ලොව යන අත

දරු ප්‍රසූතියට පාපැදියෙන් පැමිණි නවසීලන්තයේ කාන්තා ඇමතිනිය

මෙය Julie Genterගේ පළමු දරු ප්‍රසූතිය වන අතර පාපැදියෙන් රෝහලට එන විට ඇය 42 හැවිරිදි ගැබිනියක ද වූවාය.

ග්‍රීන් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥවරියක වන ජුලී පවසා තිබුණේ, ‘මෝටර් රථයේ ඉඩ කඩ මදි හෙයින්‘ තමන් පාපැදියෙන් පැමිණීමට තීරණය කළ බවයි.

ඉන්ටර්ග්‍රෑම් හරහා ඇය එම අවස්ථාවේ පළ කළ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධ වීමට ගත වූයේ පැය කිහිපයකි.

Instergram

තමන් හා තම සහකරු ‘ලස්සන ඉරිදා උදෑසන‘ සිය පාපැදිවල නැගී දරු ප්‍රසූතිය සඳහා පැමිණි බව එහි සඳහන් විය.

Ms Genter and her partner cycled to hospital where she would have their first child

පසුගිය ජූනි මාසයේදී නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩෙන්, අගමැති ධුරයේ රැඳී සිටිමින්, මව් පදවිය ලද ලෝකයේ දෙවන රාජ්‍ය නායිකාව බවට පත්වූයේ පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ට පසුව ය. ජසින්ඩා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සිය බිළිඳා ද සමග ය.

Jasinda Arden | NBC News

තවද ඇය මවක වීම සඳහා තෝරාගෙන තිබුණේ පුද්ගලික රෝහලක් නොව මහජන රෝහලක් වන ඕක්ලන්ඩ් නාගරික රෝහලයි.

ඇගේ අඩි පාරේ යමින් නවසීලන්ත කාන්තා ඇමතිනිය ජුලී ද පාපැදියෙන් පැමිණ තිබුණේ එම රෝහල වෙත ය.

38 හැවිරිදි ජුලී, කාන්තා ඇමතිනියට අමතරව ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් සම ඇමති ධුරයේ ද කටයුතු කරයි. ඇය නවසීලන්තය තුළ පාපැදි ප්‍රචලිත කිරීම වෙනුවෙන් මහත් සේ හඬ නගන්නේ, පාපැදිය කොතරම් ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට හිතකාමී ද යන්න අවධාරණය කරමිනි. තමන් ගැබ්ගෙන ඇති බව ට පුවත ද ඇය ඉන්ස්ටර්ග්‍රෑම් හරහා පළ කර තිබුණේ, ‘‘අපිට පාපැදිවලට අමතර ආසනයක් සවි කිරීමට සිදු වේවි වගේ..‘‘ යන සටහන ද සමගිනි. එසේම ගතවූ සතිකිහිපයේ වැඩිපුර බයිසිකල් පැද්දා නම් ප්‍රසූතිය පහසුකර ගන්නටත් තිබුණා යැයි ද ඇය මීට පෙර කියා තිබිණි.

දැන් ඇය ජීවිතයේ තීරණාත්මකම නිමේෂයට මුහුණ දීම සඳහා වාහනය වශයෙන් ද පාපැදිය තෝරාගැනීම මගින් තමන් පෙනී සිටින අරමුණ වෙනුවෙන් කදිම පූර්වාදර්ශයක් සපයා තිබේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක සිය බිළිඳා සමග

ඇමරිකාවේ උපන් ජුලියා වඩාත් නිදහස් මතධාරී සහ රැඩිකල් අන්දමින් නවසීලන්තයේ කාන්තාවගේ භූමිකාව සම්ප්‍රදායික රාමුවෙන් බැහැර කරමින් සිටියි. ජසින්ඩා වැනි චරිත ඇයට ඒ සඳහා නිබඳ දිරිය දෙයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින ස්වීඩන් සහ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද මේ වන විට සිය බිළිඳන් ඇකයේ ගසාගෙන පාර්ලිමේන්තු එයි.

මේ අතර, පාපැදිය නිසා කන්‍යාභාවය අහිමි වේ යැයි තවමත් සිතන, ඒ නිසාම යුවතියන්ට පාපැදිය තහනම් කරන, සම්ප්‍රදායික ස්ත්‍රීත්වයේ සිට ගැහැණුකම ගැන හණ මිටි අදහස්වලින් ගුරුහරුකම් දෙන ලංකාව වැනි පසුගාමීත්වය අරටු බැස ඇති රටවලින් නම් ජසින්ඩා හෝ ජුලී වැනි චරිත බිහිවන දිනයක් තවමත් පෙනෙන තෙක් මානයකවත් නැත.

පෙර ලිපි-

නවසීලන්ත අගමැතිනිය, අගමැති පදවියේ සිටිමින්ම මව් පදවියට

Share

Recent Posts

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

22 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

23 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

24 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago