කාලීන

ලෝකය පුරා ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණයෙන් ඉවත් කරයි

විශේෂයෙන්ම කැනඩාව නවසීලන්තය ඇතුලු යුරෝපීය ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන් ගේ ගීත ප්‍රචාරණයෙන් වැලකී සිටීමට පියවර ගෙන ඇත. මෙම හදිසි තීරණයට හේතුව වූයේ පසුගියදා ඔහු පිළිබදව නිර්මාණය වූ වාර්ථාමය චිත්‍රපටයක අඩංගු වූ ඔහු කෙරේ වී විවේචනයක් හේ තුවෙනි.
ලෝකයේ සුප්‍රසිද්ධම ගායකයෙකු ලෙස තවමත් ජනතාව අදහමින් සිටින ඔහුගේ ජීවිත කථාව පිළබද මෙම වාර්ථා චිත්‍රපටයේදී ඔහු විසින් සිදු කළ ළමා අපයෝජනයන් සම්බන්ධව විසතරාත්මකව දක්වා තිබූ අතර වේඩ් රොබ්සන් සහ ජේම්ස් සෙෆ්සන් නම් තරුණයන් දෙදෙනා එම වාර්ථා චිත්‍රපටය තුළ පවසන්නේ මයිකල් ජැක්සන් විසින් තමන්ව සිය වරකට වැඩි වාර ගණනක් අපයෝජනය කර ඇති බවයි.

නවසීලන්තයේ හරි අඩකටත් වඩා වැඩිම පිරිසක් විසින් සවන් දෙන ගුවන් විදුලි නාලිකාව විසින් මුලින්ම මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණය නවතා දැමූවේය. එහි හිමිකාරීත්වය පවසා ඇත්තේ එය සංස්කාරක මණ්ඩලයේ තීරණයක් බවයි.

ඊට අමතරව නවසිලන්තයේ තවත් පෞද්ගලික ගුවන් විදුලි ගණනාවක් විසින් මයිකල් ජැක්සන්ගේ ගීත සිය ගීත දරශක වලින් ඉවත් කර ඇත.

කැනේඩියානු ගුවන් විදුලි CKOI සහ Rythme ආදී සුප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකා විසින් මෙසේ මයිකල් ජැක්සන්ගේ ගීත ඉවතට දමා ඇත. ඒ හැරුණ විට තවත් නාලිකා 23ක් විසින් මෙම ක්‍රියාමාර්ගයම ගනු ලැබීය. ඔවුන් බොහෝමයක් දෙනා පවසන්නේ සිය ශ්‍රාවකයන්ගේ ඉල්ලීමට තමන් කන් දුන් බවයි.

ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ BBC Radio 2 ගුවන් විදුලි සේවය විසින් ද නිහඬවම ඔහුගේ ගීත සිය ගීත දර්ශකවලින් ඉවත් කර ඇති බව ය. කෙසේ නමුත් මයිකල් ජැක්සන්ගේ ගීත ඔවුන් විසින් තහනම් කර ඇති බව එයින් අදහස් නොවේ.


පැය 4 ක් පුරා දිවෙන Leaving Neverland නම් මෙම වාර්ථා චිත්‍රපටය මයිකල් ජැක්සන් නැමති අති දක්ෂ ගායකයා පිළිබදව ජනතාව වෙත තිබූ සියළු ආදරය මෙන්ම ගරුත්වයද එක් රාත්‍රියක් තුළ බිද දමන්නට සමත් විය. නමුත් ඇතැම් රසිකයන් පවසන්නේ වාර්ථා චිත්‍රපටය සත්‍ය්‍යක්ම විය නොහැකි බවයි.

එහිදී වේඩ් රොබ්සන් (වමේ) සහ ජේම්ස් සේෆ්චක් (දකුණේ) විසින් කියා සිටියේ තමන් මයිකල් ජැක්සන් විසින් අපයෝජනයට ලක් කළ බවයි.

වේඩ් සහ ජේම්ස් අධ්‍යක්ෂවරයා (මැද) සමග

‍ලීවින් නෙවර්ලන්ඩ් Leaving Neverland නමැති මෙම වාර්තා චිත්‍රපටය ඩෑන් රීඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. කොටස් ‍දෙකකින් යුත් එහි ප්‍රධාන වශයෙන් වින්දිතන්ගේ කථාන්දරය අන්තර්ගත වේ.

මෙහිදී වේඩ් සහ ජේම්ස් පවසන්නේ තමන් ඔහුගේ දැඩි රසිකයන් වූ බව සහ, මයිකල් ජැක්සන්ට අයත් නෙවඩා මන්දිරයේ තමන් කලක් ජීවත් වූ බවයි. එම නෙවඩා මන්දිරය ප්‍රකටව තිබෙන්නේ මයිකල් ජැක්සන්ගේ ‘නෙවර්ලන්ඩ්‘ යනුවෙනි.

පොප් රජු තමන්ව වයස අවුරුදු හතේදී අපහරණයට ලක් කිරීම ඇරඹූ බව වේඩ් පවසන අතර, ජේම්ස් පවසන්නේ තමන් වයස අවුරුදු 10 දී ඔහු වෙතින් අපහරණයට ලක්වීම ආරම්භ වූ බවය. ජේම්ස් ළමා නළුවෙකු වශයෙන් එකල ජනප්‍රියත්වයක් ඉසිළූ අයෙකි.

පැය 4 කින් යුත් මෙම වාර්තා චිත්‍රපටය “horror film” එකක් ලෙස විචාරකයෝ හඳුන්වා දෙති. එහිදී කුඩා දරුවෙකු සමග ලිංගික ක්‍රියාවල නිරත වීම සඳහා මයිකල් ජැක්සන් එම දරුවාට වටිනා ආභරණ ආදිය ලබාදුන් සිදුවීමක් ගැන ද සඳහන් වේ.

මයිකල් ජැක්සන් ලොව පුරා පොප් ගීත රසිකයන් විසින් මහත් ආදරයෙන් සලකනු ලබන අමරණීය චරිතයකි. කෙසේ නමුත් ඔහු කුඩා දරුවන් සමග කල් ගත කිරීමට ප්‍රිය කළ බවද නොරහසකි. ඔහුට විරුද්ධව කලින් කලට ලිංගික අපයෝජන චෝදනා නැගේ. මේ අතර මයිකල් ජැක්සන් ද කුඩා කල සිය පියා වෙතින් අපහරණයට ලක්වූ දරුවෙකු බව ද නොරහසකි.

පොප් රජු මයිකල් ජැක්සන් ඖෂධ විෂවීමක් හේතුවෙන් 2009 වසරේ අකාලයේ මරණයට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50 කි. ඔහු දැඩි සේ ප්ලාස්ටික් සැත්කම්වලට සහ ඖෂධ සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු ලෙස ප්‍රකට ය.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

20 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

22 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

22 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

23 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago