“අර ඉන්නෙ මගෙ පළවෙනි කෙල්ල…” මා අසල සිටියෙකු මහත් උද්වේගයෙන් යුතු ව කෑ ගසනු මට ඇසෙයි. එය උසස් පාසලෙන් අප සමුගැනීමෙන් පසුව පැවැත්වෙන හතළිස් හතරවැනි සුහද හමුවයි.

බොබ් ග්‍රොව්ස්ගේ දෑත් මගේ බඳ වටා එතී ගොසිනි.

ඔහුගේ නිවුන් සොයුරිය මගේ සමීප මිතුරියකි. ඔහු මෙහි එන බව කීවේ ඇයයි. ඉතින් මම ඔහු දෙස බලා සිටිමි. අප එකිනෙකා ව හමුවන්නේ හතළිස් හත් වසරකට පසුව ය. ඔහු සමග මට ලොකු අතීතයක් නැත. අප දෙදෙනා සිටියේ එකම භූගෝල විද්‍යා පන්තියේය. එවකට ඔහු උපැස් පැළඳුවේය. මා නම් උපැස් පළඳින්නේ දැන් හෙයින් ඒ ගැන මම තදින් ම සිතමි. අඩුම ගානේ ඔහු මට විහිළු කරන එකක් නැහැ. යැයි මම මට ම කියාගත්තෙමි.

එකල වයසින් වැඩෙත් ම බොබ් අපේ ගෙදර එන්නට පටන් ගත්තේය. ඔහු මට පොත් පත් ගෙනැවිත් දුන් අතර මා සාදයන්ට ද ඇරලුවේය. නමුත් ඒ කිසිම විටෙක අප අතිනත පටලාගෙන හෝ නොතිබිණි.

බොබ් දැන් තනිකඩයෙකු බව ද විශ්‍රාමික බව ද මට කීවේ ඔහුගේ සොයුරියයි. ඒ වන විට මම දෙවසරක වැන්දඹුවක් වීමි. ඒ නිසා ඉදිරි දිනයන්ගේ සැඳෑවන් එකිනෙකා සමග ගතකිරීම ට බාධාවක් නොමැති බැව් අපි අවබෝධ කර ගතිමු. පළමු සන්ධ්‍යාවේ මා නිවස ට යාමට සූදානම් වන විට ඔහු මෙසේ කීවේය.“ඒයි.. ඔහොම ඉන්න.. මම ඔයාව කාර් එක ළඟට ඇරලවන්නම්…”

ඔහු මගේ අතකින් අල්ලා ගත්තේය. අපි රථ ගාල වෙත ආවෙමු. “මේ තියෙන්නෙ මගෙකාර් එක.” මෝටර් රියේ දොර අගුලු හරින අතර මම කීවෙමි. ඔහුට සිනාවක් පා රථයට ගොඩවන්නට හදත් ම ඊළඟ ඇසිල්ලේ ඔහු මා තමන් වෙත ට හරවා ගත්තේය. මෙසේ කෙඳිරුවේය. “ඉස්සර මම මේකට හුඟක් ලැජ්ජාවෙන් හිටියෙ.”ඔහු මෘදු ලෙස මගේ දෙතොල් සිප ගත්තේය.

පුදුමය සහ තිගැස්ම මසිත වෙළාගත්තේය. නමුත් ඔහුගේ දෙතොල්වල උණුසුම ආදරණීය බව මට පිළිගන්නට සිදුවිය. කාරය ට නැගෙන්නට පෙර මම ද ඔහුට හාද්දක් දුනිමි.

මගේ හද පොපියමින් තිබෙන බව නිවස වෙත රිය පදවාගෙන යන අතර මට දැනිණ. රාත්‍රිය පුරා ද ඒ අමුතු හද ගැස්ම එසේම විය.

ඊළඟ සැඳෑවේ පැරණි මිතුරන් ඇසුරෙහි කල් ගෙවන අතර ඔහු මෙසේ ඇසීය. “අපි අද රෑ නැටුමකට යමුද? මට තනියම යන්න පාළුයි. මට ඔයා ළඟ වාඩිවෙලා ඉන්න ඕනෙ.”

” පුදුමය සහ තිගැස්ම මසිත වෙළාගත්තේය. නමුත් ඔහුගේ දෙතොල්වල උණුසුම ආදරණීය බව මට පිළිගන්නට සිදුවිය. කාරය ට නැගෙන්නට පෙර මම ද ඔහුට හාද්දක් දුනිමි.

මගේ හද පොපියමින් තිබෙන බව නිවස වෙත රිය පදවාගෙන යන අතර මට දැනිණ. රාත්‍රිය පුරා ද ඒ අමුතු හද ගැස්ම එසේම විය. ”

දෙවසරකට පසු ප්‍රථම වරට එම රාත්‍රියේ මට ඇඳුම් පැළඳුම් ගැන අමුතුවෙන් සිත වෙහෙසන්න ට සිදුව තිබිණි. වැන්දඹුවක වීමෙන් පසුව කිසිවෙක් සමග මාගේ හද මෙතරම් ළඟින් බැඳී නොතිබුණා නේදැයි මම සිතන්නට පටන් ගතිමි. “ඔච්චර හිතන්න එපා.” මම මට ම කියාගත්තෙමි. සන්සුන් වීම ට උත්සාහ කළෙමි. නමුත් ඒ සන්සුන්කම රැඳී තිබුණේ ඔහු අනර්ඝ ස්ටෙට්සන් හැට් තොප්පියක් සහ කව්බෝයි බූට් සපත්තු පැළඳගෙන මා අබියස ට පැමිණෙන තෙක් පමණි. විශ්‍රාමලත් කාර්මික ඉංජිනේරුවෙකු වුවද ඔහු තවමත් හදවතින් තරුණයෙකු බැව් මම දැනගතිමි.

කුඩා කණ්ඩායම් සංගීතය සාදයේ ගුවනත සිසාරා රැව් දුන්නේය. ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬනැගී ආවේය. “උදේ කෑම 9.30 ට..කලින් ඇහැරෙන්න අවශ්‍ය නැහැ…”

“උදේ කෑමට මට ඉන්න ලැබෙන්නෙ නැති එක ගැන කණගාටුයි.” ගොපල්ලා මිමුණුවේය.

“ඇයි ඒ..? ඔයා ඉන්නෙ නැත්ද?”

“විිදිහක් නෑ. මගෙ ගුවන් යානය උදේ 10.30 ට. මම ඒ වෙලාවට ගුවන් තොටුපොළේ ඉන්න ඕනෙ.”

“අපරාදෙ..ඒක තමයි විනෝද ම කාලය” යැයි කීවද පසුතැවිල්ල නොපෙන්නවා සිටීම ට මම තීරණය කළෙමි.

එය වටහාගත්තා සේ ඔහු මා වෙත කෙළින් හැරී විනිවිද යන බැල්මක් හෙළුවේය. කොන්දේසියක් දැමුවේය. “මම යන්නෙ නැතිව ඉන්නවා, ඔයා අද දවස ම මාත් එක්ක ගත කරන්න පොරොන්දු වෙනව නම්..”

“හරි” මා සිතන්නට ත් පළමු මගේ මුවින් පිළිතුර පිටවී අවසන් ව තිබිණි. එහි අරුත වූයේ ඉරිදා දිනයක් වූ පසුදිනය සම්පූර්ණයෙන් ම ඔහු සමග ගතකිරීම ට මට සිදුවන බවයි.

ඔහු මා නිවසට ඇරලවූ පසු මම ඔහුට ගෙතුළට ඇරයුම් කළෙමි. මදක් සංලාපයේ යෙදීමෙන් පසුව ඔහු මාව තරයේ සිපගෙන සුබ රාත්‍රියක් පැතීය. මගේ සමාන ප්‍රතිචාරය ඔහු මහත් ප්‍රීතියෙන් පිළිගත් බැව් මට හැඟිණි. පසුදින අපි මගේ ප්‍රියතම නිවාඩු නිකේතනය වෙත ගියෙමු. එය තරමක් කාන්තාරබද පෙදෙසක පිහිටා තිබුණකි. මද වේලාවක් අතිනත පටලවාගෙන ඇවිදීමෙන් පසුව, වික්ෂිප්ත භාවයට පත් අප දෙදෙනාගේ ම මිතුරෙක් අප ඉදිරියේ සිටගෙන සිටියේය. “මොනවද ඔය දෙන්න අතර සිද්ධ වෙන්නෙ?” ඔහු කෙළින්ම ඇසුවේය. මම අසරණ ව බොබ් දෙස බැලුවෙමි. මා කුමක් කියන්නද..? අනෙක් අතට ඔහු කුමක් කියනු ඇත්ද?

“සහෝදරයා.., මේ ජීවිතේ මම ලැබුව සැහැල්ලුම දවස් ටික විඳිනවා…” යැයි බොබ් නොපැකිළ කීවේය. ජීවිතයේ මිහිරිතම පස් මසකට පසුව අපි විවාහ වීමු. එවිට අප දෙදෙනාගේ ම වයස අවුරුදු 63 බැගින් විය. මගේ ආදර කතාව ගැන ඔබට විවේචන තිබෙන්නට පුළුවන. නමුත් කවදත් මට අවශ්‍ය වූයේ මේ සිටිනා මට ආදරය කරනා සාමාන්‍ය මිනිසෙකි. බොබ් ද එවැනි ම ගැහැනියක සොයමින් සිටි බැව් මම දැන් දනිමි. එනිසා අපට අප ගැන විවේචනයක් නැත.

– නෝර්මා ග්‍රෝව්

Share

Recent Posts

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 hour ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

17 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

20 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago