කාලීන

මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මරණය කලින් දුටු ඉන්ජිනේරුවා

මියන්මාරයේ හටගත් හමුදා කුමන්ත්‍රණය සමඟ එරට පුරවැසියන් වීදි බැස උද්ඝෝෂණය කිරීම ආරම්භ කළේ ගිලිහී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින්.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සු කී ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකු ම හමුදා අත්අඩංගුවට පත්වූ අතර, මෙම සිදුවීමත් සමඟ රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමට වැඩිකලක් ගත නොවීය.

ලක්ෂ සංඛ්‍යාත මියන්මාර වැසියන් වීදි බැස උද්ඝෝෂණයේ නිරත වන අයුරු දක්නට ලැබේ.

මේ වන විට එම උද්ඝෝෂණ මර්දනය කිරීම මියන්මාර හමුදාව විසින් ආරම්භ කර තිබේ.

ඊයේ (28) දින පමණක් මෙම මර්දනයෙන් පුද්ගලයින් 18 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 30 දෙනෙකු වත් තුවාල ලබා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලය විසින් හෙලි කරයි.

ඒ අනුව, ඉකුත් පෙබරවාරි 01 වන දින සිට ආරම්භ වූ හමුදා කුමන්‍ත්‍රණයට එරෙහි දියත් වූ උද්ඝෝෂණ වලට එල්ල වූ ප්‍රහාර වලින් මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ.

මියන්මාරයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණයේ උච්ඡතම අවස්ථාවක් ඊයේ දින හට ගෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිම පුද්ගල සංඛ්‍යාවක් එක්දිනක් තුළ ජීවතක්ෂයට පත්ව තිබේ.

න්‍යි න්‍යි ඔංග් හ්ටෙට් නයිංග් යනු අන්තර්ජාල ජාලකරණ ඉංජිනේරුවකි. මියන්මාර උද්ඝෝෂණ වලට එල්ල වූ හමුදා ප්‍රහාර වලින් ඉකුත් ඉරු (28) දින ඔහු ජීවිතක්ෂයට පත්විය.

එහෙත් මාධ්‍ය වල වැඩි අවධානයක් ගනු ලැබුවේ ඔහු මියයාමට පෙර දිනයේ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.

කොපමණ දෙනෙකු මරණයට පත්වෙයිද? ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන්ව තිබුණේ එවැන්නකි.

#How_Many_Dead_Bodies_UN_Need_To_Take_Action

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා ක්‍රියාත්මක විය යුතු බවද ඔහුගේ සටහනේ දැක්වේ.

නයිංග් ජීවිතක්ෂයට පත්වූයේ යැන්ගොන් අගනුවර උද්ඝෝෂණ අතරවාරේදී ය. විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට හමුදාවේ මර්දනකාරී වැඩපිළිවෙළ දරුණුවටම ක්‍රියාත්මක වීම මේ වන විට ආරම්භ වී තිබේ.

මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී මියන්මාර හමුදාව ප්‍රතිචාරයක් දක්වා ද නොමැත.

කෙසේ වෙතත්, උද්ඝෝෂණ වලට එරෙහිව උපරිම හමුදා ක්‍රියාමාර්ග ගනු ඇති බවට මියන්මාර හමුදාව මීට ඉහත ප්‍රකාශ කර තිබිණි.

නයිංග් ගේ මරණය බොහෝ දෙනා අතර කතාබහට ලක්වූයේ තම මරණය පිළිබඳ පුරෝකතනය කළ තැනැත්තෙකු විසිනි. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ඇද දමමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයත් සමඟ රට තුළ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සමඟ මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාව කෙබඳුවේද යන්න ඔහු මිය යෑමට පෙර සමාජ මාධ්‍ය ජාල තුළ කළ අනතුරු ඇඟවීම මීට සාක්ෂියකි.

නයිංග් මරණයට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙනි. ඒ විරෝධතාකරුවන් එක්රැස් වන හ්ලෙඩන් හන්දිය අසලදී ය.

නයිංග් ට වෙඩි වැදුණු මොහොතේදීම ඔහුව රැගෙන රෝහල් ගත කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කළද එම උත්සාහ ව්‍යර්ත වී තිබෙන්නේ ඔහු ජීවිතයට සමුදීම නිසාවෙනි.

එක්සත් ජාතීන් ගේ සංවිධානය මියන්මාරය තුළ හට ගෙන ඇති තත්ත්වය දැඩි සේ හෙලා දැක තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙන්නේ මියන්මාර හමුදාව ජනතා පරමාධිපත්‍යයට ගරුකළ යුතු බවත් රට තුළ මතුවූ තත්ත්වය නිවැරදි කිරීමට වහා කටයුතු කළ යුතු බවත් ය.

එමෙන්ම, මීට එරෙහිව පෙළ ගැසෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ද පතන බව ඒ මහතා අවධාරණය කර තිබේ.

සාමකාමී විරෝධතා මර්දනය කිරීම කිසිලෙසකත් අනුමත කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.

ඊයේ දින පමණක් මියන්මාර හමුදා ප්‍රහාර වලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇත. හෙට දිනයේදී තවත් නයිංග් වැනි තරුණ තරුණියන් කී දෙනෙකු ගේ ජීවිත බිලිගනු ඇත්ද යන්න අවිනිශ්චිතය.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

12 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

15 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

24 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 days ago