ලොව යන අත

යම රජු පිනවා – නළලේ තිලකෙ තියා – නේපාලය සමරන ‘සුනඛයන්ගේ දිනය‘

 ඒ වගේම සුනඛයා තරම් තමන්ගේ ස්වාමියාට පක්ෂපාත, ආදරය කරන තවත් සතෙක් මේ ලෝකයේ නැති බවටත් කිසිම තර්කයක් නෑ.

බුදුන් උපන් නේපාලය පසුකාලීනව නොයෙක් ඇදහිලි ක්‍රමවලින් වෙළී ගිය බව හැම කෙනෙක්ම දන්නා කාරණයක්. හින්දු ආගම පසුකාලීනව නේපාලයේ ප්‍රධාන ආගම බවට පත් වෙනවා. ඒ වගේම විවිධ ඇදහිලි සහ විශ්වාස ක්‍රම නේපාල ජන සමාජය වෙළා ගන්නවා… ඒ විශ්වාසයන්ගෙන් සමහරක් අදටත් ඒ ලෙසටම පැවතගෙන එනවා. සුනඛයන් සහ මේ විශ්වාසයන් අතර තිබෙන තවත් සම්බන්ධයක් ගැනයි, මේ ලිපියෙන් ඔබට කියන්නෙ.

නේපාලය හැම අවුරුද්දකම ‘සුනඛයාගේ දිනය‘ක් සමරනවා. ඒක දින පහක උත්සවයක්. උත්සවයේ නම ‘තිහාර්“. කුකුර් තිහාර් කියලත් මේකට කියනවා.

මේ උත්සවයේදී සුනඛයන්ගේ නළලේ රතු පාටින් තිලකයක් තියනවා. ඒ තිලකයට කියන්නේ ‘ටිකා‘ කියලයි.

@PAPPU_THE_PUG_NEPAL

ඒ විතරක් නෙවෙයි, තිහාර් උත්සවයේදී හැම සුනඛයෙකුටම මල් තෑගි දෙනවා. උන් කන්නට කැමතිම රසවත් කෑමත් ලබාදෙනවා. මස්, මාළු, කිරි, බිත්තර වගේ රස කෑම ලැයිස්තුවක් මේකට අයත්.

මේ සැලකිලිවල පදනම, අර කලින් කිව්ව වගේ හින්දු ආගමේ බලපෑමක්. හින්දු ආගම අනුව සුනඛයා කියන්නෙ යම රජුගෙ පණිවුඩකරුවා. යමරජ්ජුරුවො කියන්නෙ මරණයේ දෙවියන් බවට හැම සංස්කෘතියකම පාහේ විශ්වාස කෙරෙනවා. ඒ නිසා සුනඛයන්ව තරහ කරගන්න නරකයි. එහෙම වුණොත් යම රජ්ජුරුවො තමන් එක්ක කෝප වෙනව කියල නේපාල ජාතිකයො විශ්වාස කරනවා. යම රජුව සතුටු කිරීමේ අරමුණින් තමයි, මේ විදිහට සුනඛයන්ට සුර සැප දෙන්න ඔවුන් උත්සුක වෙන්නෙ.

SUMNIMA UDAS

සමහරු මේ උත්සවය ඉන්දියාවෙ දීපවාලි උත්සවයට සමාන කරනවා. දීවාලි, එහෙමත් නැතිනම් දීපවාලි උත්සවය (ආලෝක උත්සවය) පවත්වන්නෙත් මේ උත්සවය පවත්වන කාල වකවානුවෙදිම තමයි.

තමන්ගෙ ගෙදර ඇති දැඩි කරන සුනඛයන් විතරක් නෙවෙයි, පාරෙ අයාලේ යන සුනඛයන්ටත් මේ දවස්වල මේ විශ්වාසයන් නිසා සුර සැප ලැබෙනවා. බළලුන්ටත් මේ වාසනාව හිමිවෙන අවස්ථා නැතුවාම නොවෙයි.

UMID POKHAREL

KELSANG ONGMU TAMANG

මේ උත්සවය වෙනුවෙන් නේපාල ජාතිකයො බොහොම උනන්දුවෙන් ලක ලැහැස්ති වෙනවා. ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල්, මිදුල ආදිය විශේෂයෙන් අමදිනවා. සුද්ද පවිත්‍ර කරනවා. ගෙදර පුරාම පහන් දල්වනවා. මේ ක්‍රමය මගින් ධනයට අධිපති ලක්ෂ්මී දේවතාවියගේ බැල්ම තමන්ට ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා.

@PAPPU_THE_PUG_NEPAL

@DHARMAADVENTURES

ලක්ෂ්මී දෙවඟනට යාඥා කරන්නටත් ඔවුන් අමතක කරන්නේ නැහැ. තමන්ගේ නිවසට ඇවිත්, ආශිර්වාදය ලබාදෙන්න කියල ඔවුන් ලක්ෂ්මී දේවතාවියගෙන් ඉල්ලා සිටිනවා.

ඡායාරූප – මෙම උත්සවයේදී සුනඛ හිමිකරුවන් විසින් සමාජ ජාල වෙත එක් කරන ලද ඡායාරූප වේ.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

7 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

15 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

16 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago