Uncategorized

පවුලේ හයියෙන් දුවන ජාකොබ්ට මීටර් 1500 ලෝක වාර්තාව

පිරිමි මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් වාර්තාලාභි ජාකොබ් ඉන්ගෙබ්රිග්ට්සෙන් සිය ධාවන ජීවිතයේ තවත් ස්වර්ණමය කඩ ඉමකට පිවිසෙමින් 2022 පෙබරවාරි 17 වන දා එම ඉසව්වේ ගෘහස්ත ලෝක වාර්තාවේ හිමිකාරීත්වය දිනා ගත්තේය.ඒ ප්‍රංශයේ ලෙයිවින් හි පැවති ගෘහස්ථ ධාවන තරගයකදී ය.ඒ දක්වා එහි ලෝක වාර්තාව දිනා සිටියේ ඉතියෝපියාවේ සැමුවෙල් ටෙෆාරා ය.මේ තරගයේ දී ඔහු ද ධාවනයේ යෙදුණ අතර එයද අතිරේක වාසියක් බවට හරවා ගත් ජාකොබ් ඔහුට තත්පර තුනක් පමණ කාලයක් ඉදිරියෙන් සිට විනාඩි 3;30.60 දී තරගය නිමා කළේය.

ජාකොබ් පැහැදිළි ගමණක් ආ අයෙක්ය.ඔහු ඔලිම්පික් වාර්තාව තැබීමට පෙර විස්මිත ධාවකයෙක් බව ඔප්පු කර අවස්ථා බොහෝය.අවුරුදු 16 දී සැතපුමක දුරක් විනාඩි 4 ට පෙර දිව ගිය ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු වෙන්නේ ජාකොබ්ය.කණිෂ්ඨ මීටර් 1500 ලෝක වාර්තාව පවතින්නේ ද ජාකොබ් නමින්ය.එම කාලය 3;36.02 කි.මීටර් 1500 සහ මීටර් 5000 ඉසව් ද්විත්වයම ලෝක කණිෂ්ඨ මලල සූරතාවලියකදී දිනා ඇත්තේ ද ජාකොබ්ය.

මෙච්චර හපන්කම් කරන ජාකොබ් ඉන්ගෙබ්රිග්ට්සෙන් පුහුණු කරන්නේ ඔහුගේ පියා ය.ඔහු ද අපූරු පුහුණුකරුය.ජාකොබ් පමණක් නොවේ ඔහුගේ පවුලේ හෙන්රි සහ පිලිෆ් යන පුතුන් ද ලෝක මට්ටමෙන් අවධානය දිනා ගත් ධාවකයෝ වෙති.මේ පුතුන්ගේ දක්ෂකම නිසාම පුහුණුකරුවෙක් වෙන්නට අවධිමත්ව සිය දැණුම උකහා ගත් ජාකොබ්ගේ පියා වන ග්ජෙර්ට් ඉන්ගෙබ්රිග්ස්ටෙන් 2018 දී සිය පුතුන්ගේ අප්‍රමාණ දස්කම් සළකා හොඳම නොර්වේජියානු පුහුණුකරු බවට ද පත් විය.

ටෝනේ ඒවා ජාබේගේ මවය.ඔහුට තව සහෝදරයන්ම පහකි. බාල සහෝදරිය ඉන්ගර්ඩ් ට තවමත් අවුරුදු 13 ක් වුව,ඇයද නෝර්වේජියානු මලල ක්‍රීඩාවේ බලාපොරොත්තුවක් බවට වැඩෙමින් සිටින්නියකි. දැනට ධාවනයේ යෙදෙන හෙන්රි සහ ෆිල්ප් සහෝදර කණ්ඩායමේ දෙවැන්නා සහ තෙවැන්නා ය.පස්වැන්නා වන්නේ ජාකොබ්ය.

මේ සියල්ල ජාකොබ්ගේ පසුපසින් ශක්තිය දෙන්නෝය.ඒ නිසා පවුලක් හැටියට ජාකොබ්ව දුවන්න හයිය දෙන දුවන අයියලා දෙන්නාගේ මඟ පෙන්වීම සහ උපදෙස් නිසා ඔවුන් අතින් වූ වැරදි ජාකොබ්ගේ අතින් සිඳු නොවන්නට වග බලා ගත්තේය.තාත්තා දැණුම ඇති අයගෙන් කතා කරමින් ද විවිධ පොත පත ඇසුරෙන් ලබා ගත් මුලාශ්‍ර ඇසුරෙන්ද තමන්ටම ආවේනික වූ පුහුණු ශෛලියක් සකසා ගත්තේය.එය වෙනස්ම දාර්ශනික පදනමකින් ක්‍රීඩකයා දෙස බලන ප්‍රායෝගික වැඩ සැළසුමක්ය.ලෝකය අද ඔහුට ඇහුං කං දෙන්නට පටන්ගෙන ඇත.පූර්ණ සිද්ධාන්තමය වශයෙන් නොවන ප්‍රායෝගික පුහුණු ක්‍රියාවලියකින් ලෝකයේම අවධානය දිනා ගත් ධාවකයන් තිදෙනෙක් බවට සිය පුතුන් පත් කර තිබෙන ග්ජෙරට්, ලෝක මලල ක්‍රීඩාවේ ආකර්ශණියම පවුලක් බවට ඉන්ගෙබ්රිග්ට්සෙන් පවුල පත් කර ඇත.ඒ නිසාම මේ වන විටත් ඒ පවුල වටා ගෙතුණු “ටීම් ඉන්ගේබ්රිග්සෙන් ” ජනප්‍රිය ටෙලි වෘතාන්ත මාලාවක්ද සකස් වී ඇත.

ජාකොබ් ගැන මෙන්ම ඉන්ගෙබ්රිග්සෙන් පවුල ගැන ද වැඩිපුර කතා කරන්නට ඇත්තේ තව ඉදිරියට ය.මන්ද 2000 සැප්තැම්බර් මස 19 වන දින උපන් ජාකොබ්ට තවම වයස අවුරුදු 21 කි.ඔහු පටන් ගත්තා පමණි.ඒ නිසාම අප ඔහු ගැන ලියන්නත් ඇරඹුවා පමණි.සමහර විට ඉන්ගර්ඩ් ගැන ද ලියැවෙන්නට ඉඩ ඇති නිසා ඉන්ගේබ්ර්ග්සෙන් පවුල හා සබැඳි ලිවීම් කාලයක්ම කරන්නට වීම ක්‍රීඩා මාධයකරුවන්ගේ වගකීම වෙනු ඇත.

 

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

4 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

7 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

16 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

16 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago