පුරාම වාර්ෂික සාමාජික මුදල් ගෙවිය යුතුව ඇත. ඒ වෙනුවෙන් කෙනෙකුට වසරකට ඇමෙරිකා ඩොලර් 12,500ත් 30,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවේ.

මූලිකවත්, වාර්ෂිකවත් ගෙවිය යුතු මුදල් ප්‍රමාණ කොපමණද යන්න තීරණය කෙරෙන්නේ කිසියම් කෙනෙකු අයදුම් කරන සාමාජිකත්වයේ ස්වරූපයට අනුරූපවය. තමන්ගේ වත් පොහොසත්කම් අනුව කැමැති සාමාජිකත්ව ස්වරූපයක් යටතේ ලියාපදිංචි වන්නටත් කෙනෙකුට නිදහස ඇත.

මේ කියන අරුම පුදුම සමාජ ශාලා සමූහය තිබෙන්නේ ලොව තැන් තුනක ස්ථාපනය කර ඇති ඩිස්නි උද්‍යාන තුනක් තුළයි. කොහොම වුණත් ඉන් පළමුවැන්න ස්ථාපනය කෙරුණේ ඇමෙරිකා එකසත් ජනපදයේ නිව් ඕර්ලෙන්ස් චතුරශ්‍රයේ ඩිස්නි උද්‍යානයෙහිය. “ක්ලබ් තර්ටි ත්‍රී” එම සමාජ ශාලාවට පසුව තවත් සමාජ ශාලා දෙකක් ස්ථාපනය කෙරිණ. ඉන් එකක් ඉදි කෙරුණේ ජපානයේ ටෝකියෝ නුවර ඩිස්නි උද්‍යානයේය. අනෙක චීනයේ ෂැන්ග්හායි ඩිස්නි උද්‍යානයේ ඉදි කෙරී ඇත.

පළමු “ක්ලබ් තර්ටි ත්‍රී” සමාජ ශාලාව නිව් ඕර්ලෙන්ස්හි ඩිස්නි උද්‍යානයේ ආරම්භ කෙරුණේ ඇමෙරිකා ජාතික වෝල්ට් ඩිස්නිගේ අදහසකට අනුවයි. වෝල්ට් ඩිස්නි ව්‍යාපාරිකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු, හඬ කැවීමේ ශිල්පියකු ලෙස කටයුතු කළ කෙනෙකි. කාටුන් කලාවට නව ප්‍රාණයක් එක් කළ නිර්මාණකරුවකු හැටියට ද ඔහුගේ නම ඉතිහාස ගත වී ඇත. පොඩිත්තන් අතර ප්‍රකට මිකී මවුස් කාටුන් චරිතයත් වෝල්ට් ඩිස්නිගේ නිර්මාණයකි. මිකී මවුස් චරිතය ඔහු අතින් නිර්මාණය කෙරුණේ 1928දී බව වාර්තාවල සඳහන් වේ. එක්දහස් නවසිය පනහ දශකයේදී ඩිස්නිලන්තය නැමැති විනෝද උද්‍යානය ගොඩනැඟෙන්නේ ද මේ දක්ෂ කලාකරුවාගේ සංකල්පයක් ඔස්සේය.

ඩිස්නිලන්තය විවෘත කිරීමෙන් පසු වෝල්ට් ඩිස්නිට විවිධ විධියේ ව්‍යාපාරිකයන් සමඟ ගැටී කටයුතු කරන්නට අවස්ථාව ලැබිණ. “1964 – නිව් යෝර්ක් වර්ල්ඩ්ස් ෆෙයාර්” වෙළඳ ප්‍රදර්ශනයට ඩිස්නි සම්බන්ධවීම, ඔහුගේ ව්‍යාපාරික ලෝකයට නව පිටුවක් පෙරළෙන්නට නිමිත්තක් වූයේය. වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ ලොව ඉහළම පෙළේ ව්‍යාපාරිකයන්, ඔවුන් වෙනුවෙන්ම ඉදි කර තිබූ සුවිශේෂ ස්ථානවල විනෝදය වන සැටි ඩිස්නි දුටුවේය. තම ඩිස්නි උද්‍යානය තුළත් එවැනි සුවිශේෂ ස්ථානයක් ඉදිකිරීම යෙහෙකැයි යන සිතුවිල්ල වෝල්ට් ඩිස්නි තුළ පහළ වන්නේ ඒ අත්දැකීම් නිසයි. ඔහු තුළ රෝපණය වුණු එම සංකල්පය යතාර්ථයක් බවට පත් වී “ක්ලබ් තර්ටි ත්‍රී” සමාජ ශාලා සමූහයේ පළමුවැන්න ඇමෙරිකාවේ නිව් ඕර්ලෙන්ස්හිදී විවෘත කෙරෙන්නේ 1967 ජුනි 15වැනිදාය. නමුත් ඒ අවස්ථාව දැකබලා ගැනීමේ වාසනාව වෝල්ට් ඩිස්නිට උදා වුණේ නැත. ඒ, 1966 දෙසැම්බර් 15වැනිදා ඔහු සිය දිවි සැරිය නිම කළ නිසයි.

1967දී විවෘත කෙරුණු පළමු “ක්ලබ් තර්ටි ත්‍රී” සමාජ ශාලාවට ඒ නම යෙදුණේ කවරක් මුල් කරගෙන ද යන්න බොහෝදෙනාගේ විමසිල්ලට තුඩු දුන් කාරණයකි. 1966 – 1967 කාල පරාසයේදී ඩිස්නිලන්තයේ ව්‍යාපාරික කටයුතු සිදු කෙරුණේ ලෝක ප්‍රකට සමාගම් තිස් තුනක සම අනුග්‍රාහකත්වය මධ්‍යයේය. එකී සමාගම් අතර ඊස්ට්මන් කොඩැක්, බෑන්ක් ඔෆ් ඇමෙරිකා, බෙල් ටෙලිෆෝන්, ජෙනරල් ඉලෙක්ට්‍රිකල්ස්, හොල්මාර්ක් කාර්ඩ්ස්, ගුඩ්ඉයර් ටයර් ඇන්ඩ් රබර්, ඩග්ලස් එයාර්ක්‍රාෆ්ට්, කොකා – කෝලා, පෙප්සි කෝලා, ටයිමෙක්ස් සහ යුනයිටඩ් එයාර් ලයින්ස් වැනි ලෝක ප්‍රකට සමාගම් තිබුණු බව සඳහන් වේ. සමාජ ශාලාව ඉදිවන කාලයේදී ද ඩිස්නිලන්තයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව සිටි ඒ සමාගම් තිස් තුනට ගෞරවය පිණිස සමාජ ශාලාව “ක්ලබ් තර්ටි ත්‍රී” ලෙස නම් කෙරුණිද යන්න ගැන සැකයක් ඇත.

“ක්ලබ් තර්ටි ත්‍රී” සමාජ ශාලාවකට ඇතුළුවන කෙනෙකුට අතිශයින්ම සුඛෝපබෝගී පරිසරයක කාලය ගෙවන්නට ඉඩ සැලසේ. සමාජ ශාලාවේ බිත්ති, විදුලි පහන්, පිය ගැට පෙළ, බුමුතුරුණු, ආදී සෑම සියලු දෙයක්ම ධන කුවේරයන්ගේ මනදොළ සපුරන්නට සමත් ආකාරයට සකසා අලංකාරවත් කර ඇත. මේ සමාජ ශාලාවේ භාවිතයට ගැනෙන වීදුරු, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහිය ආදිය පවා මහත් දැකුම්කළුය. සුවිශේෂීය.

“ක්ලබ් තර්ටි ත්‍රී” සමාජ ශාලා ඇතුළත පෞරාණික ගෘහ භාණ්ඩ පරිහරණය කෙරෙන බැව් ඇතැම් තැනෙක දැක්වේ. සමාජ ශාලාව පුරා නාද රටා රැව් පිළි රැව් දෙන්නේ නවතම තාක්ෂණික මෙවලම් හරහාය. ඩිස්නිලන්තය තුළ මධ්‍යසාර භාවිතය සීමාකර ඇතත් “ක්ලබ් තර්ටි ත්‍රී”හිදී රිසි රිසි ලෙස රහමෙර තොලගාන්නට සාමාජිකයන්ට ඉඩ ඇත. එමෙන්ම ලොව ඉතාමත් වටිනා සැර බීම වර්ගවල ආශ්වාදය විඳින්නන්ටත් එය පාරාදීසයකි. මේ සියලු රස, සාමාජිකයන් අතට පත්වන්නේ ඩොලර් දහස් ගණන්වලට බව අමුතුවෙන් නොකිවයුතු මනාය.

ධනවතුන්ගේ කේතුමතිය ලෙස හැඳින්විය හැකි “ක්ලබ් තර්ටි ත්‍රී”හි කෙරෙන කිසිවක් සාමාන්‍යය ලෝකයට ආරංචි වන්නේ නැත. එයට ප්‍රධානම හේතුව සාමාන්‍යය සමාජයේ ජීවත්වන කිසිදු කෙනෙකුට එයට ඇතුළුවන්නට කොහෙත්ම ඉඩක් නොලැබීමය. මේ රහසිගත සමාජ ශාලා සමූහයේ දසුන් මෑතක සිට යම්තමින් ප්‍රකට වීමට පටන් ගෙන තිබේ. ඒ, එහි සාමාජිකයන් සමාජ මාධ්‍ය ජාලා හරහා කරන ගනුදෙනුවලදී ඡායාරූප හුවමාරුවන්නට පටන් ගැනීමත් සමඟය. “ක්ලබ් තර්ටි ත්‍රී”හි විනෝද වන්නට ගිය සමහර අය ආයතනික නීතිවලට පටහැනිව කටයුතු කරන්නට ගොස් සාමාජිකත්වය නැති කරගත් අවස්ථා ගැනත් ඉතා කලාතුරකින් වාර්තා වේ. එවැනි අය තමන්ට සිදුවුණු අසාධාරණය නීතිය හමුවට ගෙන ගිය විට “ක්ලබ් තර්ටි ත්‍රී”හි කටයුතුවල ඇතුළාන්ත තොරතුරු සමාජයට විවරණය වීම නොවැලැක්විය හැකි විණ. එලෙස දැනගන්නට ලැබෙන තොරතුරු හැරුණු විට “ක්ලබ් තර්ටි ත්‍රී” ගැන පුළුල් විස්තරයක් තාක්ෂණය දියුණු මේ සියවසේදීත් අනාවරණය නොවීම පුදුම සහගතය.

එපමණක් නොව එහි සාමාජිකත්වය ගෙන සුපිරි වින්දනයක් සොයන්නේ මේ ලෝකයේ කවර තරාතිරමේ පුද්ගලයන් ද යන්න ගැනත් නිශ්චිත හෙළි දරව්වක් නැත. අතැනින් – මෙතැනින්, කණින් – කොණෙන් ඇසෙන කතාවලට අනුව හොලිවුඩ් නළු නිළියෝ ද සමාජයේ සම්භාවනීය පිළිගැනීමක් ඇති පුද්ගලයෝ ද ව්‍යාපාරිකයෝ ද මෙහි සාමාජිකයෝය. එහෙත් ඒ පිරිස හරියටම කව්දැයි කියා විස්තර ඇතිව කියන්නට තරම් පැහැදිලි සාක්ෂියක් නැත. එයට හේතුව සාමාජිකත්වය ගැන අල්ප මාත්‍රයකුදු තොරතුරක් සමාජයට කාන්දු නොවන අන්දමට “ක්ලබ් තර්ටි ත්‍රී” ආයතනය පවත්වා ගෙන යෑමයි. ඒ න්‍යායටම අනුගත සාමාජිකයන් පිරිසක් සිටින නිසා උනුන් උනුන්ගේ තොරතුරු සමාජයට “ලීක්” කරන්නේත් නැත.

ඡායාරූප

 https://en.wikipedia.org/wiki/Club_33

හේතුවක් නැතිව බකල ගැහුණු ගස් 400කින් සමන්විත අරුම පුදුම වනයක් …..

මීළඟ දිග හැරුමෙන්    …….

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

13 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

16 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

17 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

18 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

18 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

19 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

19 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

21 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

23 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago