කාලීන

පුංචි නගරයක කැෂියර් නෝනා නවසීලන්තයේ අගමැතිනිය වූ කතාන්දරය

නවසීලන්තයේ මොරින්ස්විල් නම් කුඩා නගරයක පිහිටි ගෝල්ඩන් කිවි නම් වූ ආපන ශාලාවකි. ඉන් පිටත, කිහිප දෙනෙක් තම ආහාර පාන එනතුරු බලා සිටිති.

නවසීලන්තයේ වත්මන් අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් මේ නාවික-තේමාව ගත් ආපන ශාලාවේ කවුන්ටරය පිටුපස අසුන් ගෙන සිට වැඩි කලක් නොමැත. එහෙත් අද, ඈ ලෝකයේ ම කතාබහට ලක්ව සිටින චරිතයක් බවට පත්ව සිටින්නී ය.

තම තුන් අවුරුදු පාලන කාලය තුළ පුවත් මවන්නට සමත් වූ ඈ – අසාමාන්‍ය ලෙස වයසින් අඩු අගමැතිනියක් වීම සම්බන්ධයෙන්, රටක් පාලනය කරන අතර දරුවකු බිහිකිරීම සම්බන්ධයෙන්, ක්‍රයිස්ට්චර්ච් පල්ලියට වූ ප්‍රහාරයේ දී කටයුතු කළ මානුෂීය ආකාරය සම්බන්ධයෙන් සහ මෑත යුගයේ කොරොනාවෛරස වසංගතයට එරෙහි ව ඇගේ යුහුසුලු වූත්, සාධනීය වූත් ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් සම්භාවනාවට පාත්‍ර ව සිටියි.

මේ සියල්ල, මිලියන පහකින් යුතු ජනගහණයක් සහිත රටක නායිකාව වශයෙන් ජසින්ඩා ආර්ඩන්ට මහත් වූ කීර්තියක් අත් කර දී ඇත. පසුගිය වසරේ, වඩාත් ම විශ්වාසදායක දේශපාලනඥයන් පිළිබද ඕස්ට්‍රේලියාවේ පවත්වන ලද සමීක්ෂණයකින් මුල් තැන ගන්නට ආර්ඩන් සමත් වූවා ය. මේ මස 17 වැනි දින නවසීලන්තයේ මැතිවරණයක් වෙත පිය නංවන අතරතුර, සමීක්ෂණ ඇය මෙතෙක් පත්කරගන්නා ලද නායකයන් අතර ජනප්‍රියතමයින් අතරට ඔසවා තබා තිබේ.

ප්‍රශ්නය, ආර්ඩන් මෙවර දිනාවි ද නැති ද යන්න නොවේ; ඇගේ ජයග්‍රහණය සුපැහැදිලි ය. ප්‍රශ්නය, පවත්නා දේශපාලන පද්ධතිය තුළ බහුතරයක් දිනා ගන්නා පළමු පක්ශය බවට මෙවර ඇගේ පක්ෂය පත් වේ ද යන්න යි.

එහෙත් ආර්ඩන්ට විවේචකයන් ද නැතුවා නොවේ. විවේචකයන්ට අනුව ඇගේ මුල් පාලන කාලය තුළ පරිවර්තනික ආණ්ඩුවක් පිහිටුවීමට තරම් යමක් ඇය සිදු කර නැත.

නවසීලන්ත අගමැතිනිය සිය ජීවිතය ආරම්භ කළේ මේ ටේක් අවේ අවන්හලකිනි.

දරිද්‍රතාවයෙන් පිරුණු පුංචි ගමක..

මෝර්මොන් ආගමික නිකායට අයත් දෙමව්පියන්ට දාව 1980 දී උපන් ජසින්ඩා ආර්ඩන් තම ජීවිතයේ මුල් අවුරුදු කීපය, මුරුපාරා නම් කුඩා දරිද්‍රතාවයෙන් පෙළුණු ගම්මානයේ ගත කළා ය. නවසීලන්ත පාර්ලිමේන්තුවේ ඇගේ පළමු කතාවේ දි ආර්ඩන් කියා සිටියේ මුරුපාරා ගමේ දී ඈ ඇසූ දුටු දේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන්නට ඈව පසුකාලීනව පෙළඹවූ බව යි. විරැකියාව සැම අත වූ අතර ඇතැම්මු සිය දිවි නසා ගන්නට පවා පෙළඹුණෝ ය. ආර්ඩන් සහ ඇගේ සොහොයුරිය කුඩා කළ බලා ගත් ගැහැණු ළමයා හෙපටයිටිස් රෝගයෙන් කහවන් වූ ආකාරය ඈ සිහිපත් කරයි.

1980 දශකයේ, ආර්ඩන් පවුල තම ගමෙන් කිලෝමීටර් 160ක් පමණ එපිටින් වූ මොරින්ස්විල් වෙත ආහ. ආර්ඩන් ගේ පියා නගරයේ පොලිස් නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඇගේ මව නගරයේ පාසලේ කෝකිවරිය ලෙස කටයුතු කළා ය. වයස අවුරුදු 14දී පටන් පාසල් වේලාවෙන් පසු ඈ ගෝල්ඩන් කිවි ආපනශාලාවේ සේවය කළා ය. ආර්ඩන් “හොද කතා කරන්නියක්” බව එවක පටන් ඇය දැන සිටි මොරින්ස්විල් හි ගොවියෙක් වන ජෝන් වොල්ශ් කියයි.

ඇගේ මේ චතුර බව 1990 වසරේ දී පාසල් සිසුවියක් ලෙස ඇගේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගන්නට ද හේතු වන්නට ඇත.

කෙල්ලන්ට කොට කලිසම්

Ardern when she was at Morrinsville College.

මොරින්ස්විල් විද්‍යාලය වෙනුවෙන් එහි භාරකාරත්ව මණ්ඩලයට ශිෂ්‍ය නියෝජිතයකු ලෙස පත් වූයේ ජසින්ඩා ආර්ඩන් ය. ශිෂ්‍යාවන්ට “අප්‍රසන්න පෙනුමෙන් යුත් කොඩ්‍ රෝයි දිග කලිසම්” වෙනුවට කොට කලිසම් අදින්නට අවසර දෙන්නට ඈ පාසලේ භාරකාරත්ව මණ්ඩලය ඒත්තු ගැන්නූවා ය. “මගේ මතකය නම් අප අපේ කාලයට වඩා ඉදිරියෙන් සිටියා යන්නයි” එවක පටන් මොරින්ස්විල්හි විදුහල්පති ජෝන් ඉන්ගර් කියයි.

ඉන්ගර්, තුරුණු වියේ සිටි ආර්ඩන් සිහිපත් කරන්නේ බුද්ධිමත්, යමක් පැහැදිලි ව කියා පෑ හැකි, උද්‍යෝගිමත් සහ සමාජ සාධාරණත්වය පිළිබද මනා දැක්මක් සහිත තැනැත්තියක් වශයෙනි. ඇගේ සමවයස් පිරිස් අතර ද ඇය මහත් ගෞරවාදරයට පත් වූ බව ද ඔහු සිහියට නංවයි.

මොරින්ස්විල් පාසලේ 1998 වාර්ෂික සඟරාවේ ඓතිහාසික වදනක් ලියැවී ඇත. අනාගතයේ අගමැති වන්නට වඩාත් හැකියාවක් ඇත්තේ, ජසින්ඩා ආර්ඩන්ට බව එහි කවුරුන් හෝ ලියා ඇත.


පළමු උපාධිය සන්නිවේදනයෙන්

ආර්ඩන් හැදී වැඩුණු මොරින්ස්විල්, ජාතික තලයේ නායකයන් බිහි කළ ප්‍රදේශයක් නොවේ. දේශපාලනයට පිවිසෙන්නට නම් ඇයට නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් වෙත යා යුතු විය. මෙවැනි වාතාවරණයක් තුළ, වයස අවුරුදු 18 දී කම්කරු පක්ෂය හා සම්බන්ධ වීමට ආර්ඩන් ගත් තීරණය උඩු ගං බලා යාමක් විණ.

වයිකාටෝ සරසවියෙන් සන්නිවේදන අධ්‍යයනය විෂයෙන් උපාධියක් ලබා ගත් ඈ, නවසීලන්තයේ පළමු අගමැතිනිය ද කම්කරු නායිකාවක ද වන හෙලන් ක්ලාක් ගේ කාර්‍යාලයේ සේවය ඇරැඹුවා ය.

සමරිසි මිතුරන් සමග එකම මහල් නිවාසයක් බෙදා ගනිමින්

පසුකාලීනව ඇය දේශීය මාධ්‍යවලට කියූ පරිදි, ආර්ඩන් මොර්මොන් පල්ලිය LGBT ප්‍රජාව සම්බන්ධයෙන් දැරූ අදහස් ප්‍රශ්න කරන්නට වූවා ය. එවකට ඇය සමරිසි මිතුරන් තිදෙනෙකු සමග මහල් නිවාසයක කොටසක් බෙදා ගත් අතර, තම විශ්වාසයන්, තම ආගමික විශ්වාසයන් හා නොගැලැපෙන බව ඇයට වැටහිණ. “දරා ගැනීම සහ කාරුණික බව පිළිබඳ වූ ආගමක් (යම් යම් ප්‍රජාවන්ට) වෙනස් කොට සැලකීම සමග මට එකඟ වෙන්න නොහැකි වුණා.” 2017 දී New Zealand Herald වෙත ඇය කියා සිටියා ය.

අද වන විට නවසීලන්තයෙ ලෝකයේ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ජීවත් වීමට වඩාත්ම හිතකර රටක් බවට පත් ව තිබීම, අහම්බයක් නොවේ.

ඉන්පසුව, ආර්ඩන් ලන්ඩනය වෙත ගියේ එක්සත් රාජධානියේ රාජ්‍ය කැබිනට් කාර්‍යාලයේ සේවය කිරීමට ය.

පැරදුණත් අසුනක් දිනයි

විසිඅට වැනි විය වන විට ක්‍රියාකාරි දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නට ඈ සූදානම් ව සිටියා ය. එ හෙයින්, ඈ ලන්ඩනයේ සිට නැවත නවසීලන්තය වෙත ආයේ මොරින්ස්විල් ද ඇතුළු වයිකාටෝ ප්‍රදේශයේ කම්කරු පක්ෂ අපේක්ෂිකාවක වීමට ය.

වයිකාටෝ ප්‍රදේශයට මොරින්ස්විල් ද ඇතුළත් වුව ද ඇයට ගම් ප්‍රදේශයේ වාසිය හිමිවූයේ නැත. වයිකාටෝ ප්‍රදේශය ම නිල්වන් ය; ඒ ජාතික පක්ෂයේ වර්ණය යි. ඒ ප්‍රදේශය අවුරුදු සියයකට ආසන්න කාලයකින් කම්කරු පාක්ෂික අපේක්ෂකයකු පත් කරගෙන තිබුණේ නැත.

එවර මැතිවරණයේ දි ආර්ඩන් දිනුවේ නැත. එහෙත් නවසීලන්තයේ ඡන්ද ක්‍රමයට ස්තූති වන්නට – මෙය එහි ආසන 120න් 49ක් පක්ශය ලබා ගත් ඡන්දවලට සමානුපාතිකව බෙදා දෙන්නකි – ඇය පාර්ලිමේන්තු අසුනක් හිමි කරගත්තා ය.

2011 වසරේ ඇයගේ ප්‍රතිපාක්ෂිකයා වූයේ ජාතික පක්ෂයේ නික්කි කේ ය. ඡන්ද 700කින් පරාජය ලැබූව ද ආර්ඩන් එවර ද පාර්ලිමේන්තු අසුනක් හිමි කර ගත්තා ය.
ඇය 2014 වසරේ දී කේට ම පරාජය වූයේ ඡන්ද 600කිනි.

අවසානයේ, 2017 වසරේ පෙබරවාරි මස පැවැති අතුරු මැතිවරණයක දී ඇය කම්කරු පක්ෂය වෙනුවෙන් ආසනයක් දිනා ගත්තා ය. එය ආරම්භය පමණක් විණි.

එකවරම අගමැති අපේක්ෂිකාව බවට

2017 සැප්තැම්බර් මාසයේ මහ මැතිවරණය කම්කරු පාක්ෂිකයන් මහත් වූ කලකිරිමකින් සිටි සමයක් විය. මැදි වියේ පසු වූ පිරිමි නායකයෝ පාක්ෂිකයන් තුටු කරන්නට අපොහොසත් ව සිටියහ. පක්ෂ සිටියේ තම පිට පිට පැමිණුන සිව්වන පරාජය ද අබියස ය.

ඉන්පසුව, සියල්ලන් ම පුදුමයට පත් කරමින්, කම්කරු පක්ෂයේ නායක ඇන්ඩෲ ලිට්ල් එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ තමන්ට ඡන්දය දිනිය නො හැකි බව සමීක්ෂණ වාර්තා පෙන්වා දුන් අවස්ථාවේ දී ය. මුල දී තමාට අගමැති වන්නට අවශ්‍ය නොමැති බව කියමින් සිටි ජසින්ඩා ආර්ඩන් ඔහු වෙනුවට පත් කෙරිණ.

මේ සියල්ල කෙතරම් වේගයෙන් සිදු විණි ද යත්, සංගීතමය රූපවාහිනි නාලිකාවක මෙහෙයවන්නකු වූ ඇගේ සහකරුවා වන ක්ලාක් ගේෆෝර්ඩ් ඇගේ නව භූමිකාව පිළිබද දැනගත්තේ සියල්ලම සිදුවී අවසානයේ ය. “සන්ෂයින් වෙරළ මුහුදු යට චිත්‍රපට ගත කරමිනුයි සිටියේ, මට යමක් මග හැරුණා ද?” යැයි ඔහු ට්විටර් හරහා විසුළු කළේ ය.

කෙසේ නමුත්, වයස 37 වන විට කම්කරු පක්ශයේ වයසින් අඩු ම නායිකාව ද, අගමැති අපේක්ෂිකාව ද ලෙස ජසින්ඩා ආර්ඩන් මහ මැතිවරණයට සූදානම් ව සිටියා ය.

මුල් ලිපිය –

The small-town takeout store worker who won over New Zealand — and the world

දෙවන කොටස මෙතැනින් කියවන්න…

Share

Recent Posts

ඉරාන රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ජනයා විදි බසියි

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 mins ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

47 mins ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

5 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

8 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

9 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

9 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

13 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago