විශේෂාංග

තද කොළ පැහැයට ආදරය කරන, හුදු නළුවෙක් පමණක්ම නොවන ඔහු ලියනාර්ඩෝ ඩි කැප්රියෝ

ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ .. ඔහුගෙ නම කියු සැණින් අපගේ මතකයට එන්නේ ටයිටැනික් චිත්‍රපටයයි. අද වන විටත් ඔහු හොලිවුඩයේ සිටින අති දක්ෂම රංගන ශිල්පියෙකු යැයි කීමෙහි කිසිදු වරදක් නැත. එදා ටයියැනික් හී සිට මෑතකදී තිරගත වූ once upon a time in Hollywood චිත්‍රපටය දක්වාම සිය රංගනයේදී ප්‍රේක්ෂකයාට කිසිදු අසාධාරණයක් නොකළ නළුවෙක් ලෙස ඔහුව හැදින්වීමෙහිද වරදක් නැත. මේ සියල්ලටම වඩා හුදු නළුවෙක් පමණක් නොවී මුළු මහත් ලෝකයටම සෙනෙහස පාන මිනිසෙක් ඔහු තුළ සිටියි. ඒ පිළිබදව අප කථා නොකළහොත් එය ඔහුට කරන අසාධාරණයකි.

ඇමසන් වනාන්තරය ගිනි ගැනීමත්, අයිස්ලන්තයේ ජෝකුල් ග්ලැසියරය මිය යෑමත් සමග දේශ ගුණික විපර්යාස ගැන හරි හරියට අද ලෝකය කථා බහ කරන්නට පටන් ගෙන තිබේ. නමුත් ලියනාඩෝ ඩි කැප්‍රියෝ දේශ ගුණික විපර්යාසයන් පිළිබදව කැපවීමෙන් හා උනන්දුවෙන් සිය යුතුකම ඉටු කරන්නට පටන් ගත්තේනම් අද ඊයේක නොවේ.

පසුගියදා ජාත්‍යන්තර පුවත් පත් වාර්ථා කලේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන්නට ඔහුගේ දායකත්වය ඩොලර්මි ලියන 100ක්  බවයි. දේශ ගුණික විපර්යාසයන්ට එරෙහිව ඔහුගේ කාර්ය භාරය එපමණක්ම නොවන්නේය. Leonardo DiCaprio Foundation (LDF) ඔහු ආරම්භ කරන්නේ ඔහුගේ රංගන ජීවිතය ආරම්භ වන විටමය. ඔහුගේ පදනමේ මූලික අරමුණ වන්නේ පරිසරය සුරැකීමය. මේ වන විට 44 වන වියේ පසුවන ඔහු පසුගිය විසි වසර තුළ පමණක් පරිසරය සුරැකීම සදහා වූ ව්‍යාපෘති 200ක් වෙනුවෙන් සිය සම්පූර්ණ සහයෝගය ලබා දී ඇත.

 ඩි කැප්‍රියෝ එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමයේ පණිවිඩකරු ලෙසද කටයුතු කරන ලදී. LDF වෙබ් අඩවිය විසින් ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පවසන්නේ මීට වසර 20කට පෙර LDF පදනම බිහි කරන විට තිබූ සරළම අදහස වුනේ පාරිසරික ව්‍යාපෘති වලට සෘජුවම ආධාර ලබා දීමෙන් සිදු කළ හැකි සැබෑ වෙනස පිළිබදවයි. එහිදී එය පුද්ගලික ව්‍යාපෘතියක්ද , කුමන මට්ටමේ එකක්ද, රාජ්‍ය නොවන සංවිධෘනයකින් කරනවාද යන්න වැදගත් නැහැ වැදගත් වන්නේ එම ව්‍යාපෘතියෙන් පරිසරය රැක ගැනීමට කොතරම් බලපෑමක් ඇති කරනවාද යන්නයි.

මීට වසර 20කට පෙර ඔහුට වයස අවුරුදු 24 දී පරිසරය සුරැකීමට එසේ ආරම්භ කළ ඔහුගේ LDF පදනම මගින් මේ වන විට පරිසරය වෙනුවෙන්ලබා දී ඇති ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.

පසුගියදා ඇමසන් හී ඇති වූ ලැවු ගිනි නිවාදැමීම සදහා ද ලියනාඩෝ ඩි කැප්‍රියෝ සිය සහය දක්වන්නට ඉදිරිපත් වූ අතර ඔහු සිය පෞද්ගලික ධනයෙන් ඩොලර් මිලියන 5ක් ලබා දීමට ඉදිරිපත් වූවේය.

ලෝකය අද වන විට මුහුණ දෙමින් සිටින බරපතලම අර්බුදය දේශ ගුණික විපර්යාසයන් නිසා ඇතිවන තත්ත්වයන්ය. මේ නිසාම මිනිසාගේ හෙට දවස අනපේක්ෂිතය. කැප්‍රියෝ රටවල් 50කට අධික සංඛ්‍යාවක පාරිසරික ව්‍යාපෘතීන් සදහා සිය මෙහෙවර සිදු කර ඇතිවාක් පමණක් නොව ඔහු විසින් දේශගුණික විපර්යාසයන් පිළිබදව ලෝකය දැනුවත් කිරීම සදහාද අපමණ වෙහෙසක් දරමින් සිටී,

දේශගුණික විපර්යාසයන් පිළිබදව
National Geographic මගින් සිදු කල චිත්‍රපටයට දායක වෙමින්

රාජ්‍යයන් 17දකගේ සාමූහිකත්වයෙන් දේශ ගුණික විපර්යාසයන් සහ පරිසරය සුරැකීම පිළබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූළිකත්වයෙන් අත්සන් කරන ලද පැරිස් ගිවිසුමේ සමාරම්භක උලේලේදී දේශ ගුණික විපර්යාසයන් පිළිබදව එක්සත් ජාතීන් අමතා ඔහු විසින් හරවත් දේශනයක් සිදු කරන ලද්දේය.

”එක්කෝ අනාගත පරපුර ඔබට සිනාසෙනු ඇත නැතිනම් ඔබව අපවාදයට ලක් කරනු ඇත…පරිසරයට ආදරයක් නැති වත්මන් සමාජය ගැන පැරිස් සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කලේය.

ඔහු තවත් වරෙක මෙසේ පැවසීය

”තද කොළ පැහැය මා කැමතිම පැහැයයි. එය ස්වභාවධර්මයේ පැහැයයි.. මුදල් වල පැහැයයි… පාසි වල පැහැයද එයයි…

සිය රටේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශ ගුණික විපර්යාස යනුලෝකයේ නොපවතින්නක් එසේත් නැතිනම් හිස්ටීරියාවක් යැයි පවසන විට ඔහු Revenant  චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලබා ගන්නා අවස්ථාවේ ලෝකයම අමතමින් සිදු කළ කථාවේදී ඔහු පැවසුවේ

”දේශ ගුණික විපර්යාසය යනු සත්‍ය වශයෙන්ම සිදුවන්නක්.. මේ මොහොතේදීත් සිදුවෙමින් පවතින්නක්.. ලොව මුළු මහත් ජීවයටම ඇති අතිශය හදිසි තර්ජනය මෙයයි… අප සියල්ලේම එකට එක්ව අතපසුකිරීම් නවතා මේ වෙනුවෙන් කටයුතු කළ යුතුය..විශාල වශයෙන් පරිසරය දූෂණය කරන්නන්ට ට කථා නොකරණ නමුත් සියළු මනුෂ්‍යත්වය වෙනුවෙන් කථා කරන, ලෝකයේ ආදි වාසීන් වෙනුවෙන් කථා කරන, බිලියන ගණන් අඩු පහසුකම් ඇති ජනයා වෙනුවෙන් කථා කරන නායකයින්ට අප සහය විය යුතුය. අපගේ දරුයන් වෙනුවෙන්, සහ දේශපාලනය සහ තණ්හාව විසින් යටපත් කළ හඩ වෙනුවෙන් අප සහය විය යුතුය..

”97% අධීක විද්‍යාඥයින් විසින් සහතික කර ඇති පරිදි අප දේශ ගුණික විපර්යාසයන් සදහා දායක වෙමින් සිටිමු.. එය ට ඔබ එකග නොවනවා යනු ඔබ නූතන ලෝකයේ සාමාජිකයෙක් නොවන බවයි. ඔබ නූතන තාක්ෂණය හෝ තොරතුරු නොපිළිගන්නා බවයි.. ඒ ගැන ඔබ හා අලට තවත් විවාද කළ නොහැකිය..අපට එයට එතරම් හෝ කාලයක් නැත.. ”

දේශ ගුණික විපර්යාසයන් පිළීබදව ලෝකය අවධි කරවීමට උත්සහා දරන්නන් අතරේ ඔහුගේ කැපවීම සහ උත්සහය සෑම වස්ථෘවකදීම ඔහුගේ වචන තුළ ඇති බව පැහැදිලිය.

ඔහුගේ LDF පදනම විසින් හදුන් වුන් One Earth Climate Model නම් ව්‍යාපෘතිය මේ වන විට දේශ ගුණික විපර්යාසයන් නවතාලීමට ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතරේ ප්‍රමුඛ එකකි.

අති දක්ෂ නළුවෙකු ලෙස ලෝකය ඉදිරියේ හුදු රගපෑමක් පමණක් නොකරමින් එසේතු නැතිනම් මාධ්‍ය ඉදිරියේ හෝ ප්‍රසිද්ධිය තකා මනුෂ්‍යත්වය ගැන නොසිතමින්.. මිනිසා ඉදිරියේ ඇති බරපතලම ඛේදවාචකය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින මිනිසෙකු ලෙස ලියනාඩෝ ඩි කැප්‍රියෝ හදුන්වා දීමෙහි වරදක් නැත. දේශපාලකයන් හෝ ලෝක නායකයින්ට ඔහු අභියෝග කරමින් සිටී.. මුදල් හා ප්‍රසිද්ධිය පසුපස හඹායන රූකඩ නළු නිළීයන්ට වඩා ඔහු සිටිනිනේ බොහෝ ඉදිරියෙනි… සිය රංගනයටද ඉදුරාම සාධාරණත්වයක් ඉටුකරමින් සිටින ඔහුට මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉටු කරන සේවයද ලෝකය ඉදිරියේ තබා ඇති ආදර්ෂය ප්‍රශංසනීය වෙයි.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

12 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

14 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

18 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

19 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

19 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

19 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

3 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago