ලොව යන අත

ඔස්ට්‍රියාවේ වියනා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනියි

ප්‍රොපගැන්ඩා ප්‍රකාශයක් සිදුකරමින් ISIS සංවිධානය පැවසුවේ ‘‘මහම්මද්තුමාගේ රාජ්‍යයේ සොල්දාදුවෙකු‘ විසින් ‘‘කුරුස යුද්ධ කාරයන්‘‘ 30 දෙනෙකු මරාදැමීම හෝ තුවාළ කිරීම සිදුකර ඇති බවයි.

මෙම ප්‍රහාරය සිදුකළ කුජ්තිම් ෆෙස්ජුලායි ඊට සුළු වේලාවකට පසු වියනා පොලිසිය විසින් වෙඩි තබා මරා දැමිණි.

ඝාතනයන් සිදුකිරීමට පෙර ඝාතකයා සිය ව්‍යාජ නාමය වූ අබු ඩුජානා අල්-ඇල්බානි යන්නෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා අයිසිස් සංවිධානයට සිය සහයෝගය ද පළ කර තිබේ.

සිර දඬුවම් විඳ – යහපත් කල්ක්‍රියාව නිසා නිදහස් වූ අයෙක්

මෙම 20 හැවිරිදි ඝාතකයා සිරියානු කණ්ඩායමක් සමග සම්බන්ධ වීමට උත්සාහ ගැනීමේ චෝදනාව මත පසුගිය වසරේදී සිරගත වී, ඉන්පසු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිරෙන් නිදහස් වූවෙකි.

එසේ සිර දඬුවම අවසන් කරගෙන තිබෙන්නේ ‘‘deradicalisation‘‘ හෙවත් රැඩිකල්භාවයෙන් තොරවීමේ වැඩසටහනක් සාර්ථක ලෙස අවසන් කිරීමෙන් පසුව බව ද කියැවේ.

එහිදී ඔහු තමන්ව තර්ජනයක් සේ තවදුරටත් නොසැලකිය යුතු බව බලධාරීන්ට අවධාරණය කිරීමට ද සමත් වී තිබේ.

ඝාතකයාගේ වීඩියෝවක් ද ISIS නිකුත් කරයි

අයිසිස් සංවිධානය ෆෙජුලායි විසින් සිය නායකයා වූ අබු ඉබ්‍රාහිම් අල් හෂාමි-අල් ක්වාෂි වෙත සිය පක්ෂපාතිත්තවය දිවුරන අරාබි බසින් දිවුරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබේ.

එම වීඩියෝවේදී ඔහු සැරසී සිටින්නේ ස්වයංක්‍රීය රයිෆලයක්, අත්තුවක්කුවක් සහ මචෙටි වර්ගයේ විශාල පිහියකිනි.

ප්‍රහාරය සිදුකරන අවස්ථාවේදී ඔහු සන්නද්ධව සිටියේ ද මේ ආයුධවලින් බව හෙළි වේ.

ව්‍යාජ සුයිසයිඩ් බැනියමක් ද හැඳසිටි ෆෙජුයිලායි, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මීට පෙර සිදුකර ඇති උපායන් බොහොමයක් වින්දිතයන් බියවැද්දවීම සඳහා යොදාගෙන තිබිණි. මේ අනුව ඔහුගේ මෙම ප්‍රහාරය එක්සත් රාජධානියේ සහ සෙසු රටවල සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලට බොහෝ දුරට සමාන කම් ගනියි.

ඔස්ට්‍රියාවේ වියනා අගනුවර රාත්‍රියේ ඇවිදිමින් සිටින අය ඉලක්ක කරගත් ඝාතකයා පුද්ගලයන් පස් දෙනෙකු මරා දමා ඇති අතර, 22 දෙනෙකුට තුවාළ සිදුකර ඇත.

තුවාළ ලද අය අතර පොලිස් භටයක් සහ ජර්මානු පුරවැසියෙක් ද සිටිති.

ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කර්ස් (Sebastian Kurz) ද වින්දිතයන්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා එක් වී සිටියේය.

සෙබස්තියන් කර්ස් (Sebastian Kurz) තරුණ චාන්සලර්වරයා මිය ගිය අයට අවසන් ගෞරවය දක්වමින්

සාමාන්‍ය පවුලක උපන් තරුණයෙක්

2019 වසරේදී ෆෙජ්සුලායි වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා මෙසේ පවසයි. ‘‘ඔහු මට හමුවන විට සමාජයේ තමන්ගේ තැන සොයමින් ගිය අයෙක්. පේන විදිහට වැරදි පල්ලියට ගිහින් වැරදි කවයකින් නතර වූ අයෙක්.‘‘

‘‘ඔහුගෙ පවුල අතිශය ආගමික පවුලක් නෙවෙයි. රැඩිකල් මත තිබූ අයත් නෙවෙයි. ඒ පවුල සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පවුලක්.‘‘

මෙම සිදුවීමෙන් පසුව රැඩිකල් මතධාරී ත්‍රස්තවාදීන් බන්ධනාගාරවලදී ජාලගත වීම පිළිබඳ විශාල සාකච්ඡාවක් ද ඇති වෙමින් පවතියි.

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

11 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

11 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago