කාලීන

කිම් ජොන්ග්-උන් ගේ ඝාතනයට ලක්වූ සොයුරු CIA ඔත්තුකරුවෙක්?

2017 වර්ෂයේදී මැලේසියානු ගුවන් තොටුපලකදී ඝාතනයට ලක්වූ කිම් ජොන්ග්-උන් ගේ සොයුරා ඇමරිකානු CIA ඔත්තුකරුවකු බවට වාර්තා වේ.

“වෝල් සට්‍රීට් ජර්නල්” ට අනුව, කිම් ජොන්ග්-උන් ගේ සොහොයුරකු වන කිම් ජොන්ග්-නම් CIA සංවිධානයේ ක්‍රියාකරුවන් කිහිප විටකදීම මුණ ගැසී ඇත.

“ඔහු CIA ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් තිබෙනා පුද්ගලයෙකි, එම සංවිධානය හා කිම් ජොන්ග්-නම් අතර සබඳතා මාලාවක්ම පැවත ඇත,” වෝල් ස්ට්‍රීට් ජර්නල් ප්‍රකාශ කරයි.

ජර්නලයේ වාර්තාවට අනුව, කිම් ජොන්ග්-උන් ගේ මිය ගිය වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග්-නම් CIA ක්‍රියාකාරකම් පිළිබඳ යම් විශ්වාසයකින් පසුවූ බවත්, වෙනත් රටවල ආරක්ෂක අංශ සමඟ (විශේෂයෙන්ම චීනයේ) සබඳතා පැවැත්වූ බවත් සඳහන් වේ.

කෙසේ වෙතත්, CIA සංවිධානය මේ පිළිබඳ කළ විමසීමකදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියේය. 

කිම් ජොන්ග්-නම් ගේ මරණය පිළිබඳ මැලේසියානු බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් වියට්නාම් ජාතික කාන්තාවක් වන දෝන් ති හුවොංග් ජූනි මස මුල් දින වලදී චෝදනා වලින් නිදහස් වී තම මව්බිම කරා පැමිණෙන ලදී. නම් ගේ මරණය සම්බන්ධයෙන් අවසාන වශයෙන් සිරගත වී සිටි හුවොංග් පවසා සිටියේ, මේ වන විට සිදුවීමේ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවය.

හුවොංග් ඇගේ යහපත වෙනුවෙන් යාඥා කළ සියළු දෙනා වෙත තම ස්තූතිය පළ කළාය.

කිම් ජොන්ග්-නම් ඝාතනය කිරීම සඳහා උතුරු කොරියානු සාහසිකයන් සතර දෙනෙකු හට සහයෝගය පළකළේ යන චෝදනා පිට හුවොංග් හා ඉන්දුනීසියානු ජාතික සිටී අයිසියාහ් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පෙන්වා දෙන ලද්දේ, දේශපාලනික උවමනා මත සිදුකරන ඝාතනයක ඉත්තන් බවට පත්කිරීමට ඝාතනය පසුපස සිටිනා පුද්ගලයන් මෙම කාන්තාවන් දෙදෙනා යොදාගත් බවයි. මෙම දේශපාලන සබඳතා සෘජුවම මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ ඇති උතුරු කොරියානු තානාපති කාර්යාලයට සම්බන්ධ බව ඔවුන් පෙන්වා දෙන ලදී. එමෙන්ම, නම් ව ඝාතනය කිරීමට මෙම කාන්තාවක් දෙදෙනා හට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට ඔවුන් අසමත් වූ බවත්, මැලේසියානු නීතියට අනුව, මරණයක් සිදුකිරීමට ඇති අවශ්‍යතාව ඔප්පුකිරීම ඉතා වැදගත් බවත් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

කිම් ජොන්ග්-නම් යනු උතුරු කොරියාවේ පාලන බලය හිමි රාජකීය පවුලේ වැඩිමහල් පුතුය. ඔහු වැඩිකලක් ජීවත් වූයේ රටින් බැහැරව වූවද, වර්තමාන කිම් ජොන්ග්-උන් පාලනයට තර්ජනයක් ව පැවති බවට විද්වත්හු පෙන්වා දෙති. 

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

6 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

14 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago