එසැණ පුවත්

ඉන්දුනීසියාව දෙවන සුනාමියක් බලාපොරොත්තුවෙන් – ක්‍රැකටෝවා දිගටම පුපුරයි

ජීවිත 281 ක් බිලිගැනීමෙන් පසු ක්‍රැකටෝවා ගිනිකන්ද දෙවන පුපුරා යාමටත් සූදානම් වන බවට ලකුණු

පසුගිය සෙනසුරාදා හටගත් ඉන්දුනීසියානු සුනාමියට හේතුව වශයෙන් දැක්වුණේ සාගර පත්ලේ පිහිටා තිබෙන ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරා යාමයි. මේ වන විට පළමු සුනාමියේ අවදානම පහව ගොස් ඇතත්, මේ ගිනිකන්ද අලුත් වටයකින් සක්‍රිය වේ ය යන බිය හේතුවෙන්, වෙරළබඩ අනක් ක්‍රැකටු (Anak Krakatau) දූපතේ ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ඇරඹී තිබේ.

‘‘සාගරය තුළ නාය යාම්‘‘

නාය යාම් යැයි කියූ සැණින් අපට සිහිපත් වන්නේ කඳු කඩා වැටීම් ආදියයි. අප පුරුදු ව සිටින්නේ ගොඩබිම කඳු කඩා වැටීම් යනාදිය දකින්නට ය. නමුත් පෘථිවියේම ජල තලයෙන් යට වූ ගොඩබිම කොටස නියෝජනය කරන සාගරය තුළ ද මෙම නාය යාම් ආදිය ඒ අන්දමින්ම සිදුවෙයි. ක්‍රැකටෝවා ගිනිකන්ද, සාගර නායයාම් උත්තේජනය කරන සාධක පිළිබඳ හොඳ උදාහරණයකි.

ක්‍රැකටෝවා හෙවත් ඉන්දුනීසියානු බසින් ක්‍රැකටු (Krakatau) පිහිටා තිබෙන්නේ ජාවා හා සුමත්‍රා දූපත් අතර ඇති සුන්ඩා සමුද්‍ර සන්ධිය (Sunda Strait) තුළ ය. පසුගිය සෙනසුරාදා එය පුපුරායාමත් සමග, සුනාමි පමණක් නොව, සාගරය තුළ නාය යාම් ද හටගෙන ඇතැයි විශ්වාස කෙරේ. මාරක ජල තරංග මේ හේතුවෙන් ප්‍රතිඵල විය. විපතින් තුවාළ ලත් පිරිස දහසකට අධික ය.
ඊයේ, එනම් ඉරිදා දිනයේ එය නැවත වරක් පුපුරා ගියේ, දැවැන්ත අළු සහ අග්නි ජාලා විදිමිනි.

ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒන්සිය පවසන්නේ මේ අන්දමින් නැවත නැවතත් ගිනිකන්ද පුපුරා යාම සිදුවන නිසා, අලුත් සුනාමි හටගැනීමට හැකියාව පවතින බවයි.

ක්‍රැකටු (ක්‍රැකටෝවා) ගිනිකන්ද සහ අනක් ක්‍රකැටු දූපත අතර සම්බන්ධය

ක්‍රැකටෝවා ගිනිකන්ද, සැබවින්ම යමහල් දූපතකි.ඉන්දුනීසියාවේ ලැම්පුන්ග් පළාතේ එය පිහිටා තිබේ.1883 වසරේදී ක්‍රැකටෝවා ගිනිකන්ද බිහිසුණු අන්දමින් පුපුරා ගියේය.

එය 1927 වසරේදී ද පුපුරා ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අනක් ක්‍රැකටු දූපත බිහිවිය. ඉන්දුනීසියානු බසින් එහි අර්ථය ‘ක්‍රැකටෝවාගේ දරුවා‘‘ (“Child of Krakatoa”) යන්නයි.

පසුගිය මාස කිහිපය පුරා අනක් ක්‍රැකටු දුපතෙහි යමහල් ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් තිබේ. මේ අනුව ගිනිකඳු ආවාටය අවට ජීවත් වන ජනතාව එයින් ඉවත් කිරීමට බලධාරීහු නැවත යුහුසුළුව සිටිති.

ඉන්දුනීසියාවට මෙතරම් භූ චලන ඇයි?

ඉන්දුනීසියා දූපත් පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරය තුළ Ring of Fire හෙවත් ‘පැසිෆික් ගිනි වළල්ල‘ තුළ ය. එනම්, පැසිෆික් සාගරය තුළ එකිනෙක සමග නිරන්තරයෙන් සහ ඉතා සෙමෙන් චලනය වන භූ තැටි වෙන්වන කලාප ගණනාවක් පිහිටා තිබේ. ඒවා සාගරය තුළ හෝ ගොඩබිම භූ චලන ලෙස මිනිසාට බලපායි.

සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය අක්‍රිය ද?

සෙනසුරාදා සුනාමි අනතුර ඇති වන විට ඒ පිළිබඳ සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය මගින් ඇඟවීම් නොකිරීම බරපතළ කාරණයක් වී තිබේ. මේ නිසා මෙයට හේතුව පැහැදිලි කරමින් ඉන්දුනීසියාවේ ආපදා කළමනාකාර බලධාරීන් විසින් ට්වීටර් පණිවුඩ ගණනාවක් නිකුත් කර තිබිණි.

ඒවාට අනුව, මෙයට හේතුව වී තිබෙන්නේ, ඉන්දුනීසියාව ආශ්‍රිත සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය මගින් අධීක්ෂණය කරන්නේ භූමි කම්පා පමණක් වීමයි. ඒ අනුව නාය යාම් (සාගරය හෝ ගොඩබිම තුළ) සහ ගිනිකඳු (යමහල්) ක්‍රියාකාරිත්වය එයින් අධීක්ෂණය කෙරෙන්නේ නැත.

කෙසේ නමුත් ලෝකයේ පිහිටා තිබෙන ගිනිකඳුවලින් 13%ක්ම තිබෙන්නේ ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ය. මේ නිසා යමහල් ක්‍රියාකාරිත්වයට සංවේදී අනතුරු ඇඟවීමේ පද්ධතියක් වහාම ස්ථාපනය කළ යුතුව තිබෙන බව ද ඔවුහු අවධාරණය කරති.

එසේම මූල්‍ය දුෂ්කරතා, සාගරයේ ජල තත්වය මනින බෝයාවන්ගේ ගැටළු (ඒවා විනාශ වී තිබේ) සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ද සතුටුදායක මට්ටමින් සක්‍රිය වී පැවතී නැත.

සෙනසුරාදා සුනාමිය මාරක එකක් වු හැටි

සුනාමි රළ ඇති වූයේ ඉන්දුනීසියානු වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ය. එදින නිවාඩු දිනයකි. එසේම සාමාන්‍යෙයන් සුනාමියක් හටගන්නා අවස්ථාවේදී සාගරයේ ජල කඳ, සාගරය තුළට ඇදී යාම සිදුවන නමුත් මෙවර එවන්නක් ද සිදු වී නැත. මේ අනුව, ගිනිකන්ද ආශ්‍රිත මුහුදේ බෝයාවන් තිබුණත්, අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් වෙනසක් සාගරයේ හටගෙන තිබූ බව සිතිය නොහැක. අවසානයේ සිදුවූයේ බටහිර ජාවා හි ජනප්‍රිය සංචාරක නිකේතන සහමුලින්ම ජලයෙන් යට කරමින්, ගස් මුලිනුදුරා දමමින්, මෝටර් රථ ආදිය ගසාගෙන යන තරම් ප්‍රබල සුනාමි රළ පහරකට වෙරළබඩ ජනතාව ගොදුරු වීමයි.

2018 සැප්තැම්බරයේදී ඉන්දුනීසියාවේ සුලෙවෙසි දූපත්වලට පුද්ගලයන් 2000කට මරු කැඳවන ප්‍රබල භූ කම්පනයක් හට ගත්තේය. එමගින් පාවුළු දූපතට කුඩා සුනාමි තත්වයක් ද ඇති විය. 2004 දෙසැම්බරයේ හටගත් සුනාමිය හේතුවෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 228,000 කි. එයින් අති බහුතරය ඉන්දුනීසියානුවන් ය. දන්නා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සුනාමි අත්දැකීමට මුහුණ දුන්නේ ද 2004 වර්ෂයේදී ය.

ප්‍රධාන ඡායාරූපය – EarthSky

ක්‍රැකටු ගිනිකන්ද පළමු සුනාමියට පෙර සහ පසු.. මෙම වීඩියෝවෙන් නරඹන්න..

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

7 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

8 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

12 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

15 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

16 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

16 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

20 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago