කාලීන

අසුබ ලකුණක් සමග විගස සමුගත් – අකලට ආ සකුරා වසන්තය

එසේ වී තිබෙන්නේ වසර 1,200 ක දන්නා ඉතිහාසය තුළ අසාමාන්‍ය ලෙස කලිනි. නමුත් මෙය පරිසර විශේෂඥයන්ට අනුව සුබ ලකුණක් නම් නොවේ. අති දැවැන්ත දේශගුණික අර්බුදයක පෙර ලකුණකි.

සකුරා මල්… පොකුරු පිටින් පූදින චෙරි මල්වලට ජපානයේ කියන්නේ එහෙම ය. ඒ සුදු සහ රෝස මල්, ගම් නගර සිසාරා, කඳුහෙල් සිසාරා සිය දහස් ගණනින් පිපේ. මද කලකින් පොළොව වැසී යන්නේ බිම පතිත සකුරා පෙතිවලිනි. ඒ කාලයට ජපන් ජාතිකයෝ විනෝද ගමන් යති. සකුරා ගස් යට සාද දමති. ඡායාරූප ගනිති. අඩුම වශයෙන් මේ වසන්තය දින කිහිපයක්වත් පැවතෙයි.

TOKYO, JAPAN – MARCH 21: (Photo by Clive Rose/Getty Images)

නමුත් අවුරුදු දහසකටත් වඩා වැඩි කලක් පවත්වාගෙන ආ සම්ප්‍රදාය සොබාදහම විසින් බිඳ දමා තිබේ. දින කිහිපයක්වත් පැවතිය යුතු මේ සකුරා වසන්තය,ඇසි පිය හෙළන පමණින් මෙවර අවසන් වී ඇත. තවද එය කලින්ම ආ වසන්තයකි.

ඔසාකා සරසවියේ පර්යේෂක යසුයුකි ආනෝ ක්‍රි. ව. 812 පටන්ම ඇති ඓතිහාසික ලියවිලි සහ දිනපොත් අධ්‍යයනය කර සොයාගත්තේ, කියොතෝ හි සකුරා මල්, මාර්තු 26 තරම් මෑතක පිපී තිබෙන්නේ වසර 1200 කට පසුව බවයි. මේ අතර තෝකියෝවේ සකුරා, මාර්තු 22 පිපුණේ ද පෙර නොවූ විරූ ලෙස ය.

ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක්

Cherry blossoms are seen at Kitanomaru Park in Tokyo on March 23, 2021, (Photo by Philip FONG / AFP) (Photo by PHILIP FONG/AFP via Getty Images)

කොළොම්බියා සරසවියේ විද්වතුන්ට අනුව, මෙසේ වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ය. ‘‘ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට අවසන් හිම තුහින දියවී මල් පිපීම ඉක්මන් වෙනවා..‘‘ යැයි ඔවුහු කියති.

සියවස් ගණනක් මුළුල්ලේ ජපානයට සකුරා පිපුණේ අප්‍රේල් මැද වන්නට ය. 1800 ගණන්වලදී පමණක් අප්‍රේල් මුල සකුරා පිපී ඇත. නමුත් මාර්තු මාසය තුළ එය මෑත ඉතිහාසයේ කිසි කලෙක සිදුව නැත.

සකුරා මල් තාපයට අති සංවේදී ය. එනිසා එය කියා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ නියතියයි.

මේ අතර International Journal of Biometeorology ද වසර සිය ගණනකට පසුව ජපානයේ සකුරා මල්, දින 10කට පෙර පිපී ඇති බව නිගමනය කරයි. කාර්මීකරණය සහ දේශගුණික වෙනස්කම් විසින් අකලට වසන්තය උද්දීපනය කර ඇති බව ට සැක නැත. නමුත් මේ සංසිද්ධිය, වඩාත් දැවැන්ත ගෝලීය අර්බුදයක් නමැති අයිස්බර්ගයේ, මතුපිටට පෙනෙන කුඩා කුට්ටියක් පමණකි.

වසර මිලියන ගණනක් පැරණි නෑකමක් බිඳ වැටෙයි

 (Photo by Charly TRIBALLEAU / AFP) (Photo by CHARLY TRIBALLEAU/AFP via Getty Images)

ශාක සහ කෘමීන් දැඩි ලෙසම එකිනෙකා මත රඳාපවතින්නන් ය. සිය ජීවන චක්‍රවල වෙනස් අවධීන් ගත කළ යුතු කාලයන් නිසි පරිදි අනෙකාගේ පිහිටෙන් කළමනාකරණය කර ගන්නවුන් ය. මෙය වසර මිලියන ගණනක් පැරණි නෑකමකි. උදාහරණයක් ලෙසට ශාකවලට තමන් අවට උණුසුම ඉහළ බව හැඟෙන විට එය අකාලයේ මල් පූදන්නට තීරණය කරයි. මේ හා සමානවම කෘමීහුද සිය ජීවන චක්‍ර තුළ උණුසුමට සංවේදී වෙති. ඉහළ උණුසුමක් ඇති විට උන්ගේ වර්ධන වේගය වැඩි වේ. එකෙකුගේ ජීවිතය අනෙකා මත රැඳේ. නමුත් දැන් මේ සහ-සම්බන්ධය වික්ෂිප්ත වීමට ඉඩ ඇත්තේ අකලට සියල්ල වෙනස් වීමත් සමග ය.

උදාහරණයක් ලෙසට අකලට පිපී විගස පරවූ සකුරා මල්වල රොන් ගෙන පරාගනය සම්පූර්ණ කිරීමට බොහෝ විට මෙවර කෘමීන් අසමත් වන්නට ඇත.

ජපානයේ පමණක් නොවේ

මේ වසරේ සකුරා මල් කලින් පිපුණේ ජපානයේ පමණක් නොවේ. ඇමරිකාවේ සකුරා පාරාදීසය ලෙස සැලකෙන වොෂින්ටන් DC හි ටයිඩල් ද්‍රෝණියේදි ද මෙයම දැකගන්නට ලැබුණේය. එහි සකුරා මල් පිපුණේ සතියකට පමණ පෙර ය.

සකුරා මල් පමණක් ද නොවේ

සකුරා මල් ලෝක අවධානය දිනාගෙන ඇති නිසාත්, එහි කැපී පෙනෙන සුන්දරත්වයක් ඇති නිසාත් සැවොම සකුරා මල් අකලට පිපීම දකිති. නමුත් සෙසු ශාක විශේෂ ගණනාවක් ද මේ සන්තෑසියට ලක්ව තිබේ. මෙය ආහාර බෝගවලට ද පොදු ය. අකලට අස්වනු නෙළීමට ගොවීන්ට සිදුවනු ඇත. වෙළඳපොළ ඒ සඳහා සූදානමින් නොසිටිනු ඇත. එනයින් බලන විට ජපානයේ අකලට පිපුණු සකුරා මල්, අපට අනාගත ආහාර හිඟයක් ගැන ද ඉඟිකරනවා විය හැකිය.

මූලාශ්‍රය

CNN: Japan just recorded its earliest cherry blossom bloom in 1,200 years. Scientists warn it’s a symptom of the larger climate crisis

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

5 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

19 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago