නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩර්න් ඊයේ(19)දිනයේදී නේපියර් හි වාර්තාකරුවන්ට පවසා තිබුණේ පෙබරවාරි 7 ඇයගේ කාර්යාලයේ අවසාන දිනය බවයි. ඒ අනුව ඇය ලබන මාසයේ ඉල්ලා අස්වීමට නියමිත වන අතර මේ වසරේ ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් තරඟ නොකරනු ඇත.
මීළඟ කම්කරු නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඉරිදා පැවැත්වෙන බවත්, එම ඡන්දයෙන් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ඇය මෙහිදී වැඩිදුරටත් පවසා තිබිණි. මේත් සමඟම වත්මන් මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන නවසීලන්ත නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මීළඟ කම්කරු නායකයා ලෙස පෙනී සිටින බවයි.
2017 දී සභාග ආන්ඩුවක අගමැති වූ ජෙසින්ඩා, ඇගේ ලිබරල් ලේබර් පක්ෂය ජනතාව අතරට ගෙන යාමට සමත් විය. COVID-19 වසංගතයට එරෙහිව ඇය විසින් ගෙන ගිය සටන ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක් විය. ලෝකයේ මුල් වරට දේශසීමාවන් පාලනය කරමින් ඇය වෛරසය සිය රට තුළ තුරන් කිරීමට සමත් විය. නමුත් නව ප්‍රභේද මතු වීමත් එන්නත් ලබා ගැනීමට හැකි වීමත් සමඟ ඇය සිය ශුන්‍ය ඉවසීමේ උපාය මාර්ගයන් අතැර දැමීය. දැඩි උපාය මාර්ගයන් ගැනීම සම්බන්ධයෙන් ජෙසින්ඩා විටෙක චෝදනාවට ද ලක් විය.
අවසාන වශයෙන් අගමැතිවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, සිය භූමිකාවේ වගකීම බැරෑරුම් බවත්, ඒ වෙනුවෙන් තමාට කළ හැකි දේ කළ බවත්ය.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…