ක්‍රීඩා

පෙලේගේ පරපුර ලුකාගේ පිරිවර විසින් ගෙදර යවයි

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි දෙනෙක්ගේ ආදරය දිනා ගත් පාපන්දු කණ්ඩායම බ්‍රසීලය සතු විය.ඊට බ්‍රසීල පාපන්දුවට ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කිරීම පමණක්ම බල නොපෑවේය.ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල සිටියේද මුලය.වැඩිම ඔට්ටු ප්‍රමාණයක් වැටී තිබුණේ ද බ්‍රසීලය ජයගන්නා බවටය.ඔවුන් ඒ සදහා ළඟා වීමට අර්ධ අවසන් පූර්ව වටයේදී හමු වූයේ ක්‍රෝඒෂියාවය.ඔවුන් ඉකුත් ලෝක කුසලානයේ අනු සූරයන් වුව ද ලෝකයේ වර්ථමානයේ පාපන්දුවේ හැසිරීම ගත් විට වැඩි දෙනෙක් විශ්වාස කළේ බ්‍රසීලය ජයගනු ඇති බවය.පෙලේනම් සුපිරිතමයාගේ සිටම පාපන්දු ලෝලීන් වැඩි දෙනෙකුගේ ආදරවන්තයාව සිටින බ්‍රසීලය ලෝක කුසලානය දිනනු ඇතැයි සෑඹ ලෝක කුසලානයකදීම ප්‍රාර්ථනා කරන පිරිස අති විශාලය.
නමුත් LNW බ්‍රසීලය සහ ක්‍රෝඒසිය තරගයට පෙරම මෙවර තරගාවලියේ කණ්ඩායම් සහ පෞද්ගලිකව ක්‍රීඩක හැසිරීම දෙස බලමින් කීවේ මෙසේය.
“නමුත් වත්මන් ලෝක අනු සූරයන් වන ක්‍රොඒෂියාව සමඟ තරගය යෙදී ඇති නොවැම්බර් නව වෙනිදා ක්‍රොඒෂියානු දැල රකින ඩොමිනික්ව මුලා කර දැල තුළට පන්දුව රිංගවීමනම් පහසු වන එකක් නැහැ.ඔහුගේ දෑස සහ දෑත ක්‍රොඒෂියාවට මේ දක්වා ලබා දුන් ආවරණය බ්‍රසීලයට එරෙහිවද ක්‍රියාත්මක කරමින්,නේමාර්,රිචල්සන් වැනි විශ්මිත ප්‍රහාරකයන් අන්ද මන්ද කරනවා සැක නැහැ.ඒ නිසා නොවැම්බර් 9 වන දා මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවත්වෙන උද්වේගකරම තරගයක් දකින්නට ලොව පුරා පාපන්දු ලෝලීන් සූදානමින් සිටින බව සැක නැහැ”
අප ඩොමිනික් ලිවකොවික් නම් අපූරු දැල රකින්නා ගැන කියූ වැකි ඇලපිල්ලකින් පාපිල්ලකින් හෝ වෙනස් නොකළ ඩොමිනික් බ්‍රසීල ප්‍රහාරකයක් අවස්ථා ගණනාවකදී ක්‍රෝඒෂියා ආරක්ෂක පෙළ ද පහසුවෙන් අභිබවා ගෝලයට ඉලක්කය ගත්තද, ඔහුගේ දෑස සහ දෑත ක්‍රොඒෂියාවට මේ දක්වා ලබා දුන් ආවරණය බ්‍රසීල දැවන්තයන් කුඩා ලිලි පුට්ටන් බවට පත් කළා.
ඩොමිනික් ලිවකොවික්ගේ හැකියාව නිසාම තරගයට නියමිත කාලය බ්‍රසීලයේ ප්‍රහාරයන් ව්‍යර්ථ කරමින් ගෙවුණා.නමුත් අතිරේක කාලයේදි සුපිරි බ්‍රසීල ක්‍රීඩක නේමාර් අපූරු පන්දු පාලනයක් සහිතව ඩොමිනික්ව මඟ හැර ගොස් බ්‍රසීලයට ගෝලයක් ලබා දුන්නා.ඒ වන විට තරගයේ 105 වන මිනිත්තුව ඉක්මවා තිබුණා.අතිරේක කාලයේ අවසාන මොහොතේදී ක්‍රියාත්මක වුණ බෘනේ පෙට්කොවික් බ්‍රසිල ආරක්ෂක පෙළ සහ දැල රකින ඇලිසන් අභිබවමින් ගෝලයක් ලබා ගෙන තරගයේ අතිරේක කාලය ගෝල 1 – 1 සේ නිමා කරන්නට මැදිහත් වුණා.
නිදහස් පහර සඳහා පිවිසි විට තීරණය වඩා විවෘත වූ අතර මේ තරගාවලිය පුරාම දැල රකින්නෙක් සේ ඩොමිනික් ලිවකොවික් දක්වන දක්ෂතාවය ක්‍රෝඒසියානු නායකයා වූ 2018 ලෝක කුසලානයේ සුපිරිතම ක්‍රීඩකයා වූ ලුකා ගේ කණ්ඩායමට නිදහසේ සිතන්නට ඉඩ හසර පුළුල් කරා.ඒ ආකාරයටම ලෝකයේ වැඩි දෙනෙක් අවධානය යොමු කර සිටින්නේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් බව දත් පෙලේගේ පරම්පරාවේ නියෝජනය ඒ දක්වා දැක තිබූ ලිවකොවික් අභිබවා යාමේ ගැටළුවේ පීඩාවෙන් වෙලෙන්නට වුණා.ඒ පීඩනයට හේතුව යථාර්තයක් කළ බ්‍රසීල කණ්ඩායමේ පෙඩ්රෝ එල්ල කළ පළමු නිදහස් පහරටම ලිවකොවික් සිය විශ්මිත දෑතින් සහ තියුණු දෑසේ ඒකාත්මික බැඳීමෙන් වග කියනු ලැබුවා.
නමුත් ක්‍රෝඒසියානු ප්‍රහාරකයන්ගේ විශ්වාසය වඩා ඉහළ තත්ත්වයක තිබුණ අතර ඔවුන්ගේ නිදහස් ප්‍රහාර බ්‍රසීලයේ ඇලිසන්ගේ දෑත්වලට හසුනොවන අන්තිම අඟලට ක්‍රියාත්මක වුණේ වේගයද සමඟින්.ඒ ඉලක්කය සොයා යාමේ අපූරුව ක්‍රෝඒෂියානු උත්සාහයන් හතරම නිදහස ගෝල බවට පත් කර තිබියදී බ්‍රසීලය වෙනුවෙන් සිව්වන උත්සාහයට පැමිණි මාර්ටිනෙලිගේ පහර දැල රකින්නාගේ ගෝලයේ දකුණු බාරය මත වැදී පිටතට එද්දී ක්‍රෝඒෂියානු ජය සඳහා පහර පහක් බලා සිටීමට අවශ්‍යය වුණේ නැහැ.නිදහස් පහර 4 – 2 ක් සේ ක්‍රෝඒසියානු ජය තහවුරු කර තිබුණා.
එකම මොහොතක දෝහා හී එඩියුකේෂන් සිටි පාපන්දු ක්‍රීඩාංගණයේ සිටි මහා දැවන්ත ජන රාශියේ ඇස් බොඳව යන්නට වුණේ අර්ථයන් දෙකකින්.බ්‍රසීලයානු ජයග්‍රහණය අපේක්ෂිත ඇස් දුකෙන් තෙත් වෙද්දී ක්‍රෝඒෂියානු ඇස් කඳුළෙන් පිරුණේ ඒ ජයග්‍රහණයේ සතුටේ ප්‍රකාශය ඔවුන්ගේ මුවින් ඉතිරෙන සිනහවට තනියම දරා ගන්නට බැරි ඉඩ ආවරණය කරමින්.සපුරා නාට්‍යමය අත්දැකීමක් වූ අවසාන මොහොතේදී දුංඛාන්තයක පලයක තිත්ත දරා ගත නොහැකිව බ්‍රසීල ක්‍රීඩකයන් හිස් දෙ’ඇසින් පිටියේ වැටී සිටියදී,ක්‍රෝඒෂියානුවන් සිටියේ පිටාර ගලන සතුට පිට කරගන්නට සිය ශරීරයේ ඇති ඉන්ද්‍රීයන් ප්‍රමාණයේ හිඟයකින් මෙන්.
තමන් සමඟ තරගයකදී නිදහස් පහර සඳහා අවස්ථාව ලබා ගැනීම දිවි නසා ගැනීමකට සමාන බව තහවුරු කළ නිදහස් පහරේ රජවරු 2018ලෝක අනු සූරයන් දක්වා පැමිණි ගමනේදී ත්,සුපිරි 16 වටයේදී ඩෙන්මාර්කය පරාජය කළේ නිදහස් පහර 3 – 2 ක් ලෙසයි.එසේම අර්ධ අවසන් පූරව වටයේදි රුසියාව පරාජයට පත් කළේ ද නිදහස් පහර 4-3 ක් වන ලෙසයි.මෙවර ලෝක කුසාලනයේදී ද ප්‍රහාරයන්ගෙන් ගෝල විශාල ප්‍රමාණයක් එක් කර ගැනීම වෙනුවට ඔවුන්ගේ දැල පවුර ඩොමින්ක් ලිවකොවික් සුපිරි 16 වටයේදී ද ක්‍රෙඒෂීයාව අරධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය හමුවට ගෙන ආවේ නිදහස් පහර 3 – 1 කින් ජපානයට පරාජය කැඳවා දෙමින්.
බ්‍රසීලයට පසුව මෙවර ලෝක කුසලානය දිනනු ඇතැයි වැඩි දෙනෙක්ගේ විශ්වාසය වී ඇත්තේ මැරඩෝනගේ අලුත් ආත්මය සේ ආර්ජෙන්ටිනාවට හිමි වූ ත්‍යාගය සේ දකින ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවයි.බ්‍රසීලය සමඟ අර්ද අවසන් පූර්ව වටයේ සිටින අනෙක් දකුණු ඇමෙරිකානු රට වන ආර්ජෙන්ටිනාවට ද බ්‍රසීලයේ ඉරණමම අත් වෙන්නට ගියත් ඔවුන් බ්‍රසීලයට වැරදුණ නිදහස් පහර මඟින් අවසන් පූර්ව වටයට පිවිසුණා.නිදහස් පහර 4 – 3 ක් සේ ලකුණු පූවරුව රඳවාගත් ආර්ජෙන්ටිනාව තව දුරටත් බ්‍රසීලයේ සිහිනත් එකතු කරගෙන ලෝක කුසලානය දෙසට පියවර තබන රාජ්‍යයක් බවට පත් වුණා.
තරගයේ 35 වන විනාඩියේදී මොලීනා විසින් එකතු කරන ලද ගෝලයක් හේතුවෙන් ආර්ජෙන්ටිනාව පළමු අර්ධය නිමා කළේ ගෝල 1 – 0 ක් සේ ලකුණු පූවරුව ක්‍රියාත්මක වෙමින් තිබියදී යි.73 වන විනාඩියේදී ඒ ප්‍රගතියේ තවත් පියවරක් ඉදිරියට රැගෙන ගිය සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ලබා ගත් ගෝලයෙන් ආර්ජෙන්ටිනාව ලකුණු 2 -1 ලෙස ඉදිරියට ගෙන ගියා.නමුත් නෙදර්ලන්තය තරගයෙන් සිය මනස බිඳුවක් හෝ ඉවතට නොගෙන ආර්ජෙන්ටිනා දැලට රිංගීමේ පිපාසාවෙන් එක දිගටම සටනේ යෙදුණා.ප්‍රතිපලය වූයේ 83 වන විනාඩියේදී මෙන්ම 90 වන විනාඩිය ඉක්ම යන ඇසිල්ලේද නෙදර්ලන්තයෝ වෙගෝර්ස්ට් ගේ ඉලක්කය ආර්ජෙන්ටිනා දැලේ තැවරීමයි.

බ්‍රසීලය ලද පරාජයත් සමඟ ආර්ජෙන්ටිනාව තරගයට පිවිස සිටියේම දැඩි කැළඹුණු සිතින් විය යුතුයි.එසේම නෙදර්ලන්තයද තමන්ගේ ප්‍රතිවාදියා යනු පහසු නොවන බලවත්ම අයෙක් බව කියවා ගෙන තිබුණා.තරග විනිසුරු අන්තෝනියෝ මැතෙවුට ඒ නිසා කාර්ය බහුල බවත් උදා වූ තරගයේ දී ආර්ජෙන්ටිනාවට කහ කාඩ් අවවාද දහයකට මුහුණ දෙන්නට සිඳු වුණා.එයට ලයනල් මෙසී ද ඇතුළත්.නෙදර්ලන්තයට කහ කාඩ් අවවාද 8 ක් සහ එක් රතු කාඩ් අවවාදයකට ද මුහුණ දෙන්න සිඳු වුණා.
රතුකාඩ් අවවාදය ලද ඩෙන්ෂිල් ඩම්ප්‍රෙරේස් ආර්ජෙන්ටිනාව සමඟ තරගයේ අවසාන භාගය වන විට ක්‍රීඩාව ඉක්මවා ගිය තරහකින් කටයුතු කරමින් සිටින බවක් දකින්නට ලැබුණා.ආර්ජෙන්ටිනා ක්‍රීඩකයන් නිදහස් පහර ලබා ගන්නා අවස්ථාවේ සිටම ඊට බාධාකාරී සේ හැසිරුණ ඩෙන්ෂිල්,ආර්ජෙන්ටිනා අතිරේක ක්‍රීඩකයින් සහ විනිසුරු කාර්ය මඬුල්ල සිටින දෙසට ද කඩාවඳින්නට උත්සාහ කළා. ඒ නිසා තරගයේ අවසාන මොහොතේදී කහකාඩ් අවවාදයක් ද සමඟ රතු කාඩ් අවවාදයක් ද ඩෙන්ෂිල්ට හිමි වුණා.‍නෙදර්ලන්තයේ පරාජයට වැටුණු තවත් කළු පැල්ලමක් බවට පත් වූ ඩෙන්ෂිල්ගේ හැසිරීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් වූ අතර ඩෙන්ෂිල් වෙනුවෙන් මැදිහත් වන්නට ගිය නොආ ලෑන්ග්ට ද තරගය නිමා කරන්න වුණේ අවසාන මොහොතේ දී ලද කහකාඩ් අවවාදයක්ද සමඟයි.
කෙසේ වුවත් ආර්ජෙන්ටිනාවට දෙසැම්බර් 14 වන දා ලෝක කුසලාන අවසාන තරගයට තමන් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරන්නට අවස්ථාව උදා වෙනවා.එහෙත් ඒ මොහොතේ බ්‍රසීලයට පසු වැඩිම ජනප්‍රසාදයක් දිනා සිටින ආර්ජෙන්ටිනාව තරගය නිදහස් පහර දක්වා යන්නට ක්‍රෝඒෂියාවට ඉඩ නොදීම වැදගත් වෙනවා.මන්ද ක්‍රෝඒෂියානු දැල ඉදිරියේ සිටින්නේ දැවන්ත පවුරක් බඳු ඩොමිනික් ලිවකොවික් වන නිසයි.කෙසේ නමුත් ඔහුගේ කෙසෙල් දළු වර්ණ ජර්සිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සදානුස්මරණීය සිහිවටනයක් කරන්නට මේ වන විටත් සමත්ව සිටින ලිවනොවික් බ්‍රසීල ප්‍රහාරයන්ට අත් කර දුන් ඉරණමම ආර්ජෙන්ටිනා ප්‍රහාරයන්ට ද අත් කර දුන්නොත් ඔහු තරගාවලියේ සුපිරිම තරුව විය හැකියි.



RM

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

13 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

17 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

20 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

22 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

23 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago