ලොව යන අත

ඉජන් ගිනි කන්දේ සිට යක්ෂයන්ගේ රත්‍රන් හෙවත් යපස් සොයන පීඩිත ජීවිත

ඔවුන්ට ඔවුන් ගිය මගේ ඔවුන්ගේ දරුවන් යවන්නට කිසිසේත් වුවමනාවක් නැත.
ඉන්දුනීසියාවේ ජාවා දිවයිනෙහි පිහිටි කාවා ඉජන් ගිනි කන්ද ලෝකයේ අනෙක් සෑම ගිනි කන්දකටම වඩා විශේෂිත වේ. බිය දනවන රත් පැහැ ගිනි දැල් සමග ලාවා ගලා බසින් අනෙක් ගිනි කදු මෙන් නොව චමත්කාර ජනක නිල් පැහැ ගිනි දැල්ද සමග එය ගිනි කන්දක්දැයි අමතක වන තරමට සුන්දර දසුනක් කාවි ඉජන් තුළින් දැක බලා ගත හැකිවෙයි. නමුත් මේ නිල් පැහැය හා අසීමිත සුන්දරත්වය තුළ ගැබ්ව ඇත්තේ සිත් අදහා ගත නොහැකි අනතුරුය.

In East Java island in Indonesia, the volcano Kawah Ijen contains plenty of natural sulfur. Indonesian male workers carry the blocks of sulfur in two baskets on their shoulder and they have to climb the crater to the top and down to the village.

ගුරුන්ග් මෙරාපි හෙවත් “mountain of fire” නමින් හුදුන්වන ඉජන් ගින් කන්දේ මුදුනෙහි දැක ගත හැකි නිල් පැහැ සුන්දර වැවකි ගිනිකදු කල්දේරම ලෙසද එය හදුන්වයි. දුටු සැනින් එහි බැස කිමිදෙන්නට යමෙකුට සිතුනත් එය සැබෑම ලෝදිය ගගුලකි. එහි ඇල්ලූ සැණින් පිච්චී යන ඇසිඩ් වලින් සමන්විතය. ලොව වැඩිම ඇසිඩ් සාන්ද්‍රණයක් ඇති වැව ලෙස හදුනාගෙන ඇත්තේද මෙයයි.

එතරම් බිය ජනක වටපිටාවක සිට ජීවන අරගලයේ යෙදෙන මිනිසුන් පිරිසක් ද සිටී. ඉජන් ගිනි කන්ද සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට අතපුරා මුදල් ලැබෙන දුප්පතුන්ගේ අත් පා පවා ඔවුන්ට අහිමි කරන යපස් ආකරයකට උපත දී ඇත‍.

ඒ නිසාවෙන්ම මෙතරම් බිය ජනක පරිසරයක සිට යපස් ආකරයේ සිට යපස් අදින මිනිසුන් ගේ ජීවිත සැබවින්ම බිය ජනකය , වේදනාකාරීය, නීරසය
යක්ෂයින්ගේ රත්රන් මවන මෙම ඉජන් ගිනි කන්දේ අදුරු පසෙහි ජීවත් වන මෙම යපස් කණින්නන්ගේ මෙන්ම යපස් ප්‍රවාහණය කරන්නන්ගේද ජීවිත තුළ රැදුන අදුරු නීරස කථා පිළිබදව සිතද්දීද දැනේනේ වේදනාවකි.
ඉජන් හී යපස් ආකරයේ සිට සැතපුම් ගණනාවක් සිය උරහිසේ රැදවූ කූඩ මත යපස් ගෙන යන සේවකයන් බෙහෝ දුරක් ගමන් කරන්නේ අදහා ගත නොහැකි බරක් සිය උරහිස මත රදවා ගනිමිනි. ඔවුන්ගේ දවස ඇරඹේන්නේ මධ්‍යම රාත්‍රියෙනි. මීටර් 2800ක් පමණ උස මෙම ගිනි කන්ද නගින්නට ඔවුන් පටන් ගන්නේය. එතරම් දුරක් පැමිණ මී ලගට ඔවුන් කරන්නේ යපස් සහිත වැව වෙතට ඇති පල්ලම බැසීමය. එය දුෂ්කර ගමනකි. ගල් ගෝඩැලි, වලින් පිරි හෙවනක් නැති දුහුවිලි පිරුණු බිමකි. එය මරණය හා පොර බැදීමක් වැනිය කොයි මෙහෝතේ කුඩා ගල් ගැලවී තමන් කොහේ හෝ ප්‍රපාතයක් වෙත ඇද වැටේදැයි සිතා ගත නොහැකිය. මධ්‍යම රාත්‍රියේ ගමන ආරම්භ කරන බැවින් යපස් ආකරය වෙල ළගා වීම මදක් පහසු වුවත් එහි සිට පෙරළා එන ගමන නම් කෙහෙත්ම සිතා ගත නොහැකිය. එය එතරම් බිය සුළුය. මිනිමුන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතෙන තරමටම එය බිය ජනකය, වෙහෙස කරය. නමුත් ඉජන් ගිනිකන්දේ යපස් සේවකයින් දිනපතා මෙම වෙහෙසකර බිය ජනක දින චර්යාව පවත්වාගෙන යති. ඒ තම දරු මල්ලන්ට එදා වේල සොයා ගනනටයි.

නැවත එන ගමනේදී තමන්ගේ සිරුරටත් වඩා බර යපස් ප්‍රමාණයක් සිය උරහිස දෙපස රැදවූ ලී කදක් මත එල්ලූ කූඩ වලට පටවා ගන්නා ඔවුන් යපස් නිසා ඇතිවන දුහුවිල්ලෙන් නොකඩවා ඇති වන කැස්ස නිසාද වෙහෙසට පත් වන්නේය.

පුරවා ගත් යපස් කදත් සමග නැවත යපස් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත දුර ගෙවා පැමිණෙන් මේ යපස් එකතු කරන්නන්ට නිසි සෞඛ්‍ය පහසුකම් හෝ ආරක්ෂිත පහසුකම් කිසිවක් ඔවුන්ට නැත.
ඔවුන්ට මේ අප්‍රමාණ වෙහෙසජනක කාර්ය වෙනුවෙන් ලැබෙන්නේ දිනකට ඩොලර් 10ක් පමණ වන වැටුපකි. එය ඉන්දුනීසියානු රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසකි. නමුත් එරට ඔවුන්ට ඒ මුදලට ඔවුන්ට සිතූ පැතූ සියල්ල ලබා ගන්නට නම් නොහැකිය.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

12 mins ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

12 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

13 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago