මේ අතර ගතවූ දින 28 තුළ, පරීක්ෂණවලට පොසිටිව් රෝගීන් 49 දෙනෙක් ද මරණයට පත් ව තිබේ.
මෙය, සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් විසින් කළ අනාවැකියක් සත්‍ය වීමකි. ඔහු මීට පෙර පවසා තිබුණේ ජූනි 19 වන විට දිනකට රෝගීන් 50,000 බැගින් වාර්තා වීම ඇරඹෙනු ඇති බවයි. තවද ගිම්හානයේදී මෙම සංඛ්‍යාව 100,000 ඉක්මවා යා හැකි බවට ද ඔහු විසින් කියා තිබේ.
මහා පරිමාණ එන්නත්කරණයෙන් පසුව රෝහල්ගතවීම් 2/3 කින් අඩු වී තිබුණත්, මේ අනුව ඩෙල්ටා වේරියන්ට් සඳහා එන්නත්තරණයේ ප්‍රතිචාර දැක්වීමේ ගුණය ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.
සිය අනාවැකිය හරි ගියත්, එම ආසාදිතයන් අතරට තමන් ද අයිති වේ යැයි සෞඛ්‍ය ලේකම් සජීත් ජාවිඩ් සිතන්නට නැත. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ධුරය සම කළ හැක්කේ ලංකාව වැනි රටවල සෞඛ්‍ය ඇමති ධුරයට ය. පසුගිය මාසයේදී සජීඩ් ජාවිඩ් මෙම ධුරයට පත් කෙරුණේ හාදුවක් නිසා ගැටළු රැසකට මැදි වූ මැට් හැනොක්ගෙන් පසුව ය.
ඔහු වැක්සින් දෙකම ලබාගත් අයෙකු වීම ද විශේෂත්වයකි. නමුත් සෙනසුරාදා රාත්‍රියේ සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කෝවිඩ් පොසිටිව් වී ඇති බවයි.
මේ වන විට සිය නිවසේ හුදෙකලාකරණයට ලක්ව රාජකාරි කරන ඔහු, සිය තත්වය බරපතළ නොවන බව පවසිය.
පොසිටිව් බව තහවුරු වීමට පෙර දිනයේ, එනම් සිකුරාදා දිනයේ සජීඩ් ජාවිඩ් අගමැති බොරිස් ජොන්සන් හමුවී ඇත. ඒ අනුව අගමැතිවරයා ද නිරෝධායනයට ලක් කළ යුතු දැයි කතා බහක් පවතියි.
නිල දත්තවලට අනුව එක්සත් රාජධානිය තුළ ලබාදෙන ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගත් විට 88%ක ආරක්ෂාවක් ලැබෙන අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් විට 60%ක ආරක්ෂාවක් ලැබේ. කෙසේ නමුත් එන්නත් ලබාගත් විට කෝවිඩ් නොවැළඳෙන බවක් අදහස් වන්නේ නැත. එන්නත් ගෙන තිබියදී වුවත් ඩෙල්ටා වේරියන්ට් ප්‍ර භේදය ආසාදනය විය හැකි ය. නමුත්, නිව්මෝනියාව වැනි බරපතළ තත්වයකට පත් වීම එයින් වළක්වන බව පැවසේ. එන්නත්කරණයෙන් පසුව එක්සත් රාජධානිය තුළ රෝහල්ගත වීම් කැපී පෙනෙන ලෙස අඩු වී තිබීමෙන් ද මේ බව තහවුරු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇති පරිදි, මෙම ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා එකම මග, පූර්ණ එන්නත්කරණයයි.
ප්‍රධාන ඡායාරූපය – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් (EPA)
පෙර ලිපි
ප්‍රශ්නය හාදුව නොවුණත්, ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…