බ්‍රසීලයේ හිටපු ජනපති ලූලාට ඇපෑල අහිමි වෙයි. සිර දඬුවම වසර 12 දක්වා වැඩි වෙයි.

2017 ජූලි මාසයේ දූෂණ චෝදනාවකින් වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ඉනාෂියෝ ලූලා ඩි සිල්වා, එම තීන්දුවට එරෙහිව කළ අභියාචනය ඊයේ (24) දිනයේ ඒකමතිකව නිෂ්ප්‍රභා කරන ලදී.

එම ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය එක හඬින් කියා සිටියේ සාගරයට මුහුණලා සුන්දර ස්ථානයක පිහිටා තිබූ මහල් නිවාසයක්, ඉදිකිරීම් සමාගමකින් සන්තෝසමක් වශයෙන් ලබාගැනීම, එකලාම නීතිය කඩ කිරීමක් වන බවයි. එයින් නොනැවතුණු ඔවුන් ලූලා ට හිමි ව තිබූ වසර නවයහමාරක සිර දඬුවම, වසර 12 ක් දක්වා ඉහළ දැමීමට ද කටයුතු කළහ.

  • තීන්දුවේ බලපෑම කුමක්ද?

මෙම තීන්දුවට එරෙහිව වෙනත් ඉහළ අධිකරණයකට එනම්, බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය කිරීමේ අවස්ථාව ලූලාට දැන් හිමි වේ. නමුත් ලූලා බලාපොරොත්තුවෙන් සිටියේ මේ වසරේ ඔක්තෝබරයේ පවත්වන ජනාධිපතිවරණයට නැවත වරක් ඉදිරිපත් වන්නට ය. මේ ඇපෑල අහිමිවීම තුළ ඔහුගේ ඒ සිහිනය බොඳ වී යනු ඇත. එයට හේතුව බ්‍රසීල මැතිවරණ නීති අනුව, මැතිවරණයකට ඉදිරිපත් වීමට පෙර කිසියම් අධිකරණයකින් වරදකරු බවට ප්‍රකාශ වී ඇත්නම් ඔහුට එම මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි වීමයි.

අගෝස්තු 15 වන විට ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලියාපදිංචිය අවසන් වේ. ඒ අනුව මෙදිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ තීන්දුව ආපස්සට හරවමින් ලූලා වරදකරුවෙකු නොවන බව ප්‍රකාශ නොකළහොත් ඔහුට අනිවාර්යයෙන්ම සිය ජනපති සිහිනය සදහටම බොඳ කර ගන්නට සිදුවනවා ඇත. එය ඔහු ගේ පක්ෂය වන බ්‍රසීල කම්කරු පක්ෂයට ද දරාගත නොහැකි පරාජයක් බවට පත්වනු ඇත.

” ලූලා කිසිම ආකාරයකින් සිය ජනපති සිහිනය අත්හැර ගන්නට ලැහැස්ති නැත. ඒ නිසා බොහෝ විට ඔහු අගෝස්තු මාසයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරනු ඇත. මේ ඉක්මන විසින්ම, ඔහුට සිපිරි ගෙයට යන කෙටි පාර පෙන්වා දෙනවා වන්නට ද බැරි නැත. “

2003 වසරේ පටන් 2011 වසර දක්වා බ්‍රසීලය පාලනය කළ ලූලා, තවමත් එරට තුළ සැලකෙන්නේ ජනප්‍රිය චරිතයක් ලෙස ය. ලූලා ඩි සිල්වා බලයට පත් වන විට ලබාදුන් ප්‍රබලතම මැතිවරණ පොරොන්දුව වූයේ දූෂණය අරක් ගත් බ්‍රසීල දේශපාලනයෙන් දූෂණය මුලිනුපුටා දමන බව ය. නමුත් 2005 වසරේදී හෙළිවූයේ ඔහු මුදල් පිරිනමමින් ඡන්ද දඩයමේ ගිය බවයි. මේ චෝදනාව නිසා ඔහුට සිය ජනපති ධුරය පවා අහිමි වෙන්නට ගියේය.

නමුත් වාමාංශික ලූලා, සමාජ වැඩසටහන් සඳහා ඩොලර් බිලියන ගණන් වැය කරමින් රට තුළ ප්‍රශස්ත ජනප්‍රියත්වයක් රඳවා ගැනීමට සමත් විය. 2011 වසරේදී ධුරය හැර යන විට ද ඔහු ‘අසමත් චරිතයක්‘ නොවේ.

නමුත් ලූලා මේ වන විට මුහුණ දී සිටින්නේ බ්‍රසීල ඉතිහාසයේ ඇති වූ විශාලතම දූෂණ අපවාදයට ය. එය ඔපරේෂන් කා වොෂ් (Operation Car Wash) යනුවෙන් හැඳින්වේ. මුලින් එය පෙනී ගියේ කළු සල්ලි ජාවාරමක් ලෙස ය. නමුත් පසුව කරුණු හෙළි වූ පරිදි, බ්‍රසීල රජයට අයත් තෙල් සමාගම වූ ‘පෙට්‍රොබාස්‘, අති දැවැන්ත කොමිස් මුදල් ලබාගනිමින් අධිමිල ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබාදුන් බව හෙළි විය. එබඳු එක් ඉදිකිරීම් සමාගමකින් ලූලා ද සිල්වා, මහල් නිවාස අල්ලසක් ලබාගෙන ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි විය.

එසේම බ්‍රසීලියානු රීල් මිලියන 30කට අධික ප්‍රමාණයක් කළු සල්ලි වශයෙන් ජාවාරම් කර ඇති බව ද හෙළි විය. බ්‍රසීල පොලිසිය 2014 මාර්තු මාසයේ පටන් මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණ සිදුකරන්නේ සෝදිසි වරෙන්තු සිය ගණනක් අධිකරණයෙන් ලබාගනිමිනි. බ්‍රසීල දේශපාලකයන් 80 දෙනෙකුට වඩා මේ විමර්ශනය අහිතකර අන්දමින් බලපෑවේ ඔවුන් සියලු දෙනාගේම අහුකොන් එහි ගෑවී තිබූ නිසා ය. බ්‍රසීල ධන කුවේරයන් සහ ව්‍යාපාරිකයන් ද සිය ගණනක් එයට සම්බන්ධ බව හෙළි වී තිබේ. ‘ඔපරේෂන් කා වොෂ්‘ යනු මෙම කළු සල්ලි ජාවාරම සහ අල්ලස් ගැනීම සඳහා ලබා දී තිබූ කේත නාමයයි. මේ සිදුවීම එදාමෙදාතුර බ්‍රසීල ඉතිහාසයේ සිදුකළ විශාලතම අපරාධ විමර්ශනය වශයෙන් සැලකේ.

මේ සමගම බ්‍රසීලයේ හිටපු ජනපතිවරයා අල්ලස් ගැනීම හා දුෂණය සම්බන්ධයෙන් පමණක් නොව කළු සල්ලි ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා ලබයි. එසේම නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් සිදුකිරීම සහ යුක්තිය ඉටුවීම වැළැක්වීම යන අපරාධ චෝදනා ද මේ සමගම ඔහුට විරුද්ධව නැගේ.

  • ලූලා සිරගෙට යාවිද?

72 හැවිරිදි හිටපු නායකයාට ලබාදුන් සිර දඬුවම, ඔහුගේ ඇපෑල හෙවත් අභියාචනය ඉවත දැමීම මගින් නැවත වරක් තහවුරු වූවත්, ඔහුව එක එල්ලේ බන්ධනාගාර ගත කෙරෙන්නේ නැත. ඒ, ඔහුට තවත් එක් වතාවක් අභියාචනය කිරීම සඳහා පවතින ඉඩකඩ සැලකිල්ලට ගනිමිනි. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ වාසියට, එනම් ඔහු නිවැරදිකරු බවට පත් කරමින් තීන්දුවක් ලබාදුනහොත් ඔහු මේ සියලු චෝදනාවලින් නිදහස් වනු ඇත.

ලූලා කිසිම ආකාරයකින් සිය ජනපති සිහිනය අත්හැර ගන්නට ලැහැස්ති නැත. ඒ නිසා බොහෝ විට ඔහු අගෝස්තු මාසයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරනු ඇත. මේ ඉක්මන විසින්ම, ඔහුට සිපිරි ගෙයට යන කෙටි පාර පෙන්වා දෙනවා වන්නට ද බැරි නැත.

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

3 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

5 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

5 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

6 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

7 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

11 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

1 day ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago