මෙම ශෝකජනක පුවත ආරංචි වන්නේ දකුණු අප්‍රිකාවෙනි. එරට හිටපු පාපන්දු ශුරයකු වන මාර්ක් බැචෙලර් පසුගිය සඳු (15) දින ජොහැන්සන්බර්ගි ඔහුගේ නිවස අසල වෙඩි තබා ඝාතනයට ලක්කර ඇත.
මෙම පුවත සැලවීමත් සමඟ සමාජ මාධ්‍යජාල ඇතුළු දකුණු අප්‍රිකානු ජනතාව තම ඉමහත් ශෝකය ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
පසුගිය සඳු දින සනද්‍යාවේ බැචෙලර් ජොහැන්ස්බර්ග් හි පිහිටි තම නිවසේ සිටි අතරවාරයේ නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩිපහරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. එරට බලධාරීන් පවසන අන්දමට ඉතා සූක්ෂමව මෙම වෙඩිපහර එල්ල කර ඇති අතර, පහර එල්ල කළ ඉලක්කය අනුව පළපුරුදු අපරාධකරුවකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කර ඇති බවට නිගමනය වී ඇත.
දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙඩිකරු විසින් බැචෙලර් හට වෙඩිපහර කිහිපයක් ම එල්ල කර ඇති අතර, තහවුරු නොකළ මාධ්‍ය වර්තා කරන්නේ, ඉතා කෙටි දුරක සිට වෙඩිපහර හතක් ඔහු වෙත එල්ල කර ඇති බවයි.
හිටපු පාපන්දු ශූරී බැචෙලර් ගේ මිනීමැරුම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණ ආරම්භ වනු ඇති බවට එරට බලධාරීන් පවසන ලදී.
මාර්ක් බැචෙලර් ඔර්ලන්ඩෝ පයිරට්ස්, මොරොකා ස්වලෝස්, කෙයිසර් චීෆ්ස් ඇතුළු දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක් සඳහා ම තරඟ වැද ඇති ක්‍රීඩකයෙකි. එරට ජාතික පාපන්දු ක්‍රීඩා කණ්ඩායම වන බෆානා බෆානා කණ්ඩායම වෙනුවෙන් ද තරඟ වැද කීර්තියක් ලබා ඇති බැචෙලර් මිය යන විට 58 වියෙහි පසුවිය.
එරට පොලිසිය වාර්තා කරන අන්දමට, වෙඩිපහර ඔහුගේ නිවසේ ජනේලය හරහා එල්ල වී ඇති අතර, එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම මිනීමැරුම කුමන අරමුණකින් සිදු කළේද යන්න තවමත් අපැහැදිලි අතර, මේ වන තුරුත් සැකකරු හඳුනාගෙන නොමැති බවත්, විමර්ශණ කටයුතු වලින් නුදුරේදීම හඳුනා ගනු ඇති බවටත් පොලිසිය පවසන ලදී.
බැචෙලර් ගේ හදිසි මරණය එරට මෙන්ම ලොව පුරා සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය අතර, බොහෝ දෙනාගේ ශෝකයට තුඩු දුන් සිදුවීමක් විය. මෙම අපරාධයට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා බැචෙලර් ගේ මිතුරන් මෙන්ම බොහෝ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවෝ එරට බලධාරීන් හට බල කර සිටිති.
ඒ අතරම, තවත් පිරිසක් චෝදනා නඟන්නේ දකුණු අප්‍රිකාවේ වෙඩිපහර කා මිනිසුන් මියයාම සුලභ සිදුවීමක් බවත්, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ එරට රජය නිසි පියවර නොගෙන තිබීම නිසා මෙවන් අවාසනාවන්ත සිදුවීම් රටපුරා වාර්තා වන බවත් ය.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.