චරිත

පලස්තීනයෙන් බැස ගිය හිරු- යසර් අර්ෆත්

ඊශ්‍රායල් පලස්තීන ගැටුම . ජෙරුසෙලමේ අයිතිය, ගාසා තීරය ලෝක අර්බුද ගැන කථා කරන සෑම මෙහොතකම අපගේ මනසට එන ප්‍රධාන මාතෘකා සමහරකි. මෙම මාතෘකා සමග බද්ධ ව තිබී සමහර මිනිස් නම් අද මැකී ගොසිනි. සමහර නම් අදද නෙනැසී පවති. යසර් අර්ෆත් Yasser Arafat නාමය ඉන් එකකි.

Mohammed Yasser Abdel Rahman Abdel Raouf Arafat al-Qudwa ඔහුගේ සම්පූණ නමයි. නිදහස් හා සාමකාමී ස්වාධීන පලස්තීන රාජ්‍යයක සිහිනය සැබෑවනු දකින්නට සිහින දුටු නායකයන් අතරේ ඔහුට හිමිවන්නේ ප්‍රමඛ ස්ථානයකි.

1994 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු වූ ඔහු පලස්තීන විමුක්ති සංවිධානයේ ප්‍රධානියා ලෙස සිය දේශ පාලන මෙහෙවර කරමින් සිටියේය.

ඊජිප්තුවේ කයිරෝවේදී සිය පලස්තීන ජාතික දෙමවුපියන්ට දාව 1929 අගෝස්තු 04 වැනිදා උපන්නේය . ඔහුගේ මවුපියන් සුන්නි මුස්ලිම් වරුන් විය.

ඔහු ගේ අධ්‍යාපනය මෙන්ම තරුණ අවධිය ගෙවුනේද කයිරෝ වේ කිංග් ෆුවාද් විශ්ව විද්‍යාලය ආශ්‍රිතවයි. අධ්‍යාපනය ලබමින් සිටින කාලයේ ඔහුගේ විප්ලවකාරී අදහස් සියෝනිසම් හෙවත් යුදෙවු ආගමට විරුද්‍ධව බිහිවීමත් සමග අද යුදෙවු දේශයක් වන ඊශ්‍රායලය සමග පලස්තීනය තිබූ ගැටුම් වලට විසඳුම් සොයන්නට ඔහුද නිරන්තරයෙන් කල්පනා කළේය.

සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගත්තද ඔහුගේ සිත තිබුණේ පලස්තීනයේ නිදහසයි. පාසල් යන අවදියේදී ම මුස්ලිම් සහෝදරයන් අතර පිහිටුවාගත් පලස්තීන සිසු සංවිධානයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වන්නේ මේ අදහස නිසාමය.

1956 වසරේදී ඊජිප්තු හමුදාවට බැඳුණු ඔහු 1956 දී සූවස් ව්‍යාපාරය වෙනුවෙන් බැඳී සේවය කළේ ය. ඉන් ලබා ගත් අත්දැකීම ඔහුගේ ඉදිරි කටයුතු වලට මහත් සේ උපකාරී විය ඊට අමතරව කුවේට් හි සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන්නටද ඔහුට අවස්ථාවක් හිමි විය.

නමුත්  නිදහස් පලස්තීනයක සිහිනය ඔහුගේ සිතෙන් ඉවත් නොවීය.

1950 දී ඒ වන විට මව්බිමෙන් පිටව සිටි පලස්තීන ජාතිකයන් කිහිපදෙනෙකු සමග එක්වී සුප‍්‍රකට ෆාට් නැමැති ගරිල්ලා සංවිධානය පිහිටුවා ගත්තේ ඒ ප්‍රධානියා ලෙස කටයුතු කරමිනි.

ක්‍රමයෙන් පුළුල් වූ ෆාට් සංවිධානය නව සාමාජිකයන් සමග විදෙස් රටවල සහයෝගයද දිනා ගැනීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි. ඒ අනුව 1965 දී ඊශ‍්‍රායලය තුළ අරාබි යේ සිය දේශ පාලන කටයුතු ආරම්භ කළේ ය.

ෆාට් ක්‍රමයෙන් විශාල දේශපාලන සංවිධානයක් බව පත්වෙමින් තිබිණ ඊශ‍්‍රායල විරෝධී කැරලිකාර සංවිධානකිහිපයක්ද ෆාට් පිටු පස පෙළ ගැසෙන්නට විය අර්පත් මේ සෑම කෙනෙක් සමගම සිය අරමුණ ඉටු කර ගැනීම සඳහා සටනට අවශ්‍ය අදහස් බෙදා ගත්තේය .

ක්‍රමයෙන් මෙසේ සම්බන්ධ වී පලස්තීන විමුක්ති සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය. පී. එල්. ඕ. හෙවත් පලස්තීන විමුක්ති සංවිධානයට සිරියාව, ලෙබනනය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවලින් සහය ලැබුණි. මෙම සංවිධානයේ අරමුණ වූයේ මිලියන 4.5 ක් වූ පලස්තීනයන් වෙනුවෙන් පෙනී සිටීම යි.

1967 දී සය දින යුද්ධය නමින් හැදින්වූ යුධ මෙහෙයුමකදී ඊශ‍්‍රායල පලස්තීනයට අයත් බටහිර ඉවුරත්, ඝාසා තීරයත් අත්පත් කරගත්තේය. මේතු සමග 1969 දී පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපති ධූරයට යසර් අර්පත් තෝරා පත්කර ගන්නා ගැණින. ඔහුගේ නායකත්වය දිගු කාලීන වැඩ පිළිවලක් සඳහා පිටුවහලක් වූ ඇතර 1970 කළු සැප්තැම්බරය නමින් විශාල කැරැල්ලක් ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියානට නංවන්නට ඔහුට හැකි විය.

ජෝර්දානයේ හුසේන් රජු පලස්තීන ගරිල්ලා සංවිධානයට විරුද්ධව විශාල මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන ලද්දේ ඊශ්‍රායලයට සහයොගයක් ලෙසිනි.

ඊශ්‍රායලය විසින් නොනවත්වා යුද්ධය ක්‍රියාවට නැංවුණ අතර එහිදී පලස්තීනුවන් විශාල ප‍්‍රමාණයක් ඝාතනයට ලක් වූහ. 1972 ජර්මනියේ මියුනික් නුවර පැවති ඔලිම්පික් තරග උළෙලේ දී ඊශ‍්‍රායල තරගකරුවන් 11 දෙනෙකු ඝාතනය කෙරුණේ මෙම ක්‍රියාවන්ට ප්‍රතිප්‍රහාර ලෙසිනි.

විනාශකාරි ත්‍රස්තවාදයෙන් ජයග්‍රහණය උදාකර ගත නොහැකි බව සිතූ යසර් අර්ෆත් සාකච්ඡා මගින් සටන දිනන්නට උත්සහා ගැනීම ගැන ලෝකයේම අවධානය යොමු විය. ඒ අනුව 1974 දී අනෙකුත් අරාබි රාජ්‍යවල අනුග‍්‍රහය ද ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩි අවධානය යසර් අර්ෆත්ට මෙන්ම පලස්තීනයටද ලැබිණ.

යුද්ධය පසෙකලූ ඔහුගේ සාම වෑයම නිසාම නිදහස් සටන්කාමීන්ගේ තුවක්කුවට සාමයේ ඔලිව් ඉත්තක් එකතු කළ නායකයා . ලෙස ඔහුව පිළිගැනීමට ලක්විය

සාමයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව අර්පත් පසක් කලේය. ඔහු යුද්ධයක් ගැ සිතන්නට පවා නොහැකි බවට ප්‍රකාශ කලේය.1978 දී රාජ්‍ය නායකයන් අතර ඇති වූ සම්මුතියෙන් පසුව අත්සන් තබන ලද ‘කෑම්ප් ඩේවිඩ්’ ගිවිසුමෙන් පලස්තීනය ස්වරාජ්‍යයක් හැටියට පිළිගැනීමට එකඟ වුවත් එය කි‍්‍රයාත්මක වූයේ නැත. මේ නිසා පලස්තීනය ‘කෑම්ප් ඩේවිඩ්’ සම්මුතිය හෙළා දුටුවේ ය.

කෙසේ වෙතත් පලස්තීනය ඉල්ලා සිටියේ පලස්තීනය නිදහස් රාජ්‍යයක් හැටියට පිළිගන්නා ලෙස ය. 1980 න් පසු තරමක් අර්ෆත් ගේ බලය පිරිහුණ ද 1982 න් පසු තත්වය තරමක් යහපත් විය. 1989 දී පලස්තීන උපකල්පිත රාජ්‍යයේ නායකයා ලෙස අර්පත් පිළිගන්නා ලදී. 1993 දී නෝර්වේ හි දී පැවති සාම කතාවලට අර්පත් සහභාගි විය. මෙය ඔස්ලෝ සාම ගිවිසුම නමින් හැඳින්විණි. ඊට ඊශ‍්‍රායල අගමැති යිට්සැක් රා බීන් ද සහභාගි විය. මෙම ගිවිසුම මගින් පලස්තීනයට සීමාසහිත වූ ස්වයං පාලනයක් හිමි විය. මෙම නිසාම 1994 දී අර්පත්ටත්, රා බීන්ටත්, ඊශ‍්‍රායල විදේශ ඇමැති ෂිමොන් පෙරිස්ටත් නොබෙල් සාම ත්‍යාගය හිමි විය.

2004 නොවැම්බර් 11 දා ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි පර්සි හමුදා රෝහලේ දී අවසන් හුස්ම හෙළී ය. ඔහුගේ මරණයට නිෂ්චිත හේතුව පැහැදිලි නැතත් ඔහු මිය ගියේ විෂ ශරීර ගත කිරීමක් නිසා බව පසු කාලීනව සමහර මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

17 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

21 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago