එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන ලෝක බලවතුන් 07 දෙනාගේ මූලිකත්වයෙන් ඇරඹෙන 48වන G7 සමුළුව ජර්මනියේදී ඇරඹේ. අදින් ඇරඹෙන සමුළුව අඟහරුවාදා (28) දක්වා ක්‍රියාත්මක වන බව කියැවේ.
සාමාන්‍යයෙන් මෙම කණ්ඩායමේ නායකයින් සෑම වසරකම හමුවී එම වකවානුවේ පවතින ලෝක මට්ටමේ අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කරනු ලබයි. එහිදී අනාගත ප්‍රතිපත්ති සමායෝජනය කිරීම අපේක්ෂාව වේ. සාමාන්‍යයෙන් මෙහිදී සාකච්ඡා වන අර්බුද ලෝක ආරක්ෂාව සහ ආර්ථිකය හා බැඳේ. මෙවර න්‍යාය පත්‍රයට යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය, දේශගුණික විපර්යාස, බලශක්තිය සහ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා අර්බුදයන් හා ඒකාබද්ධ උපායමාර්ය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා ඇතුළත් වන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.
මීට විරෝධය පාමින් නිරෝධතාකරුවන් 4000 පමණ මියුනිචි වෙත රැස්ව තිබේ. බැවේරියානු නගරයේ විරෝධතාකරුවන් 20,000 ඉක්මවනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරන බවට ජර්මානු පුවත් ඒජන්සිය dpa වාර්තා කර ඇත. 18,000ක් පමණ පොලිස් නිලධාරීන් සමුළු භූමිය වටා සහ විරෝධතා ව්‍යාපාර වටා යොදවා ඇති අතර ගෝලීයකරණය විවේචනය කරන කණ්ඩායම් 15ක් පමණ මෙහිදී සංවිධානයව ඇති අතර ඔවුන් ජනතාවට දැනුම් දී ඇත්තේ පෙළපාලි වලට සම්බන්ධ වන ලෙසයි.
ඔවුන්ගේ විවිධ ඉල්ලීම් අතරට ෆොසිල ඉන්ධන ඉවත් කිරීම, ජෛව විවිධත්වය සුරැකීම, සමාජ සාධාරණත්වය සහ සාගින්න මැඩපැවැත්වීම ආදියත් බහුවිධ අර්බුදවලට මුහුණ දීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර වේ. කුසගින්න, අසමානතාවය සහ දරිද්‍රතාවයට එරෙහිව G7 ක්‍රියාත්මක විය යුතු බව ඔවුන් වැඩිදුරටත් දක්වයි.
G7 සමුළුවෙන් අනතුරුව නේටෝ සන්ධානයට අයත් රටවල් 30 හි නායකයින් ඔවුන්ගේ වාර්ෂික සමුළුව සඳහා රැස්වනු ඇත, එය බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
සශිකලා මධුෂාණී_
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!