පකිස්ථාන් තලේබාන් සංවිධානය ලෙස හැඳින්වෙන ටෙහ්රීක්-ඊ-තලිබාන් (TTP) සටන්කාමීන් විසින් රටේ වයඹ දෙසින් පිහිටි බන්නු දිස්ත්‍රික්කයේ ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින බව වාර්තා වේ.
තත්වය සමතයකට පත් කිරීමට බලධාරීන් විසින් TTP සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට උත්සහ කළද සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. TTP සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය සමඟ සම්බන්ධ වී රට තුළ ඉස්ලාමීය නීතිය ස්ථාපික කිරීමටත්, රජයේ අත්අඩංගුවේ සිටින ඔවුන්ගේ සාමාජිකයින් නිදහස්කර ගැනීමටත්, ගෝත්‍රික ප්‍රදේශවල පාකිස්තාන හමුදා පැමිණීම අඩු කිරීම සඳහාත් සටන් කරනු ලබයි.
පාකිස්ථානයෙ ඩෝන් පුවත්පත අද(19)වාර්තා කර තිබුණේ ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානය අත්පත් කර ගැනීමෙන් පැය 15 කට පසුවත් එහි තත්ත්වය නොසන්සුන්ව පවතින බවයි. කෙසේ නමුත් රොයිටර් වෙත යවන ලද TTP ප්‍රකාශයක සඳහන් වූයේ සටන්කාමීන්හට ඇෆ්ගනිස්ථානයට යාමට ආරක්ෂිත මාර්ගයක් ලබා ගැනීම අරමුණු බවත්, TTP විසින් මෙම ඉල්ලීම පාකිස්තාන බලධාරීන්ට ද දන්වා ඇති නමුත් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ඒ වෙනුවෙන් ලැබී නොමැති බවත්ය.
පාකිස්ථානු රජය මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, TTP හි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයන් අතර සබඳතා පළුදු කර ඇති බවයි.
සශිකලා මධුෂාණී_
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…