i, The Scotsman, and The Yorkshire Post වැනි වසර සිය ගණන් පැරණි පුවත්පත් ප්‍රකාශනය කළ එංගලන්තයේ කීර්තිමත් ජොන්ස්ටන් ප්‍රෙස් (Johnston Press) පුවත්පත් සමාගම බංකොළොත් භාවයට පත්වීම හේතුවෙන් වසා දැමීමට සැරසුණු අතර, නව ප්‍රකාශකයෙකු විසින් එය මිලදී ගැනීම හේතුවෙන් අවසන් මොහොතේ එය නතර වී තිබේ.
එංගලන්ත මාධ්‍ය මේ සිදුවීම වාර්තා කරන්නේ ‘ජොන්ස්ටන් ප්‍රෙස් එකොළොස් වැනි පැයේදී බේරෙයි‘‘ යනුවෙනි.
අවසානයේ JPIMedia සමාගම විසින් එය මිලදී ගෙන තිබෙන්නේ පවුම් මිලියන 220 ක අති දැවැන්ත ණය කන්දරාවක් ද සමග ය.
නමුත් නව ගැනුම්කරු ඉදිරිපත්වීමත් සමග එම ණය මුදල පවුම් මිලියන 135 දක්වා අඩු කිරීමටත්, අලුතෙන් පවුම් මිලියන 35 ක ප්‍රාග්ධනයක් ව්‍යාපාරය සඳහා යෙදවීමටත් ණයකරුවන් එකඟතාවයකට එළඹී ඇත.
පුවත්පත් සමාගම වසා දමන බව සැළවීමත් සමග මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය ඉල්ලා සිටියේ තමන්ගේ අනාගත රැකියා සම්බන්ධයෙන් ආරක්ෂාවේ සහතිකයක් ලබාදෙන ලෙසයි.
ජොන්ස්ටන් ප්‍රෙස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඩේවිඩ් කිං ය. ඔහුව නව පරිපාලනය යටතේ එම තනතුරේම තැබීමට නියමිත අතර, ඔහු සිය සේවාදායකයන් වෙත ඊ මේල් ලිපියක් ලියමින් කියා තිබෙන්නේ සුපුරුදු පරිදි වැටුප් ලැබීමට නියමිත හෙයින්, සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙස ය. එසේම ඔවුන්ගේ සේවා ගිවිසුම් නව සමාගම වෙත මාරු කරන බව ද දන්වා තිබේ.
නමුත් එය එංගලන්තයේ ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් (PPF) කොන්දේසි සමග එකඟ වන්නේ ද යන්න මේ වන විට සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.
ලෝකයේ මුද්‍රිත මාධ්‍ය පුවත්පත්වලට ඇති ඉල්ලුම සහ වෙළඳපොළ, ඩිජිටල් මාධ්‍යවල ආගමනයත් සමග සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවට ජොන්ස්ටන් ප්‍රෙස් සමාගම විකුණා දැමීමට සිදුවීම විසින් නැවත වරක් පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…