කාලීන

සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරුවන්ගෙන් 2/3 ක් මන්දපෝෂණයේ – යුනිසෙෆ් සංවිධානය

ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියානු රටවල් වැඩි වශයෙන් මෙම තත්වයට මුහුණ පා සිටියි.

ගතවූ දශකයක කාලය තුළ මේ තත්වය වැඩි දියුණු කිරීමට කිසිදු උත්සාහයක් සමත් වී නැති අතර, ගෝලීය කෝවිඩ් වසංගතය තුළ තත්වය තවදුරටත් නරක අතට හැරීම පමණක් සිදුව තිබේ.

ඊයේ දිනයේ යුනිසෙෆ් සංවිධානය විසින් පළ කළ නවතම වාර්තාවේ දැක්වෙන අන්දමට කෝවිඩ්-19, යුද්ධ හා අරගල සහ දේශගුණික හදිසි විපත් විසින් ලෝකයේ රටවල් 91 ක ළදරුවන්ගේ අත්‍යාවශ්‍ය පෝෂණයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

එම වාර්තාවට අනුව,

එම රටවල් 91 හි මාස 6 සිට 23 දක්වා වන  දරුවන්ගෙන් භාගයකට, දෛනික ආහාර වේල් ගණන පවා ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැත.

ඔවුන් අතරින් ද, ලැබිය යුතු අවම පෝෂණය සහිත ආහාර වේලක් ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.

දුප්පත් ආහාර වේල් හේතුවෙන් පාසල් යාම ඇතුළු අධ්‍යාපන කටයුතු අඩාල වීම, වඩාත් දුර්වල අය ලෙඩ රෝගවලට ගොදුරු වීම සහ මන්දපෝෂණයේ ප්‍රතිඵලවලට ලක් වීම බහුල වශයෙන් සිදු වේ.

වයස අවුරුදු 2 ට අඩු ළදරුවන් මිලියන 11 ක් දෙනා මේ වන විට පෝෂණ ඌනතා හේතුවෙන් ඇති වන දුර්වලකම්වලට මුහුණ පා සිටිති.

බ්‍රිතාන්‍යයේ පවා ළමා දරිද්‍රතාවය වැඩි වෙලා!

බ්‍රිතාන්‍යය තුළ ළමා දරිද්‍රතාවය කෝවිඩ් වසංගතයත් සමග වැඩි වී තිබෙන්නේ, පෝෂණය කේන්ද්‍රකරගත් වැඩසටහන්වලට ලබාදෙන ආධාර කපාහැරීම නිසා බව සේව් ද චිල්රන් සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ නමුත්, බ්‍රිතාන්‍යය පවසන්නේ ඉදිරි වසර 5 ඇතුළත මේ ප්‍රශ්නය වෙනුවෙන් පවුම් මිලියන 600 ක් වැය කර දරුවන් මිලියන 50කට ආධාර කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

මේ අතර, ජගත් සංවිධානයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලෝක සමුළුව (UN’s food security summit) හෙට දිනයේ (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිත ය.

 

Share

Recent Posts

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

3 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

6 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

7 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

7 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

21 hours ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

23 hours ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

1 day ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

1 day ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

1 day ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

1 day ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago

2024 දී කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රවයන්ගෙන් ලෝකයේ වඩාත්ම ආපදාවට ලක් වන කලාපය ලෙස ආසියාවයි

ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…

2 days ago

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් චීනයේ තෙදින සංචාරයක

දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…

2 days ago