කලා

හොඳම දේ අනාගත ලෝකයට !

‘ළමයි’ කියන සබ්ජෙක්ට් එක අල්ට්‍රා සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක්. අනාථ වෙන ළමයි , අනාථ වෙන්න නියමිත ළමයි, අසරණ දෙමාපියො මේ වගේ  එමෝශනල් කේස් පහුගිය දවස්වල ලංකාවෙ ලීඩින් නිව්ස් බවට පත් වුණා. ඔය කතාව නිසාම තමා baltimora මේ කතාව අද ලියන්නෙ. 

මොකද්ද මේ කතාව? තනි වචනෙන් කිව්වොත් මේක චැරිටි වැඩක් ගැන ස්ටෝරියක්.  ‘මසාකා’කියන්නෙ උගන්ඩාවෙ ගමක්. ඒ ගමේ නම මුල් කරගෙන තමා මේ වැඩේ සූනා හසන් කියන තරුණ කොල්ලා පටන් ගන්නෙ. අවුරුදු 2ත් 8ත් අතර අනාථ දරුවො රැක ගැනීමේ අරමුණෙන් හැදුණ වැඩක්. අනාථ ළමයි විසි පස්දෙනෙක් එක්ක තමා මේක පටන් ගන්නෙ. මේකෙ විශේෂ දේ තමයි මේ ළමයි එක්කහු කරලා මියුසිකල් ගෲප් එකක් හදනවා. ‘Masaka kids Africana’ කියල යූටියුබ් සර්ච් කළොත් උන්ගෙ වැඩ-කිඩ සෙට් එකක්ම බලාගත්තැහැකි. අප්‍රිකානු රටවල ඉන්න අනාථ දරුවො වෙනුවෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මකයි. අපිට උනත් උන්ගෙ වෙබ් එකට ගිහින් මුදලක් ඩොනේට් කරන්න පුළුවන්. 

හයක් හතරක් දන්නැති පොඩි උන් අම්ම අප්පා නැතුව හෝ ඇතුව අනාථ වෙන අවස්ථා ගොඩක් තියෙනවා. දරුණු යුද්ධවලින්, වසංගතවලින්, දුප්පත්කම නිසා ඒ වගේම ලිංගික අතවරවලින්  වගේ හේතු මේවට තියෙනවා. එහෙම අනාථ වෙන තනිවෙන පොඩ්ඩන්ගෙ ඊළඟ මොහොත මොකක් වෙයිද? අපි දන්නවා ලංකාවෙ පරිවාස, අනාථ මඩං වගේ ඔප්ශන්ස් හැදිලා තියෙනවා. හැබැයි මේ තැන් බොහොමයක් අමු අපායවල්. මල් උයන් වගේ තැනුත් නැතුව නෙවේ. හැබැයි ගොඩක් තැන්වල ළමයට ඉන්ඩ හිටින්ඩ වහලක් දෙනවා මිසක් ඉන්ඩිවිජුවලි ළමයගෙ සක්සස් එක පස්සෙ එළවනවා අඩුයි. උන්ගෙ මෙන්ටල්, ස්පිරිචුවල් , ෆිසිකල් හෙල්ත් එක ගැන අවංකව බලන තැන් ඇත්තටම නැති තරං. මේ කොච්චර ගැටීම් – වැටීම් උනත් ලංකාව නිතර ඩිසාස්ටර්ස්වලට මුහුණදෙන රටක් නෙවේ. 

ඇෆ්‍රිකන් සෝන් එක ගැන දකිද්දි මෙහෙ මොන ඩිසාස්ටර්ස්ද බ්‍රෝ? ෆුල්නස්තාර් වෙලා යන බෝම්බයි, භූමිකම්පායි, ගිනි කඳුයි, මිසයිල වැසියි මේ ඔක්කම එක්ක ඔට්ටු වෙද්දි පවුලක සාමාජිකයො රැකෙනවා කියන්නෙ පට්ට අමාරු වැඩක්. ඒ නිසා මේ රටවල අනාථ ළමයි බිහිවෙන්නෙ රංචු පිටින්. සිවිල් යුද්ධ, දුප්පත්කම, අතවර  ඒකට හේතු වෙනවා. කැලේට කොලේට හැදෙන අයාලේ යන කොලු කෙළි පැටවුන්ව දෙමාපියො අතාරින්නෙ දූවිල්ලක් ගසලා-බසලා දානවා වගේ. උන්ට තියෙන ලොකුම හේතුව දුප්පත්කම. හයිටි රටේ  කිරි මැටිවලින් හදන රොටි කියන්නෙ දුප්පත්කම විසින් නිර්මාණය කරපු ෆුඩ් එකක්. මැටි ගිලලා බඩගින්න නිවා ගන්න මිනිස්සු ඉන්න රටක පොඩි උන් තනිවෙන එක අහන්ඩත් දෙයක්ද? 

මේ ව්‍යසනේ දරා ගන්ඩ බැරිම තැන තමයි උගන්ඩාවෙ සූනා හසන් චයිල්ඩ් සිකියො වැඩ පිළිවෙළක් හදන්නෙ. ඒකෙ නම ‘මසාකා කිඩ්ස්  ඇෆ්‍රිකානා’. ඒ නම දහපාරක් කියවල මතක තියාගත්ත වටිනවා. සූනා හසන් කියන්නෙත් වීදි දරුවෙක් විදියට උස් මහත් වෙච්ච හාදයෙක්. තමන් පොඩි කාලෙ ලබපු ඩාක් එක්ස්පීරියන්ස් නිසා තමා කොල්ලක්ට හිතෙන්නෙ මේ වැඩේ පටන් ගන්ඩ. 

ඉතින් ඒ අනාථ පොඩි එවුන් හිනාවෙනවා. සතුටින් නටනවා. ඉපිලෙනවා. හීනයක් දකින්න අරමුණක් ගැන හරි උන් දැනුවත්.  තමන් අනාථයො කියලා හැපි හැපි ඉන්න උන්ට වෙලාවක් නෑ. සතුටුවෙන්නම ඒ වෙලාව ගෙවිලා ඉවරයි. සූනා හසන්, කියන්නෙ ෆිසිකලි වගේම මෙන්ටලි , ස්පිරිචුවලි මේ ළමයින්ව ගොඩනගන එක ප්‍රධානම අරමුණ කියලා. ඉතිං තමන්ගෙ අනාථබව එක්ස්කියුස් එකක් කරගෙන යැපෙන මානසිකත්වයෙන් මේ දරුවො නිදහස්. උන් තමන්ගෙ දක්ෂකං අත්හදා බලනවා.  කොච්චර අප්ඩේට්ද කියනවානං ඊයෙ පෙරේදා නෙට්ෆිල්ක්ස් එකේ පොපියුලර් වෙච්ච ස්කුයිඩ් ගේම් සීරිස් එකේ ඩාන්සින් ඇක්ට් එකක් පවා උන් නිර්මාණය කරගෙන තියෙනවා. අනාථයො, අපතයො ගගා ගරහන් නැතුව ළමයි වෙනුවෙන් කරනවා නං මෙව්ව තමා වැඩ.  

ළමයින්ව මරන්නැතුව ටොයිලට් එහෙක හරි තියලා යන්නෙ අපි  උඹලා වගේ නොදන්නා මිනිස්සු දහස්ගානක් විශ්වාස කරලා කියලා හිතුවොත්?  සූනා හසන් කියන්නෙ එහෙම හිතපු මිනිහෙක්. බැරියර් නැතුව අත් දිගෑරපු මිනිහෙක්. මොළයක් නැතුව පොඩි උන් ආම්බාන් කරන්න බෑ. හොඳම දේ ළමයින්ට දෙනවා කියන්නෙ මෙන්න මේ වගේ දෙවිලිවලට !

BALTIMORA

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

26 mins ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

58 mins ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

15 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

19 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

23 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago