කාලීන

යුක්රේනයේ ආහාර නිශ්පාදනය ලොක් ආහාර නිශ්පාදනයට බලපෑමක්

 

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය සමගින් එරටදේශීය හා ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව පිලිබඳ තත්වය අභියෝගයකට ලක්ව ඇත.සාරවත් පසක් සඳහා ප්‍රසිද්ධ යුක්රේනය තිරිඟු , බාර්ලි, සූරියකාන්ත සහ බඩ ඉරිඟු, ඵලදාව විශේෂයෙන් මඋතුරු අප්‍රිකාවට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු ලෙස ප්‍රසිද්ධය.කෙසේ වෙතත්, ගොවීන් සහ සමාජ විශ්ලේෂකයින් සඳහන් කරන්නේ පොහොර නොමැතිකම, ට්‍රැක්ටර් සඳහා අවම ඉන්ධන සැපයීම, වරාය වසා දැමීම සහ හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් වගාව, අස්වැන්න සහ අපනයනය යන සියල්ල අඩාල වී ඇති බවයි.

බඩ ඉරිඟු සහ සූරියකාන්ත වැනි වසන්ත ඝෘතුවේ වගා කෙරෙන භෝග සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන භූමියෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් මේ පවතින් තත්වය මත වගා නොකිරීමට ඉඩ ඇත. තවද, පසුගිය සරත් සෘතුවේ සිටුවන ලද බෝගයන්හි මෙන්ම තිරිඟු අස්වැන්නෙන් තුනෙන් එකක් අහිමි විය හැකිය.එරට ගබඩා කර ඇති තිරිඟු කුඩා ප්‍රමාණයක් පෝලන්තය සහ රුමේනියාව හරහා දුම්රිය හා මාර්ග මගින් අපනයනය කරන බව වාර්තා වේ.ගෝලීය ධාන්‍ය මිල පෙබරවාරි මාසයේ දී ඉහළම අගයක් දක්වා ඉහළ ගියේය.

ගැටුම් පවතින හෝ සාගත වැනි ස්වභාවික විපත් අත්විඳින රටවලට හදිසි සැපයුම් සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානය වන ලෝක ආහාර වැඩසටහන, මේ සතියේ පැවසුවේ ආහාරවල මිල ඉහළ යාමෙන් අදහස් කරන්නේ එය දැනටමත් සලාක වශයෙන් ලබා දීමට නාහැකි තත්වයක පවතින බවයි.

යුක්රේනයේ තිරිඟු බොහොමයක් සරත් සෘතුවේ සිටුවනු ලබන අතර, බඩ ඉරිඟු සහ සූරියකාන්ත ඇතුළු අනෙකුත් භෝග, ඉදිරි සතිවලදී වසන්ත ඝෘතුව තුල සිටුවනු ලැබේ.ගබඩා තුළ තබා ඇති තිරිඟු විකිණීම සඳහා ඇති සීමාවන් ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් නොවන බව රට පුරා ගොවීන් 1,000 ක් පමණ නියෝජනය කරන යුක්රේනියානු කෘෂි කවුන්සිලයේ සභාපති Andrii Dykun පවසයි.වසන්ත ඝෘතුවේ වගා කෙරෙන භෝග සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන අක්කරවලින් තුනෙන් එකක් පමණ ප්‍රමාණයක් මේ වසරේ වපුරා නොතිබිය හැකි යැයි ඇස්තමේන්තු කරයි.

පසුගිය සරත් සෘතුවේ රෝපණය කරන ලද තිරිඟු බෝගය ශීත ඍතුවේ දී හිතකර කාලගුණයක් සමග වර්ධනය වී ඇති නමුත්, එයින් 40% ක් පමණ යුධමය කලාපවල ස්ථාපිතය.යුක්රේනයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල බොහෝ ගොවීන්ගේ ඉඩම්වල යුධ ටැංකි, හමුදා යන්ත්‍රෝපකරණ සහ මිසයිල පවා සවිකර ඇත.

 

Share

Recent Posts

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

17 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

20 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago