ඔහු පැමිණි විගස ඇනා මරේ ද නිව්යෝක් නුවර වෙත එවනු ලැබීය. නිවසකට අවශ්‍ය කරන දේ ද සමග ඇය පැමිණියාය. 1838 සැප්තැම්බර් 15 වැනිදා, නිව්යෝක් නුවර ට පැමිණීමෙන් දින 11 කට පසුව කළු ජාතික ප්‍රෙස්බෙටේරියන් දේවගැතිවරයෙකු ලවා ඔවුහු විවාහ වූහ. මුලින් ඔවුන් සිය පවුලේ නාමය ලෙස යොදාගත්තේ ජොන්සන් යන්නයි.

දැන් ඔහු ඉදිරියේ වූයේ අලුත් ජීවිතයකි. සියල්ල අලුතෙන් පටන් ගත යුතු විය. ඔහු ඉදිරියේ වූයේ නොදන්නා ලෝකයකි.

මෙතැන් පටන් අප විසින් විස්තර කරන ඔහුගේ ජීවිතය සමග බැඳී සිටි චරිත විසින්, බැල්ටිමෝරයේ සිංහයා- වහල් බවට එරෙහිව සටන් කළ මේරිලන්ඩ් හි කළු ජාතික වහලාගේ ජීවිතය දේශපාලනික තීරණ ගන්නෙක් දක්වා විකසනය වූ ආකාරය පිළිබඳ අදහසක් ලබාදෙනු ඇත.

බැල්ටිමෝරයේ සිංහයාගේ ජීවිතය හා සබැඳි චරිත

බිරිඳ – ඇනා මරේ ඩග්ලස්

Smithsonian Magazine

ඇනා මරේ ඩග්ලස් වසර හතළිස් හතරක් පුරා ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ භාර්යාව වූවාය. ඇය ඉපදීමට මාස කිහිපයකට කලින් ඇගේ දෙමව්පියන් වහල්භාවයෙන් නිදහස ලබා තිබුණෙන් ඇය උපතින් ම නිදහස් කාන්තාවක් වූවාය. විචක්ෂණ තරුණ ගැහැනියක වශයෙන් වයස අවුරුදු 17 දී ඇය සේදුම් වැඩපොළකහ හිමිකාරියක හා ගෙහිමි කාන්තාවක ලෙස ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන සිටියාය. රෙදි සේදුම් වැඩ සඳහා ඇය නැව් තටාකවලට පැමිණි අතර, නැවේ කාන්දුවීම් වසන කම්කරුවෙකු ලෙස කටයුතු කළ ෆ්‍රෙඞ්රික් ව ඇයට මුණගැසී තිබුණේ එවැනි අවස්ථාවකදී ය.

ඇනා ගේ නිදහස, තමන් ට ද නිදහස ලද හැකියැයි ෆ්‍රෙඞ්රික් තුළ විශ්වාසය ඇති කළේය. 1838 වර්ෂයේදී වහල්භාවයෙන් පැන යාමට තීරණය කළ විට ඇනා ඔහුව දිරිමත් කළාය. සිය සේදුම් ඇඳුම් අතර තිබී නාවිකයෙකුගේ නිල ඇඳුමක් ඔහුට පැනයාම සඳහා ලබාදුන්නේ ද ඇය විසිනි. එසේම ඇගේ ඉතිරි කළ මුදල්වලින් ලබාගත් ලද්දක් විය. මෙයට අමතරව ඇය සිය ඉතිරිකරගත් මුදල්වලින් කොටසක් ඔහුට ගමන් වියදම් සඳහා ද දුන්නීය. පිහාටු මෙට්ටයක් විකුණා දමා ඔහුට ගමන් වියදම් ලබාදුන්නේද ඇය විසිනි. ඩග්ලස් ෆිලඩෙල්ෆියාවට සහ නිව්යෝක් නගරයට ගිය පසු ඇය ද නිවසක ට අවශ්‍ය බඩු මුට්ටු ද රැගෙන ඔහු පසුපස ආවාය. දින එකොළහකට පසු ඔවුහු විවාහ වූහ. මුලින් වෛවාහක නාමය ලෙස ජොන්සන් යන්න භාවිතා කළ ද පසුව මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නිව් බෙඞ්ෆෝට් බලා යාමෙන් පසුව සිය වෛවාහක නාමය වශයෙන් ඩග්ලස් යන්න යොදාගත්හ. ඇනා සිය මරණය තෙක්ම ෆ්‍රෙඞ්රික්ගේ භාර්යාව වූවාය.

විවාහයේ පළමු වර්ෂ දහය තුළ ඇනා මරේ-ඩග්ලස් දරුවන් පස් දෙනෙකු ලැබුවාය. ඔවුහු රොසෙටා, ලුවිස්, කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික්, චාල්ස් සහ ඇනී නම් වූහ. රෙදි අපුල්ලන්නියක ලෙස තවදුරටත් කටයුතු කරමින් ඇය පවුලට මූල්‍යමය සහයෝගය ලබාදුන්නේ කතා පැවැත්වීමෙන් ෆ්‍රෙඞ්රික් ලබන ආදායම අක්‍රමවත් සහ නොසෑහෙන වූයෙන් පවුල මුදල් හිඟයෙන් පීඩා විඳීම නිසා ය. එසේම ඇය බොස්ටන් හි වහල් විරෝධී ස්ත්‍රී සමාජයේ ක්‍රියාකාරී භූමිකාවක ද යෙදුණාය. එසේම සිය සැමියාගේ වහල් විරෝධී පුවත්පත වූ ‘ද නෝත් ස්ටා’ හි අකුරු අමුණන්නන් ලෙස ක්‍රියාකිරීම පිණිස සිය පුතුන් පුහුණු කරවීමට ද පෙරමුණ ගත්තාය. ඩග්ලස් පවුල නිව්යෝක් හි රොචෙස්ටර් වෙත පදිංචිය මාරුකිරීමෙන් පසුව ඇය සිය නිවසේ පොළොව යට වූ මහලක, කැනඩාව බලා රහසින් පළා යන වහලුන් සියගණනකට නවාතැන්, ආහාර සහ පිරිසිදු හණ ඇඳුම් ලබාදෙමින් එය මූලස්ථානයක් බවට පත් කළාය.

ෆ්‍රෙඩ්රික් ඩග්ල්ස් ස්ත්‍රීවාදියෙකු වූයේ යැයි ඇතැම්හු කියති. ඔහුට සැබවින්ම ඇනා මරේ ඩග්ලස් නමැති, සිය ජීවිතය බෙදාගත් කළු ජාතික ගැහැනිය අමතක වෙමින් තිබුණේද?| Wall Street Journal

ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ව වහල් භාවයෙන් මුදවාගැනීමට පෙළඹවූ සැඟවුණු බලවේගය ඇනා වුවද ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදාන වල ඇය ගැන සඳහන් වන්නේ මද වශයෙනි. එක් විචාරකයෙකු වන හෙන්රි ලුවිස් ගේට්ස් මෙසේ ලියා ඇත. “ඇනා ට භූමිකාවක් නොමැති දේශපාලන ජවනිකා මගින් ඩග්ලස් සිය ජීවිත කතාව නිර්මාණය කර තිබේ.”

ඔහු නිවසේ බොහෝ කලක් නොසිටීම සහ සාපේක්ෂ ව නූගත් කාන්තාවක් වශයෙන් ඇගේ හැඟීම්, ඩග්ලස් හැසිරුණු සමාජ කවයන් සමග ගැළපුණේ නැත. එයින් දෙදෙනා අතර විරසකවීම්වලට මුලපිරුණේ පෙර පැවති සමීපභාවයට පටහැණි බවක් සලකුණු කරමිනි. සිය සැමියා වෙනත් කාන්තාවන් සමග පැවැත්වූ සබඳතා නිසා තුවාළ වූ සිතැත්තී, කිසිදාක ඩග්ලස් ගේ ප්‍රසිද්ධ භූමිකාවට පක්ෂපාතී නොවූවාය. සිය පියාව ප්‍රශංසා මුඛයෙන් සැලකූ අය වෙත දියණිය රොසෙටා සිහිපත් කර සිටින්නේ “ඇනා මරේ හට අවංක නොවීම මගින් සිය පියා තම අරමුණ වෙත ගමන් කළ බව” යි.

1860 වර්ෂයේදී ඇගේ දස හැවිරිදි සහ බාල ම දියණිය වූ ඇනී යාමෙන් පසුව ඇය නිතරම පසුවූයේ රෝගී තත්වයෙනි. 1882 දී වොෂින්ටන් ඩී.සී. හි පිහිටා තිබූ පවුලේ මන්දිරයේදී මොළයේ ලේ කැටියක් සිරවීම නිසා ඈ මිය ගියාය. රොචෙස්ටර් හි මවුන්ට් හෝප් හෙවත් බලාපොරොත්තුවේ කඳු මුදුන නමැති සුසානයේ ඇය මිහිදන් කරන ලදී. ඇගේ සැමියා වූ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වද මරණයෙන් පසු මිහිදන් කරන ලද්දේ එහි ය.

ඩග්ලස්ගේ ඉදිරි ගමන පැහැදිලි විය. වහලෙකුගේ පුතෙකු වූ ඒබ්‍රහම් ලින්කන්, ඇමරිකාවේ සුක්කානම පැදවීමට සූදානමින් සිටියේය. ඔහුට හිතෛෂී බුද්ධිමතුන් උවමනා විය.| blogs.brown.edu

බැල්ටිමෝරයේ සිංහයා – 11 කොටසින් හමුවෙමු.

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

12 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

12 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago