කාලීන

පුතුගේ ඝාතනයට යුක්තිය සෙවූ ගංගා මායා

නේපාලයේ ගංගා මායා අධිකාරි (Ganga Maya Adhikari) පසුගිය දිනවල පුවත්පත් ශීර්ෂපාඨ මවමින් සිටියේ සිය පුතාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් මිය යන බව කියමින් පුරා දින 47 ක් බිර් රෝහලේ නිරාහාර උපවාසයක (a fast-unto-death) නිරත වී සිටි නිසා ය. මීට පෙර ද ඇය අවස්ථා ගණනාවක මෙවැනි නිරාහාර උපවාසවල නිරත වී සිටි අතර ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය.

Ganga Maya Adhikari

අවසානයේ එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ චබිලාල් පවුදෙල් නමැත්තා සිය වරද පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර විය. මේ වන විට ඔහු ව නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ක්‍රිෂ්ණන් ප්‍රසාද් අධිකාරි නම් වූ ගංගා මායා අධිකාරිගේ පුත්‍රයා ඝාතනයට ලක් වූයේ මෙයට වසර 14කට පෙර 2004 වසරේදී ය. සිය පුත්‍රයාගේ ඝාතකයන් සොයා දෙන ලෙස රජයෙන් කළ ඉල්ලීම් සියල්ලම ගඟට කැපූ ඉණි බවට පත්වෙද්දී 2013 වසරේදී ඇය සහ ඇගේ සැමියා වූ නන්ද ප්‍රසාද් අධිකාරි යන දෙදෙනාම එක්ව බාලුවතාර් හි පිහිටා ඇති අග්‍රමාත්‍ය නිල නිවසේදී නිරාහාර උපවාසය ආරම්භ කළහ. පසුව ඇගේ සැමියා නන්ද ප්‍රසාද් අධිකාරි මාස 11කට පසු උපවාසය හේතුවෙන් ම මරණයට පත් විය.

Fast-unto-death | Nanda Prsad & Ganga Maya

නන්ද ප්‍රසාද් අධිකාරිගේ මරණය නේපාල රජයට බරපතළ මානව හිමිකම් චෝදනා එල්ල වීමට හේතු විය. සිය ආදරණීය පුත්‍රයාට යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් සිය සැමියා නිරාහාරව මිය ගිය විට ගංගා මායා අධිකාරි තීරණය කළේ තමන් ද නිරාහාරවම මිය යා යුතු බව ය. නේපාල ආණ්ඩුව පොරොන්දු ඉටු කරන තෙක් ඇය සිය සටන අත්හැරියේ නැත. මේ නිසා ගංගා මායා අධිකාරි, නූතන මානව හිමිකම් ක්ෂේත්‍රයේ ගෙන ගිය අරගලය නේපාල ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවෙනු ඇත.

නේපාල රජය ගංගා මායා අධිකාරි හට නේපාල රුපියල් මිලියන 10 ක වන්දි මුදලක් ද ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මෙය මුලින්ම තීරණය වූයේ 2013 වසරේදී වුවත් එය සිදුවුණේ නැත. මේ අනුව ප්‍රමාද ගාස්තුවක් වශයෙන් ඇගේ නමට නේපාල කෘෂිකර්ම සංවර්ධන බැංකුවේ ඇති ගිණුමට පොලිය වශයෙන් නේපාල රුපියල් 19, 63,000 ක් ද බැර කිරීමට රජය මේ වන විට ක්‍රියා කර තිබේ. නේපාල රජය වගවීම ප්‍රකට කළ අවස්ථාවක් වශයෙන් ද මෙම සිදුවීම ඉතිහාසයට එක්වනු ඇති.

 

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

5 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

14 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

14 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago