පුරා දින 2 ක් තිස්සේ පැවති ඡන්ද ගණන්කිරීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් නායකත්වය දරන තෙරීක්-ඉ-ඉන්සාෆ් පක්ෂය (Pakistan Tehreek-e-Insaf) ජාතික රාජ්‍ය සභාවේ ආසන 269 අතරින් 116 ක් දිනාගෙන තිබිණි. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වූ පාකිස්ථාන මුස්ලිම් ලීගයේ (Pakistan Muslim League) මැතිවරණ වත්කම ආසන 64කට සීමා විය. පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වය දරන්නේ හිටපු අගමැති, දැනට සිරභාරයේ පසුවන නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂබාස් ෂරීෆ් විසිනි.
ඔහු විසින් මෙම මැතිවරණය දූෂිත එකක් බවට චෝදනා එල්ල කළත්, ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ සිටි 120 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ද ප්‍රකාශ කර තිබුණේ මෙම මැතිවරණය වංචනික එකක් නොවන බව ය.
කෙසේ නමුත් බහුතර රජයක් පිහිටුවීම සඳහා ගත යුතු අවමය වන ආසන 173 ක් දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය අසමත් වීම නිසා ඔහුට පිහිටුවීමට සිදුවන්නේ වෙනත් පක්ෂයක හෝ කිහිපයක සහයෝගය ලබාගන්නා සන්ධාන ආණ්ඩුවකි. මේ සඳහා ඔහු විසින් දැනටමත් සුළු පක්ෂවලට ආරාධනා කර තිබේ. ඒ සඳහා ඇතැම්විට දින ගණනක් ගත විය හැකි බව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ප්‍රකාශක ෆවාද් චව්ද්රි ප්‍රකාශ කරයි.
එසේම මෙවර පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 52% කි. මෙයට පෙර 2013 වසරේ පැවති මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 54.8% ක් විය.
පාකිස්ථාන මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුව හෙවත් ජාතික රාජ්‍ය සභාව (National Assembly) වෙත මෙන්ම පළාත් පාර්ලිමේන්තු 4කට ද නියෝජිතයන් තෝරා පත්වීම සිදු වේ.
ඉම්රාන් ඛාන් – Facts Sheet බලාපොරොත්තු වන්න..
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…