බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ ගිවිසුමට සහය පළ කරනු ඇතැයි තමා විශ්වාස කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.
එළඹෙන සෙනසුරාදා (19) දින පාර්ලිමේන්තුව කැඳවීමේදී බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කර ගැනීමට හැකි වනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
යුරෝපා සංගමය මේ වන විට තමා ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනා මාලාව අනුමත කොට ඇති බවත් එළඹෙන ඔක්තෝබර් 31 වන දින විට අර්බුදයකින් තොරව යුරෝපා සංගමයෙන් නික්ම යාමට බ්‍රිතාන්‍යයට හැකිවීමට මෙම ගිවිසුම පාර්ලිමේන්තු බහුතර කැමැත්ත මත තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවට බොරිස් ජොන්සන් තම විශ්වාසය පළ කරයි.
“එළඹෙන සෙනසුරාදා දින පාර්ලිමේන්තුවේ සිටිනා මාගේ සගයන් මෙම නව ගිවිසුම හැදෑරූ විට එයට සහය පළ කරනු ඇතැයි මා හට විශ්වාසයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත ඔවුන් අවබෝධ කර ගෙන ඇති බවත්, ඒ අනුව නීති සම්පාදකයින් මෙම ගිවිසුම තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව වටහා ගනු ඇති බවත් මා විශ්වාස කරනවා. එමඟින් අපට බ්‍රෙක්සිට් කඩිනම් කර ගත හැකි වේවි,” ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත්, මීට පෙරද ජොන්සන් තම බ්‍රෙක්සිට් යෝජනා මාලාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්ථා තුනකදීම එය ප්‍රතික්ෂේප වී තිබිණි.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.