කෙසේවෙතත්, උගන්ඩාව තුළ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට එරට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් සමත් වී තිබේ.
ඇය නමින් ක්ලියෝපැට්රා කම්බුගු ය. 35 හැවිරිදි ක්ලියෝපැට්රා නීත්‍යානුකූලව කාන්තාවක් ලෙස හඳුනාගනිමින් එරට රජයෙන් ජාතික හැඳුනුම්පතක් නිකුත් කර තිබේ. ඒ අනුව, උගන්ඩාවේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් දරන පුද්ගලයකු තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබාගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
ක්ලියෝපැට්රා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව, අන්තර්ලිංගික ප්‍රජාව, ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයන් සහ ස්ත්‍රි-පුරුෂ සමාජභාවයේ ද්වි-අනන්‍යතාවයෙන් පිටත (නැතහොත් නන්-බයිනරි) අනන්‍යතා හඳුනා ගන්නා ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.
කුඩා කල පටන් තමා වෙනස් බව හඳුනාගත් ක්ලියෝපැට්රා පවුලේ සාමාජිකයන් ඇතුළු සමාජයේ බොහෝ ඒකක වල විවිධ අන්දමේ වෙනස්කොට සැලකීම් වලට ලක්ව තිබේ. ක්ලියෝපැට්රා ජාත්‍යන්තර අවධානය දිනා ගන්නේ 2016 වර්ෂයේ නිකුත් වූ ද පර්ල් ඔෆ් ඇෆ්රිකා නම් සංක්‍රාන්ති සමාජභාවය වස්තුවිෂය කොටගත් චිත්‍රපටය හරහා යි.
අප්‍රිකානු මහද්වීපය තුළ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ සටනේ දිගටම නිරත වන ක්ලියෝපැට්රා අවධාරණය කරන්නේ සමලිංගිකත්වය සාපරාදී වරදක් ලෙස හඳුනාගන්නා උගන්ඩාව ඇතුළු අප්‍රිකානු රටවල සිදුකිරීමට බොහෝ ප්‍රතිසංස්කරණ තිබෙන බවයි.
ඒ වෙනුවෙන් තමා දිගටම සටන් කරන බව ක්ලියෝපැට්රා සඳහන් කළාය.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…