කාලීන

ප්‍රශ්නය හාදුව නොවුණත් – ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි!

දින කිහිපයක් පරණ පුවතක් යැයි එකවරම හැඟී යා හැකි නමුත් මේ නාටකය තවම අවසන් නැත. ලංකාවේදී නම් සෞඛ්‍ය ඇමතිකමකට සමාන බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්කම අවසානයේ හාද්දක් නිසා ඔහුට අහිමි වුණා පමණක් නොව, දරු තිදෙනෙක් සහිත වසර 15 ක විවාහ දිවිය ද අහිමි වීමේ අවදානමක් මේ වන විට හටගෙන තිබේ.

මෙයට වසර කිහිපයකට පෙර YouGov poll ආයතනය විසින් බ්‍රිතාන්‍ය මහජනතාව අතර සමීක්ෂණයක් සිදු කළේය. එයින් හෙළි වුණේ බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් අතරින් සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවයි. නියැදියෙන් 1/3 ක්ම කීවේ තමන් ‘ඒ ගැන සිතා බලා ඇති බව’ යි. ‌මේ අතර යේල් සරසවියේ විශ්ලේෂණයකින් කියැවුණේ  එසේ තිබියදීත් බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 76%ක්ම එසේ කිරීම ‘වැරදියි’ යැයි සිතන බවයි. ඔව්! පුදුම වන්නට දෙයක් නැත. ඔවුන් අයත් වන්නේ ලංකාව ඇතුළු යටත් විජිතවලටත් 19 වන සියවසේ නීති හරහා වික්ටෝරියානු සදාචාරය පොම්ප කළ පරම්පරාවට ය. අදටත් ලංකාව වැනි රටවල් සදාචාරය සහ පුද්ගලික නිදහස පිළිබඳ වික්ටෝරියානු සදාචාර අපරාධ නීතිවලින් බැට කද්දී උත්ප්‍රාසය වන්නේ බ්‍රිතාන්‍යයටත් තීරණාත්මක මොහොතක එයම සිදුවීම ය.

මැට් හැන්කොක්ගේ බිරිඳ මාර්තාට අනාචාරයේ හැසිරීම මත ඔහුව අත්හැර දැමීමට දැන් උවමනාවටත් වඩා හේතු තිබේ.

මැට් හැන්කොක් සිය බිරිඳ මාර්තා සමග

ප්‍රශ්නය හාද්ද නොවේ!

සියලු වෘත්තිමය ආචාරධර්මවලට විරුද්ධ වෙමින් තමන් ගේ සහායිකාවක ලෙස කටයුතු කරන ජීනා කොලාඩන්ග්ලෝ සමග අනියම් සබඳතාවක් පවතින බව සනාථ කිරීමට බ්‍රිතාන්‍යයේ ‘ද සන්‘ වැනි ගොසිප් පත්තරවලට එක CCTV වීඩියෝවක් පමණක් සෑහුණේය. නමුත් සැබෑ ප්‍රශ්නය වුණේ සිප ගැනීම හෝ බර හාද්ද නොවේ. එසේ හැසිරෙන්නේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් වීම ය. මුළු බ්‍රිතාන්‍යයම තුන්වැනි කෝවිඩ් රැල්ලක් ගැන බියෙන් සහ චකිතයෙන් පසු වෙද්දී මැට් හැනොක් මීටරය මිලි මීටරයට අඩු කරගෙන තිබීම ලංකාවේදී කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේදී නම් බරපතළ දේශපාලන අර්බුදයකි.

‘ද සන්’ පුවත්පතට අනුව මැයි 6 වැනිදා මැට් හැනොක් මෙසේ හැසිරී තිබෙන්නේ තමන්ගේ පුද්ගලික තැනක නොවේ. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ සේවා අමාත්‍යාංශයේ මූලස්ථාන ගොඩනැගිල්ල තුළදී වීම ය. වෙනත් වචනවලින් කියන්නේ නම් තමන්ගේ නිල කාර්යාලය තුළදී ය. හාද්ද, සිප ගැනීම හෝ කායික සබඳකම් පවත්වන්නන් අතර සමාජ දුරස්ථභාවයක් නොපැවතීම අරුමයක් ‌හෝ ප්‍රවෘත්තියක් ‌නොවුණත් සිද්ධිය බරපතළ වන්නේ ඒ නිසා ය. මෙවැනි මහජන ගොඩනැගිලි තුළ සිප ගැනීම පමණක් නොව වැළඳ ගැනීම ද කෝවිඩ් රීති අනුව තවම තහනම් ය. තමන් සමග ජීවත් නොවන අය සමග මීටර 2 ක පරතරයක් බ්‍රිතාන්‍ය යේදී පවත්වාගැනීම අනිවාර්ය ය. කෝවිඩ් වසංගතයට බිලි වී පවුලේ සාමාජිකයෙක් මිය ගිය අවස්ථාවකදී එම අවමංගල්‍යයට සහභාගි වන්නවුන්ට ශෝකය බෙදා ගැනීම සඳහාවත් එකිනෙකා වැළඳ ගැනීම බ්‍රිතාන්‍යයේ තහනම් ය.

මුලින්ම පෙනෙන්නට තිබුණේ මැට් හැනොක්, අපේ දියවන්නාවේ සිටින ජාතියේ පුතෙකු බවයි. කියන දේ නොකරීමේ දේශපාලන ආප්තය/ප්‍රස්ථාව පිරුළ (පොලිටිකල් මැක්සිම්) ගුරුකොට ගත් අයෙකු බවයි.

මෙයට සති කිහිපකට පෙර මැට් හැන්කොක්, සමාජ දුරස්ථකරණය ගැන ඇසූ විට ප්‍රසිද්ධියේ මෙසේ කීවේය.

”වැළඳ ගැනීමේ නීතිමය තත්වය ගැනයි ඔබ අහන්නෙ…. ජනතාව එන්නත් දෙකම ලබාගෙන තිබෙන විට ඒක ඉතාම ආරක්ෂිතයි. නමුත් ඉතාම සමීපයෙන් වැඩි වේලා ගත කිරීම නොකළ යුතු දෙයක්. මොකද හොඳට වාතාස්‍රය ලැබීම වැදගත්. අපි හැම කෙනෙක්ම පුද්ගලික වගකීමක් ගන්න අවශ්‍යයි…”

එදා එසේ කියා මෙදා මෙසේ හැසිරුණු මැට් හැන්කොක් මුලින්ම දියවන්නාවේ ක්‍රමයට හැසිරෙමින් ‘වෙරි සොරි’ යැයි කිව්වේය.  ‘‘මම සමාව ඉල්ලුවනෙ ඉතින්.. දැන් ප්‍රශ්නෙ ඉවරයි‘‘ වැනි විලාසයකින් සිටියේය. මේ ජාතියේම පුතෙකු වන අගමැති බොරිස් ජොන්සන් එම සමාව පිළිගෙන ‘ප්‍රශ්නය දැන් ඉවරයි’ යැයි කීවේය. ඩොමිනික් කමින්ස් සිද්ධියේදී ද ඔහු හැසිරුණේ මෙසේ ම ය. ලොක්ඩවුන් අතරවාරයේ සිය දෙමාපියන් බැලීමට ඩර්හැම් බලා සැතපුම් දෙසිය ගණනක් ගොස් තිබූ ඩොමිනික් කමින්ස් ව රැක ගැනීමට බොරිස් ජොන්සන් විශාල වෙහෙසක් ගත්තේය. ‌

BBC

නමුත් අවසාන‌යේ වෙස්මිනිස්ටර් යනු, දියවන්නාවට වඩා තවත් වෙනස් බව තහවුරු කරමින් ඩොමිනික් කමින්ස්ට මෙන්ම මැට් හැනොක්ට ද ඉල්ලා අස්වන්නට සිදු විය. තමන් කෝවිඩ් රීති කඩ කළ බව අවසානයේ ඔහු පිළිගත්තේය. කියන දේ නොකිරීම, වෙස්මිනිස්ටර් දේශපාලනයේදී බරපතළ ගැටළුවක් බව අවසානයේ ඔහුට පිළිගන්නට සිදුවිය.

මීට හය මාසයකට පෙර වැටුප් නොලබන උපදේශිකාවක ලෙස සේවයට බඳවා ගත්‍ෙසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම විධායක ධුරයකට උසස් කළ සිය විවාහක ඔක්ස්ෆර්ඩ් සරසවියේ මිතුරිය නිසා අවසානයේ 42 හැවිරිදි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාගේ සකල දේශපාලන ජීවිතයම වැසී යන්නේ වසංගතයක් මැද්දෙන් දුන් හාදුවක් නිසා ය. මෙයට අමතරව මෙම පත්වීමේ විනිවිදභාවය ද දැන් ප්‍රශ්න කෙරෙමින් තිබේ. ජීනාව විධායක සේවයට බඳවා ගෙන තිබෙන්නේ පවුම් 15,000 ක වැටුපකට ය. ඒ වැටුප වෙනුවෙන් ඇය සේවය කළ යුතුව තිබුණේ මුළු අවුරුද්දටම දින 15-20 පමණි.

ජීනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට බඳවා ගත් අලුත

කවුද කොන්සවේටිව්?

මැට් හැන්කොක් ගැන ලේබර් පක්ෂයේ ෂැඩෝ සෙකට්‍රිවරයෙකු වන ඉයන් මරේ කදිම කතාවක් කී‌වේය. ඔහු පැවසුවේ මැට් හැන්කොක්ගේ දෛවය තීරණය කළේ කොන්සවේටිව් හෙවත් සම්ප්‍රදායික මතයන් සහිත ටෝරි පාක්ෂිකයන්ගේ ‘ගජමිතුරු සේවනය’ නිසා බවයි. ඒ මිස දේශපාලන සතුරන්ගේ ගර්හාව නිසා නොවන බවයි. මෙය කදිම හතරබීරි කතාවකි. මැට් හැන්කොක්‌‌ගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් කීවේ කෝවිඩ් රීති සම්බන්ධයෙන් පැටලීමක් තිබෙන නමුත්, එය ඔහුගේ පුද්ගලික කාරණයක් වන බවයි. මෙයට සමාන අදහස් තවත් දේශපාලකයන් කිහිප දෙනෙක් විසින් ද පළ කර තිබිණි. හාදුව පුද්ගලික කාරණයක් ය ප්‍රගතිශීලී මතය ඔවුන් දරණ බව පෙනෙන්නට තිබිණි.

නමුත් අවසානයේ ලේබර් විපක්ෂය දැඩි සේ ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි අතර, මැට් හැන්කොක්ට එයට අවනත වන්නට සිදුවිය.

මේ සිදුවීම මාධ්‍ය වශයෙන් අප දැකිය යුත්තේ ‘අන්න සෞඛ්‍ය ලේකම් හොරා කාල අහුවෙලා” හෝ ‘හාද්දක් නිසා වැඩ වැරදිලා’ වැනි වැනි කුණු රසයකින් යුතු උද්‍යෝගයකින් නොවේ. ‌මේ කතාව සැබවින්ම හාදුවක් නිසා වැඩ වැරදුණු සෞඛ්‍ය ලේකම් ගැන නොවේ. කෝවිඩ් වසංගතයේ තුන්වැනි රැල්ල අතරතුර වසංගතය වෙනුවෙන් තීරණාත්මක වැඩකොටසක් ඉටු කිරීමට භාරව සිටි සිය සෞඛ්‍ය ලේකම්වරයාව හාද්දක් නිසා ගෙදර යවන්නට බ්‍රිතාන්‍යයට සිදුවීම ගැන ය.

Share

Recent Posts

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

7 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

9 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

14 hours ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

14 hours ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

14 hours ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

14 hours ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

1 day ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

1 day ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago

ABC පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානිට මොකද වුණේ?

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…

2 days ago

ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු වෙයි!

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…

2 days ago

මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…

2 days ago

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…

2 days ago

උණුසුම් කාලගුණය නිසා ළමයින් මි. 33කට පාසල් අහිමි වෙලා!

සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…

2 days ago

එක්සත් ජනපද විශ්ව විද්‍යාල පුරා “යුදෙව් විරෝධී වෛරසයක්”; ශිෂ්‍ය පෙළපාලි මර්දනය කෙරේ

සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.

3 days ago