ලොවක් ගායනයෙන් මුසපත් කරවූ තාරුණ්‍යයේ හඬක් ඇති ඔහු නමින් “JB ” නොහොත් Justin Bieber ය. 1994 මාර්තු මස පළමුවන දින කැනඩාවෙහි උපත ලද ඔහු තම ගායන දිවියට මුලපුරන්නේ තමා 13 වන වියෙහි පසුවන විට ය. එකළ සිට මේ දක්වා රසික හදවත් තුළ තමාගේ සන්නාමය සනිටුහන් කළ මොහු ගීත රාශියක හිමි කරුවෙකි. තරුණියන්ගේ මනා ආකර්ශනයට පත් මොහු විවාහ වන්නේ Hailey Baldwin සමඟ ය. නමුත් වර්තමානය වන විට ඔහු තම ගායන දිවියට යම් විවේකයක් ලබා දී ඇති බව පෙනේ. ඔහුගේ අහිතකර සෞඛ්‍ය තත්ත්වය මෙයට සෘජුවම බලපෑමක් ඇති කොට ඇත.
මොහු ලොව සිසාරා තම ප්‍රසංගයන් ආදියට සහභාගී වූ නමුත් මෑතක සිට ලෝක සංචාර අත්හිටුවීමට ද තීරණය කර ඇත. ඒවා පසෙකලා ඔහු තම ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙන බව වැඩිදුරටත් සඳහන් කරයි.
“මට විවේක ගැනීමට සහ ඉක්මන් සුවයට කාලය අවශ්‍ය යි.” -JB
ඔහු සමාජ මාධ්‍ය ජාලාවන්ගෙන් ඉන්ස්ටග්‍රෑමය හරහා මේ පිළිබඳ දැනුවත් කර ඇත.
පළමුවරට මේ හා සමානව ම ඔහු රෝගීව සිටින බවට ද ඉන්ස්ටග්‍රෑම් Reel එකක් ඔස්සේ මෙම වසරෙහි ජූනි මාසයෙහි ප්‍රකාශ කළේ ය. එහි වැඩිදුරටත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ව ද සඳහන් කර තිබුණි. ඔහුට (Ramsay Hunt syndrome) නම් රෝගී තත්ත්වය ඇති බවට සඳහන් කර තිබේ. මෙය මුහුණේ කන ප්‍රදේශයෙහි ස්නායු තුළ හට ගන්නා රෝගී තත්ත්වයක් නිසා මුහුණෙහි අංශභාග තත්ත්වයක් වුවද ඇති විය හැක.
ඔහු පළ කරන ලද වීඩියෝවෙහි ද ඔහුගේ මුහුණෙහි එක් අංශයක ඇතිව ඇති එම තත්ත්වය පිළිබඳ ව මොහු වැඩිදුරටත් පෙන්නුම් කර තිබුණි.
ඔහු අවසන් වතාවට බ්‍රසීලයේ ප්‍රසංගයකට සහභාගී වීම ද ඉන් අනතුරුව තාවකාලිකව වේදිකාවට සමුදෙන බව ද කීවේ ය. මෙහි දී ඔහු තමාගේ ප්‍රථම රාජකාරිය තම සෞඛ්‍යය බව පවසා එයට මූලිකත්වයක් දෙන බව ප්‍රකාශ කළේ ය. වර්තමානය වන විට ඔහු සුවය ලබමින් පසු වුව ද ඔහුට විවේක ගැනීම අවශ්‍ය වී ඇත්තේ තමා මනාව සුව විය යුතු බව පසක් කරමිනි.
ඉතින් “JB” ඔබට ඉක්මන් සුවය සහ වේදිකාවට නැවුම් ජීවයක් ලබා දෙමින් නැවතත් කරළියට එන්නට ආරාධනා කරමු!
නිපුනි ලියනගේ
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…