ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන, ඔපෙරා හවුස්, චෑම්ප් එලිසීස්, කෞතුකාගාර ඇතුළු සංචාරක නිකේතන රැසක්, උද්ඝෝෂණ බිය හේතුවෙන් හෙට (සෙනසුරාදා) දිනයේ වසා දමන බව නිවේදනය කර ඇත.
ප්‍රංශය පුරා පොලිස් නිලධාරීන් 89,000 ක් සූදානම් ශරීරයෙන් තබා ඇති අතර, අගමැති එඩියුරාඩ් ෆිලපේ පවසන්නේ ආරක්ෂක රථ ද සේවයේ යොදවා ඇති බවයි.
පසුගිය සෙනසුරාදා සිට ප්‍රංශයේ, දශකයකින් ඇති වූ බරපතළම මහජන උද්ඝෝෂණ රැල්ල පැන නැගී ඇත. හෙට දිනයේ ප්‍රචණ්ඩක්‍රියා රැසක් හටගනු ඇතැයි බිය ද පළ වී තිබේ.
නවතම තත්වය අනුව බටහිර ප්‍රංශයේ පාසලක් අසල ඇති වූ උද්ඝෝෂණවලදී පුද්ගලයන් 140 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අතර පාසල් ශිෂ්‍යයෝ ද වෙති. මීට පෙර ඩීසල් සඳහා බදු සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ මේ වන විට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් යෝජනා කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දක්වා වෙනස් වී තිබේ. baccalaureate යනුවෙන් හඳුන්වන විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුකිරීමට යෝජිත නව වෙනස්කම් මෙම සිසුන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතාකරුවන් හඳුන්වන්නේ “gilets jaunes” උද්ඝෝෂකයන් යනුවෙනි. ඔවුන් කැපී පෙනෙන කහ පැහැති ඇඳුමින් සැරසී සිටීම මෙයට හේතුව වී තිබේ. ‘කහ බැනියම්කරුවන්‘ යනුවෙන් ද ඔවුන් හැඳින්වේ.
ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ඩීසල් මිල ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය හඳුන්වා දුන්නේ පරිසරහිතකාමී පියවරක් ලෙස ය. නමුත් මේ ගැටළුව, ප්‍රංශයේ වාමාංශික පක්ෂ විසින් මැක්‍රොන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතුදැයි සාකච්ඡා කරන තරමට දුර දිග ගියේය. අවසානයේ ප්‍රංශ රජය එම සැලසුම හකුළා ගත් නමුත් කහබැනියම්කරුවන්ගේ විරෝධතාවය මේ වන විට රාජ්‍ය විරෝධී සිවිල් ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. පසුගිය සතිය තුළ මෙම උද්ඝෝෂකයන් විසින් ඉල්ලීම් 40කට වඩා රජයට ඉදිරිපත් කර ඇත. අවම විශ්‍රාම වැටුප, බදු ක්‍රමයේ විශාල වෙනස්කම් සිදුකිරීම සහ විශ්‍රාම වයස අඩුකිරීම එම ඉල්ලීම් අතර වේ.
උද්ඝෝෂකයන් විශාල වශයෙන් සමාජ ජාල හරහා සංවිධානය වන බව ද දැකගත හැකිය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…