පලස්තීනු හමාස් සංවිධාන නායක හහ්යා සින්වාර් ඊශ්‍රායල හමුදා අංශ තවදුරටත් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, ඊශ්‍රායල නගර සියල්ලක්ම මිසයිල ප්‍රහාර වලින් සුනුවිසුනු කර දමන බවට දිව්රා පවසයි.
“ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගියහොත් අපි එය බිඳ දමනවා, අප මේ පවසන දෑ ඉතා හොඳ අවබෝධයකින් පවසන්නේ. ඊශ්‍රායලය නැවතත් ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, එකවරම මිසයිල සිය ගණනක් ඊශ්‍රායල නගර වෙතට පතිත කරනවා. මෙමඟින් යුද්ධයකට මුල පිරුවොත්, අප එම පාලක හමුදාවේ (occupation army) බලය සදහටම තුරන් කර දමනවා. අප මේ කරන්නේ විහිළුවක් නොවෙයි,” පසුගිය ඉඩ් අල්-අදා උත්සවය සැමරීමට සමගාමීව සින්වාර් සිදුකළ කතාවකදී ප්‍රකාශ කළේය.
සින්වාර් ඔහුගේ කතාව තුළ අගෝස්තු 01 වන දින කිස්සුෆිම් ප්‍රදේශයේදී දකුණුදිග ඊශ්‍රායලයට පැමිණීමට තැත්කොට ඊශ්‍රායල හමුදා නිලධාරීන් හට තුවාල සිදුකළ හමාස් බලකා සාමාජිකයකු වන හනි අබු සලාහ් සිහිපත් කරමින් ඔහු වීරයකු බව සඳහන් කළේය.
පසුගිය වසරක කාලය තුළ ගාසා තීරය තුළ බිහිසුණු ත්‍රස්ත ක්‍රියා 10ක් පමණ සිදුවූ අතර, මිසයිල ප්‍රහාර 700 කට අධික ප්‍රමාණයක් එල්ල වන ලදී. එමඟින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වන ලදී.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව, ගාසා තීරය තුළ යලි ආගමනය (March of Return) නම් මානව ව්‍යාපාරය ආරම්භ වූ දා පටන් මේ වන තුරු පලස්තීනුවන් 300 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්ව 22,000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.