පරිසර

Cop26: එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව සාකච්ඡාව අසාර්ථකයි

දින 2 ක් මුළුල්ලේ රටවල් 50කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම සමුළුව, කිසිදු සුවිශේෂී එකඟතාවයකින් තොරව අවසන් වූ බව එහි සභාපති එක්සත් රාජධානියේ ආලෝක් ශර්මා කණස්සල්ලෙන් යුතුව කියා සිටියි.

මෙම සමුළුවේදී අවසාන වශයෙන් ආලෝක් ශර්මා මෙසේ කියයි.

‘‘ලෝකයේ සියලුම රටවල් ගල් අඟුරු අදියර අවසන් කරන්නට පෙළ නොගැසෙන්නේ නම්, ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වාගෙන යාම අතිශයින්ම අසීරු කාරණයක් වේවි..‘‘

Alok Sharma

මාස 18කට පසුව එකිනෙකා පුද්ගලිකව මුණ ගැසෙමින් පැවැත්වූ පළමු පරිසර රැස්වීම වූ මෙය, ඵලදායී එකක් වු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පාරිසරික නියෝජිතවරිය වන පැට්‍රීෂියා එස්පිනෝසාගේ මතය වුවත්, ඉදිරි දස වසර ඇතුළත හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කර ගැනීම සඳහා සාමාජික රටවල් සිය දේශීය සැලැස්ම ඉදිරිපත්කර නැති බව ද ඇය පෙන්වා දුන්නාය.

දේශගුණික විපර්යාසවලට එරෙහි ගෝලීය අරගලය පුස්සක් වේවිද?

දශක 3 කට ආසන්න කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ සෑම රටක්ම පාහේ, කාලීන වශයෙන් වැඩිපුරම වැදගත් වන මාතෘකාව බවට පත් ව ඇති දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාව වෙත සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියි. ඒ අනුව ඔවුහු ගෝලීය දේශගුණික සමුළු පවත්වති. COPs යනුවෙන් මෙම සමුළු හැඳින්වේ. COP යන කෙටි නමින් හඳුන්වන්නේ Conference of the Parties’හෙවත් ‘පාර්ශවයන්ගේ සම්මේලනය‘ යන්නයි. මේ අනුව දේශගුණික විපර්යාසය ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මේ වසරේ මෙම ‘පාර්ශවයන්ගේ සම්මේලනය‘ 26 වැනි වතාවට පත්වන හෙයින් එය Cop26 ලෙස හැඳින්වේ. මෙවර සමුළුවේ සභාපතිත්වය දරන්නේ එක්සත් රාජධානියයි. එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්වීමට නියමිත ය. රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා ස්කොට්ලන්තය වෙත පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

පාරිසරික විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය හුදෙක් තවත් එක් අන්තර්ජාතික සමුළුවක් නොව, ‘‘සුවිශේෂී ලෙස හදිසි‘‘ සමුළුවක් වන බවයි. නමුත් කණගාටුවට කාරණය නම්, පසුගියදා අවසන් වූ දෙදින නිල සාකච්ඡාවත්, කිසිදු නිශ්චිත එකඟතාවයකින් තොරව අවසන් වී යාමයි.

ලෝක විනාශය සිදුවන්නේ නිසැක වශයෙන්ම දේශගුණික විපර්යාස නිසා ය. එසේ තිබියදීත්, අප දැනටමත් ප්‍රමාද බව පෙනෙන්නට තිබියදීත් ඒ වෙනුවෙන් එක්සත් වන්නට ලෝකයට තවමත් නොහැකි වී තිබේ. Cop26 සමුළුව පවත්වන්නට නියමිත ව තිබෙන්නේ 2021 නොවැම්බරයේ ය.

මේ නිද්‍රාවෙන් අප ඇහැරෙන්නේ කවදාද..?

Cop26 නිල වෙබ් අඩවිය වෙත මෙතැනින් පිවිසිය හැක

Cop26 නිල වෙබ් අඩවිය

කුඩා දූපත්වලට වැඩි අවදානමක්

දේශගුණික විපර්යාසවල වැඩිම හානිය බලපැවැත්වෙනු ඇත්තේ කුඩා දූපත්වලට බව මෙම රැස්වීමේදී ද අවධාරණය කෙරිණි. පූර්ව කාර්මික යුගවලදී පැවති පරිසර උෂ්ණත්වයට වඩා කැපී පෙනෙන ලෙස දූපත් රාජ්‍යයන්ගේ උණුසුම මේ වන විටත් වැඩි වී තිබේ. COP දේශගුණික විපර්යාස සමුළුවේ AOSIS යනුවෙන් හඳුන්වන වෙනම කණ්ඩායමක් සිටියි. AOSIS හෙවත් කුඩා දූපත් රාජ්‍යයන්ගේ සන්ධානය (Alliance of Small Island States) නියෝජනය කරන්නේ දේශගුණික වෙනස්වීම්වල අවදානමට වැඩි වශයෙන් ලක් වී සිටින දූපත් රාජ්‍යයන්ගේ එකමුතුවකි. එහි ප්‍රධානිත්වය දරන ඇන්ටිගුවා ඇන්ඩ් බාබඩෝස් රාජ්‍යෙයේ කැබිනට් අමාත්‍ය මොල්වින් ජෝසප් මෙසේ කීය.

‘‘කුඩා දූපත් සංවර්ධන රාජ්‍යයන්ට (SIDS) මෙම සමුළුවේ පණිවුඩය හොඳින් ලැබී ඇති බව පෙනෙනවා. විශාල රටවල්වලට අප වැනි රටවල් කෙරෙහි ඇති වගකීම තේරුම් ගනු ඇතැයි සිතනවා.. සියලු පොසිල ඉන්ධන සහ ඒවායේ අනුකොටස් පුනර්ජනනීය බලශක්ති ආයෝජන බවට පත් කර ගත යුතුමයි..‘‘

‘‘දේශගුණික වෙනස්වීම් කුඩා දූපත්වලට අතිශයින්ම යථාර්ථයක්. මේක සැබෑවක්. මේ තත්වය අනාගතයේදී අපේ රටවල ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට දරුණු බලපෑමක් සිදු කරාවි. මේක පාරිසරික යුක්තිය පිළිබඳ ගැටළුවක්..‘‘

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍ය සන්ධානයේ සාමාජිකයෙක් නොවේ!

මෙම සන්ධානයේ මාලදිවයින, සී ෂෙල්ස් යන රටවල් දෙක පමණක් ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන දූපත් රාජ්‍ය ලෙස මෙම සම්මේලනයට ඇතුළත්ව සිටියි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මෙහි සාමාජිකයෙක් නොවේ.

මූලාශ්‍රය

AOSIS Member States

Share

Recent Posts

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

48 seconds ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

21 mins ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

21 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

22 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

22 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

23 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago